ගෙදර-ලයිට්-වතුර-බිල්-කිල්-බිල්-වගේ කිල් කර&#35

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගෙදර-ලයිට්-වතුර-බිල්-කිල්-බිල්-වගේ කිල් කර&#35

    ගෙදර ලයිට් වතුර බිල් කිල් බිල් වගේ කිල් කරන්න මේ පහසුම ක්‍රම මඟහරින්න එපා!

    “එන්න එන්න බිල් වැඩි වෙනවා, පාවිච්චි කරන දේකුත් නෑ… අනේ මන්දා මොනවා කරන්නද” කියලා හුඟක් වෙලාවට ගෙවල් වලින් ඇහෙන මේ කතාවට අනිවා අපි පොඩි විසඳුම් ටිකක් අරන් ආවා. නිකම්ම බිල් වැඩි වෙන්නෙ නෑ. ඔබ නොහිතන වගේම ඒ තරම් ගණන් ගන්නේ නැති දේවල් වලින් තමයි බිල් වැඩි වෙන්නෙ ඔබ නොදැනුවත්වම. මෙන්න මේ දේවල් කරල බැලුවොත් ඔබට මාසිකව එන විදුලි, දුරකථන සහ ජල බිල්පත් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්.


    විදුලි බිල්පත

    නිවසේ බිල්පත් වලින් වැඩිම කොටස වැය වෙන්නෙ විදුලියට. ඒ නිසා මේ ගැන අපි ටිකක් වැඩි පුර කතා කරමු. පැරණි ශීතකරණ සහ ටීවි ආදියට වැඩි විදුලියක් වැයවෙනවා. විදුලි උපකණ ඔබ අළුතෙන් මිලදී ගන්නවා නම් හැමවිටම Energy Saving උපකරණ මිලදී ගන්න.


    1. ඔබට හොරා විදුලිය උරාගන්නා Vampire Energy.

    අහල තියෙනවද වැම්පයර් එනර්ජි ගැන? බටහිර රටවල වැම්පයර් එනර්ජි කියන්නේ ඔබ නොදැනුවත්ව වැය වෙන විදුලියට. ඔබ මේ ලිපිය කියවන මොහොතේදීත් ඔබේ නිවසේ මේ දේ සිදු වෙනවා. ටීවි එක, ඩීවීඩී ප්ලෙයර් එක, මයික්‍රොවේව් එක, ෆෝන් චාර්ජර් එක, හෝම් තියෙටර් සිස්ටම් එක වගේ ඔබේ නිවසේ දැනට Stand-By Mode එකේ තියෙන හැම ගෘහ විදුලි උපකරණයකටම විදුලිය වැය වෙන බව ඔබ දැනන් හිටියේ නෑ නේද?

    මේ දේවල් භාවිතයේ නැති විට ප්ලග් එකෙන්ම ගලවා තබන්න. ඔබ ඉතුරු කරගන්න Watt ගණන ඔබට පහත චාර්ට් එකෙන් දැනගන්න පුළුවන්.


    Reduce-Bills-01.png



    2. විදුලි බිලෙන් වැඩි කොටසක් වැය වන ශීතකරණය.

    Reduce-Bills-02.jpg


    ශීතකරණය කියන්නේ නිවසක විදුලි බිලෙන් වැඩි ප්‍රතිශතයක් වැය වන ගෘහ උපකරණයක්. එහෙම උනයි කියල භාවිතා නොකරත් බැරි දෙයක්. හැබැයි මෙන්න මේ දේවල් කලොත් මේ සඳහා වැය වෙන විදුලිය අඩු කරගන්න පුළුවන්.

    #උයන්න පටන් ගත්තම ෆ්‍රිජ් එකෙන් ගන්න තියෙන බඩු සියල්ලම එකවර ඉවතට ගන්න. නැවත දාන දේවල් එක වර දාගන්න. මෙහෙම කියන්නේ ශීතකරණයේ දොර අරින වාර ගාන අඩු කරන්න. ඔබ දොර අරින වාරයක් පාසා එහි ඇති සිසිලස අඩු වෙනවා. එය නැවත සිසිල් වෙන්න විදුලිය වැය වෙනවා.
    #පිළිවෙලට බඩු අසුරන්න. ශීතකරණයේ යට කොටසෙ උඩින්ම බටර් ජෑම් වගේ දේවල්, ඊට පසුව පහතින් පිසූ ආහාර සහ පළතුරු, ඊටත් පහලින් ඇති බකට් කොටසේ එළවලු ආදිය. පිළිවෙල ෆ්‍රිජ් එකකින් බඩු පහසුවෙන් හොයාගන්න පුළුවන් වීමෙන් දොර ඇරගෙන ඉන්න කාලය අඩු වෙනව සහ එහි ඇති සිසිලස නිවැරදිව භාවිතා වෙනවා.
    #රස්නෙන් දේවල් දාන්න එපා. ඒ වගේම හැමදෙයක්ම හොඳින් ආවරණය කර තබන්න. විවෘත භාජන වල ද්‍රවමය දේවල් දැමීමෙන් විදුලිය ගොඩක් වැය වෙනවා.
    #ශීතකරණයේ වැඩිය බඩු නැති නම් එයට වතුර බෝතල් ටිකක් පුරවා තබන්න. ඔබේ ශීතකරණය වුමනාවට වඩා පිරවීම සහ හිස් කිරීම යන දෙකෙන්ම විදුලිය වැය වීම ඉහළ යනවා.
    #ශීතකරණයක් ස්ථානගත කිරීමේ වැරදි නිසාත් විදුලිය වැය වීම වැඩියි. එය පිටුපසින් සහ දෙපසින් අවම වශයෙන් අඩියකවත් ඉඩක් තබන්න. හිරු එළිය කෙලින්ම වැටෙන තැන්වල ශීතකරණ තියන්න එපා. එයට හොඳින් වාතාශ්‍රය ලැබී එහි පිට රත්වීම අවම වීම වැදගත්.



    3. මාරු වෙන්න කාලයයි.

    Reduce-Bills-03.jpg


    තමන් ඉන්න තැන විතරක් විදුලි බල්බ දල්වගන්නත් එතනින් පිට වන විට නිවන්නත් පුරුදු වීම ඇරුණු කොට විදුලි බල්බ වලින් විදුලිය ඉතුරු කරන්න ක්‍රම තියෙනවා. ඔබ නිතරම ගැවසෙන කුස්සිය, සාලය සහ නිදන කාමරය වගෙම වැඩි වේලාවක් දල්වා තියෙන නිවසේ පිට බල්බ සාමාන්‍ය බල්බ වලින් හෝ CFL බල්බ වලින් LED වලට මාරු කරන්න. අනෙකුත් ස්ථාන වලට CFL බල්බ යොදන්න. LED බල්බ ටිකක් මිල වැඩි වුනත් එයින් විදුලි බිලට වන සහනය නම් ඊට වැඩියි.


    4. මෙන්න මෙහෙම අයන් කරන්න.
    Reduce-Bills-04.gif


    ඔබ රැකියාවට යනවා නම් දරුවන් පාසල් යනවා නම් සතියකට අවශ්‍ය ඇඳුම් එක වර අයන් කරගන්න. විටින් විට රත් වෙන්න යනවාට වඩා අඩු විදුලියක් වැය වේවි. මුලින්ම කපු ඇඳුම් මැද අවසානයට සිල්ක් රෙදි මදින්න ගන්න. ඒ වගෙම අයන් එක පාවිච්චි කරන කොට ෆෑන් එක දාගෙන ඉන්න එකත් එච්චර සුදුසු දෙයක් නෙවේ. හුළං වැදීමෙන් රත් වූ අයන් එක සිසිල් වෙනවා. නැවත රත් වෙන්න වැඩි විදුලියක් වැය වෙනවා.


    ජල බිල්පත.
    වතුර නම් ඉතින් කොහොමත් පාවිච්චි වෙන ටිකනෙ. වතුර බිල අඩු කරගන්න නම් ඉතින් නාන්නෙ නැතුව තමා ඉන්න වෙන්නෙ කියල හිතුවද? ඔබ නොදැනුවත්ව වැය වෙන විදුලිය වගේම ඔබ නොදැනුවත්ව ජලය අපතේ යන අවස්ථාත් තියෙනවා.


    1. කාන්දු වෙන ජල බිංදුවේ වටිනාකම.
    Reduce-Bills-05.jpg


    ෂවර් එකේ, ටැප් එකේ කොයි වෙලෙත් වතුර බින්දුවක් වැටෙනවා නම් එය හදාගන්න. “බිංදුවනෙ, ඕක එච්චර දෙයක් නෙවෙයි” කියල ඔබ හිතුව නම් ඔබ වැරදියි. ඒ එක බිංදුව බිංදුව එකතු වුනාම ඔබේ මාසික ජල බිල්පතට යුනිට් 2ක්වත් එක් කරනවා. එහෙම පුංචි පුංචි ලීක් තියෙන තැන් හදාගන්න. ඊළඟ මාසෙ බිල් පතේ වෙනස බලන්න.


    2. වතුර පුරවා පාවිච්චි කරන්න.

    Reduce-Bills-06.jpg


    කුස්සියේ වලන් ටික හෝදන්න ටැප් එක ඇරන් ඉන්න එපා. සින්ක් එකට වතුර පුරවල ඒකට වලන් ටික දාල ඉඳුල් සෝදන්න. වෙනදට වඩා අඩු ජල ප්‍රමාණයක් වැය වේවි. මූණ සෝදන කොටත් බේසමකට වතුර පුරවගන්න. ඔහේ ටැප් එක ඇරගෙන ඉන්න එකෙන් වතුර නාස්තිය වැඩියි.


    3. රෙදි එකවර සෝදන්න

    Reduce-Bills-07.jpg


    වොශින් මැශින් එකේ රෙදි සෝදන කොට දවසගානෙ ටික ටික සෝදන්න එපා. එකවර සේදිය හැකි ප්‍රමාණය සෝදගන්න. ඇඳුම් තුන හතරක් දාලා සෝදන එක අපරාධෙ. එයින් ඔබේ ජල බිල්පතට වගෙම විදුලි බිල්පතටත් වෙන හානිය වැඩියි.


    දුරකථන බිල්පත.

    Reduce-Bills-08.jpg


    බිල අඩු කරගන්න ඉතින් හදිසියකට කෝල් එකක් නොගෙන කොහොමද? මෙහෙම හිතුනා නේද? ඒත් ඔබ හැමවිටම ලබාගන්නා දුරකථන ඇමතුම අත්‍යාවශ්‍යම ඒවාදැයි නැවත හිතන්න. පණිවිඩයක් කියන්න ගන්න කෝල් එක අන්තිමේ නතර වෙන්නේ පැයකට විතර පස්සෙ.

    ඔබේ දුරකථන ජාලයේ Peak / Off Peak වේලාවන් දැනගන්න. යාළුවෙක් එක්ක පොඩි කථාවක් දාගන්න Off Peak වෙලාව යොදාගන්න. Off Peak වේලාවන් වල දුරකථන ගාස්තු අඩුයි.

    Dial Pad එකට ලොක් එකක් දාන්න. පුංචි ළමයි නොදන්නාකමට නොම්මර ඔබනවා. සමහර විට IDD වෙන්නත් පුළුවන්.

    Data වලින් බිලට එකතු වෙන ගාන ගැන පොඩ්ඩක් අවදානය යොමු කරන්න. පරණ පැකෙජ් තියාගෙන ඉඳන් අලුත් විදියට data පාවිච්චි කිරීමෙන් රු.300 400 නිකම්ම වැය වෙන අවස්ථා තියෙනව. දුරකථන සමාගම් අලුතෙන් දෙන data පැකෙජ්, Dialog MyDeal වැනි පැකේජ ගැන දැනුවත් වී, ඔවුන්ගෙන් ඔබේ ගිය මාස කිහිපයෙ පාවිච්චිය විමසා නිවැරදි පැකෙජ් එක දාගන්න. ගෙදරට WiFi modem එකක් දාගෙන ගෙදර ඉන්නකොට WiFi පමණක් භාවිතයද වැදගත්.



    how-to-save-money-household-energy-electricity-bill-lightbulb.jpg


    Source : http://www.aniwa.lk/2016/04/18/kill-your-bills-like-kill-bills/
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අරපිරිමැස්ම නම් තමයි... ඒත් ඔහොම ජිවත් වෙන්න පුලුවන්ද බන්...

    ඔය මහන්සි වෙන මහන්සිවිල්ල අමතර ආදායමක් හොයාගන්න යොදාගත්තා නම් ඊට වඩා හොදයි කියල හිතනවා...
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    phone bill , internet bill ehemath kill karanna barida?
    VAT eka awama apiwa kill wela yawi thawa tika dawaskin.
     
    • Like
    Reactions: yosh371