ගෙයක් කුළියට ගන්නකොට මේ දේවල් 8 ගැන ඔබ සිතු

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    ගෙයක් කුළියට ගන්නකොට මේ දේවල් 8 ගැන ඔබ සිතු

    ගෙයක් කියන්නෙ ඉතිං මහා බලාපොරොත්තු ගොඩක් පුරවපු තැනක්නෙ. සතුට, ආරක්ෂාව, ආදරය, පෞද්ගලිකත්වය, පහසුව වගේ දේවල් ගොන්නක් වෙනුවෙන් ගෙයක් හදන අයත්, ‍හදපු ගෙයක් ගන්න අයත්, ගෙයක් කුළියට ගන්න අයත් ඉන්නව. අද අපි කතා කරන්නෙ ගෙයක් කුළියට ගන්න අය ගැන. ඒ අය ගෙදරක් කුළියට ගන්න කලින් හිතන්න ඕන මොනවගේ දේවල්ද කියන එක. මේ හැමදේ ගැනම හිතන එකට ගෙවන්න පුළුවන් ගාණ සමපාත වෙන්නත් ඕන නිසා හොඳ හෙවිල්ලකින් පස්සෙ තමයි සුපිරි ප්ලේස් එකක් ෂේප් ගාණකට හොයාගන්න පුළුවන් වෙන්නෙ.

    1. ආරක්ෂාව

    අංක එකට බලන්න ඕන දේ තමයි මේ. මේ අවට හොරු ඉන්නවද? ස්ත්‍රී දූෂණ කේස් තියෙනවද? කුඩු හෝ ගංජා පාවිච්චි කරන මිනිස්සු මහමග සැරිසරනවද කියන දේවල් කලින්ම පොඩි සර්ච් එකක් දැමිය යුතුමයි. ඒවගේම වටපිටාවේ නිවැසියන්ගෙනුත් පැත්තෙ තත්ත්වෙ තරමක් දුරට මැනගන්න පුළුවන්. රෑ කළුවර වැටුනම අවට තත්ත්වය ගැනත් හිතන්න ඕන. අවට පාළු තැන්, වෙල් වගේ දේවල් තියෙනවද කියල පොඩි සර්ච් එකක් දාලා තියෙන එක ‍පැත්තක පදිංචියට යන්න කලින් කළ යුතුම දෙයක්. ඒ වගේම කුළියට ගන්න හදන ගෙදර දොර ජනෙල් වල ආරක්ෂාව ගැන එහෙමත් සොයා බලන්න

    2. පෞද්ගලිකත්වය

    ඔය විදියට ගෙදරකට යනකොට අනිත් හිතන්න ඕන මූලිකම කාරණයක් තමයි පෞද්ගලිකත්වය. තමුන්ට නිදහසේ වලියක්වත් දාගන්න ඉඩක් නැත්තං මොකටද මනුස්සයො ගේකට ගිහිල්ල. සමහර ‍ගෙවල් අයිතිකාර බුවාලා ගෙයි බිත්ති වලට කන තියන් ඉන්නව. අහං හිටියත් කමක් නෑ තවත් බුවාලා ප්‍රශ්න අහං ඉඳලා උපදෙසුත් දෙන්න එනව. තව එවුවයෙ කිට්ටුව පාත ටියුෂන් පන්ති තියෙනව. තවත් ගෙවල් කිට්ටුව ගෙවල්වල කොල්ලො මහ රෑට ඉලෙක්ට්‍රික් ගිටාර්වලින් මියුසික් ප්‍රැක්ටිස් කරනව වගේ ප්‍රශ්න තියෙනව. ඒ ගැන හිතන්නෙ නැතුව ගෙදරකට ගියොත් මුල් දවස්වල ඉවසලා හිටියත් දිගටම ඉවසන්න බැරිවෙයි.

    3. ගණන් හිලවු

    කී මනී දෙන්න ඊටපස්සෙ මේ ගෙදර ඔයාගෙ වගේ තමයි කියල ටෝක් ඉෂු කරල තමයි ගෙදර දෙන බුවාලා වැඩේට එන්ටර් වෙන්නෙ. හැබැයි මුලින් කී මනී වුනාට පස්සෙ නොකී මනීත් ගෙවන්න වෙනව. ඒ නිසා ගණං හිලවු හරියට කතා කරගන්න වගේම, ආයෙ යන්න කියනවනං ඒ පිළිවෙල සිද්ධ වෙන්නෙ කොහොමද? ලයිට් බිල් වතුර බිල් එක්කද? වගේ කතා ටිකත් දැනගෙනම ගෙදරට යන්න. එවුවට පස්සෙ එකඟවෙන්න තියන්න එපා. මේ දේවල් ඉතිං නීතීඥයෙක් මාර්ගෙන් හරි, ලිඛිත ගිවිසුමකින් හරි කරනවනම් වඩා හොඳයි කියන දේත් ඔලුවෙ තියාගත යුතුයි.

    4. හිමිකරුවන්ගෙ ඇරියස්

    වටේ පිටාවට අයිතිකාරය නඩු දාලා තියෙනවද බලන්න. මේ දේවල් දැනගෙන ඉන්න එක හොඳයි. පස්සෙ ගෙදර අයිතිකාර‍යගෙ ඇරියස් නිසා ඉන්න මිනිස්සු දුක් විඳින්න ඕන නැහැනෙ. පොරගෙ වත්තෙ තියෙන ගස්වලින් අනිත් ගෙවල්වල මිනිස්සුන්ට කරදරයිද? කියන දේවල් බලන්න. ඒ දේවල් ගැන වෙනිං මිනිස්සු කතා කරනවද කියල හොයන්න. ඔය ‍ඔක්කොම දැනගෙනම ගෙයක් ගන්න. ඒ ඇරියස් අස්සෙම කලින් ගෙදර හිටපු අය ගෙවන්න තියෙන බිල් තියෙනවද කියලත් බලන්න. නැත්තං ගෙදර අයිති කට්ටියට ගෙවන්නවත් බිල් තියෙනවද කියල බලලම යන්න. අනුන්ගෙ පවුත් කරගහන්න ඕන නැහැනෙ.

    5. අවශ්‍යතා

    ගෙදර අවට හදිස්සියකට බඩු ගන්න කඩයක් තියෙනවද? ඒ විතරක් නෙමෙයි උයාගන්න බැරි වුනු දවසක දුර යන්නෙ නැතුව හෝ වැඩි ගණං ගෙවල ඕඩර් නොකර කන්න කෑම කඩයක්, අසනීපයක් වුනාම මහ දුරක නොයා බෙහෙතක් ගන්න ප්ලේස් එකක්, හදිසියකදි සල්ලි ගන්න බැංකු ඒටීඑම් එකක්, නොකියම යාළුවෙක් ගොඩවැදුනොත් හීනියට අංශයක් දාගන්න බෝතලයක් ගන්න ප්ලේස් එකක්, දෙසීයක කොණ්ඩෙ කපන්න සීයක දුර නොයා සෙට්වෙන සැලුන් එකක් වගේ දේවල් කුලී ගෙදරකට යන්න කලින් බලන්න.

    6. ගමනාගමන පහසුකම්

    බස් තියෙනවද? කොච්චර වෙලාවකට පාරක්ද? ඒ බස්වල සෙනගද? අන්තිම බස් එක කීයටද? මුල්ම බස් එක කීයටද? ත්‍රී වීල් පාක් එකක් ලඟ තියෙනවද? ඒ අය හදිස්සියකදි කෝල් එකක් දීලා ගෙන්නගන්න පුළුවන්ද? හොඳ මිනිස්සු ඉන්න ත්‍රී වීල් පාක් එකක්ද? ගෙදර තියෙන්නෙ පික්මී ඌබර් එන දුරකද? වගේ දේවලුත් අනිවාර්යෙන්ම හැකි පමණින් හොයා බලන්න.

    7. පොඩි ළමයට

    පොඩි ළමයෙක් ඉන්නව නං අනිවා මේ දේවල් ගැන හිතන්න. හොල්මන් කේස් වගේම ආරක්ෂාව ගැනත් අනිවා හිතන්න. බැම්ම බැඳපු නැති ලිං, සර්පයො ඉන්න තැන් වගේ දේවල් ගෙදර අවට වැඩියි නම් ඒ වගේ තැන්වලට පොඩි ළමයි එක්ක කුළියට යන්නෙපා.

    8. නඩත්තු

    ගෙදර හොඳට බලන්න. ගෙදර අවුල් තියෙනවනං ඒ දේවල් හදන්න ලොකු වියදමක් යනවද කියල හිතන්න. ඒ වගේම ලොකු නඩත්තු තියෙනවනං ඒ දේවල් ගැන සෙට්ල්මන්ට් එකකට එන්න. ඒ වගේම ඔය කැඩිච්ච දේවල් ඔක්කොම විකුණන පාර්ශවේට පෙන්නලා ඉන්න. නැත්තං යද්දි ගෙදර කැඩුව කියල සල්ලි ඉල්ලයි.


    Source
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,236
    12,759
    113
    38
    මට මචන් ඔකේ 2, 3 වෙලා තියෙන්නේ.
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    good-job-smiley-emoticon.gif