kohomada kiyanne 100% sure kiyala. testing karalada use karanna ganne?
අපේම පොල් වේලීම, කැබලි කිරීම කරන්නේ අපි. ඇඹරීම විතරයි පිට තැනකින් කරන්නේ. අපේ අතින් සිදුවන ප්රොසෙස් එකේදී වසක් /විසක් එකතු වෙන්නේ නෑ කියන එක 100 % ෂුවර්. (ඇෆ්ලටෝක්සින් ඇතුළු විෂ ගැන හදාරා ඇත.) එතකොට අඹරන තැන දී විතරයි විසක් එකතු වෙන එකම තැන. අපි පොල් අඹරන තැන පිට අයගේ පොල් අඹරන්නේ නෑ එයාලගෙම පොල් එකතුවක් තියන නිසා. (යාලු ෆිට් එකට අපේ පොල් ගන්නවා). රැන්ඩම් සාම්පල් දෙකක් චෙක් කරගෙනත් තියනවා. ළඟදීම කොප්පර අඹරන වැඩෙත් අපිම කරගන්නවා. මේවා කරද්දී කියන තරම් ලේසි නෑ. ඒත් උවමනාව, කැපවීම තියනවා නම් ඕන කෙනෙක්ට වැඩේ ගොඩදාගන්න පුළුවන්.
පොල් වේලන්න අව්වේ දාල තියෙද්දී සමහර එවුන් නෝන්ඩියට අහනවා "අපෝ පොල් තෙල් වලට ඔච්චර කරදර වෙන්නේ ඕනේ නෑ, කඩෙන් ගත්ත නම් ඉවරයිනේ කියල". උන්ට මම වැඩිය කියන්න යන්නේ නෑ. " අපිට එච්චර මොලේ පැදිලා නෑනේ " කියල උන්ගේ ආතල් එක උන්ට ගන්න දෙනවා.

