සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී පාර්ශව කීපයක් සම්බන්ද වෙනවා.ඒ අය කොටස් තුනකට වර්ග කරන්න පුලුවන්.
1.Client
2.Consultant
3.Contractor
Client ,Contractor කියන්නේ කවුද කියලා පැහැදිලි කරන්න අවශ්‍ය නෑනේ.Consultant ගැන විස්තර කරන්නම්.Consultant ගත්තාම ඒකත් කොටස් කීපයකට බෙදන්න පුලුවන්.සාමාන්‍ය ගොඩනැගිල්ලකටනම් මේ හැමදෙනාගේම සේවය අත්‍යාවශ්‍ය නෑ.
1.Architect.
ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේ මූලික වගකීම තියෙන්නේ මෙයාට.සේවා දායකයගේ අදහස සහ කැමැත්ත පරිදි ගොඩනැගිලි සැලසුම නිර්මාණය කරන්නේ ආකිටෙක්.ඒ වගේම ඩීටේල් ඩ්‍රොවින්ස් වලින් වැඩිම ප්‍රමාණයක් සපයන්නේ ආකිටෙක්.
2.Structural Engineer
ගොඩනැගිල්ලට අවශ්‍ය වන අත්තිවාරම්,ස්ලැබ්,කොලම්ස්,බීම් ආදී සැලසුම් මෙයාගෙන් ලබාගන්න පුලුවන්.ගොඩනැගිල්ලේ ව්‍යුහාත්මක සැලසුම ඉන්ජිනිය කෙනෙකුට කියලා කරවා ගන්න එක හැමවිටම ගුණදායක වෙනවා.
3.MEP Engineer
ගොඩනැගිල්ලට අවශ්‍ය වන,ජලනල,විදුලි සැපයුමට අවශ්‍ය වන උපදෙස් සහ සැලසුම් මෙයාගෙන් ලබාගන්න පුලුවන්.
4. Quantity surveyor
මෙයාගේ සේවය ගත්තොත් ප්‍රමාණ බිල් පත්‍රය (BOQ ) සෑදීම,කොන්ත්‍රාත් කරු ඉදිරිපත් කරන බිල් පරීක්ශාකර බලා ගෙවීම් කිරීමට නිර්දේශ කිරීම වගේ දේවල්.කොන්ත්‍රාත් කරුවන් තමන්ට හිතුනු හිතුනු ගනන් ඉදිපත් කිරීම,නොකල වැඩ සඳහා කරන ලද අයකිරීම් වැලැක්වීම, වගේ දේවල් මෙයාගෙන් සේවය ලබාගැනීමෙන් වලක්වා ගන්න පුලුවන්.ඒ වගේම ගොඩනැගිල්ලට යන වියදමත් දළවශයෙන් අවබෝදයක් ලබාගන්න පුලුවන්.
Drawings ගත්තාම ඒකත් කොටස් කීපයකට වර්ග කරන්න පුලුවන්.
1.Council Drawing - මේක පාවිච්චි කරන්නේ ගොඩනැගිලි සැලසුම අනුමත කරගන්න.
2.Detailed Drawing-මේක ගැන කථා කලාම මේ ඩ්‍රොවින් ටික කීපදෙනෙකුගේ සහයෙන් තමයි ලැබෙන්නේ.
Architect
Floor Plans
Sections & Elevations
Door & Windows details
Bathroom layout
Roof details
Electrical layout
Finishing details
Handrail, Staircase ect.
Structural Engineer
Foundation
Columns & Beams
Slab details
MEP Engineer
Plumbing details
Electrical details
සාමාන්‍යයෙන් ඔය විදියට තමයි ඩ්‍රෝවින්ස් ලැබෙන්නේ.
තට්ටු 4ක් යනවනම් ඉතින් ඉන්ජෙකුට පෙන්නන්න.එතකොට එයා තීරණය කරයි සොයිල් ටෙස්ට් එකක් කරන්න ඕනිද නැද්ද කියලා.