මං කිව්වා බය වෙන්න එපා මට කරන්ට් වැදුනොත් මේන් එක ඕෆ් කරන්න කියලා මාව අල්ලන්නේ නැතුව කියලා . මෙයා කියනවා කමක් නෑ වැදුනොත් අපි දෙන්නටමනේ වෙන කවුරු හරි ඕෆ් කරයි කියලා..මාරම හොඳ කෙල්ලෙක්. අපරාදේ මට එයාව මගහැරුනා. මොකද මම වෙන කෙල්ලෙක් පස්සේ ගියා පෙරේතකමට..
ඒකි බඳින දවසේ රෑ මට කෝල් කලා ඔයා කියන තැනකට මං එන්නම් කියලා..මං ගනන් ගත්තේ නෑ..දැන් එයා බැඳලා සතුටින් ඉන්නවා දරු දෙන්නෙක් එක්ක..මට තාම කරන්ට් වැඩක් කරද්දි එයා ලඟින් ඉන්නවා වගේ දැනෙනවා.
ලගදි මගෙන් යාලුවෙක් අහනවා ඇම්පියර් 15 ප්ලග් එකකට ෆෝන් චාජර් එක ගැහුවොත් ඒක පිච්චෙයිද කියලා.
