ගෙවතු වගාව

Albat

Member
Jul 17, 2012
96
13
0
1. බීජ හැකි ඉක්මනින් සිටුවන්න. තද වැසි කාලයේ සිටුවීමෙන් වලකින්න. සුළු කාලයක් හෝ කල්තබා ගැනීමට අවශ්‍ය වේ නම් වියලි සිසිල් ස්ථානයක තබන්න.
2. සෑමවිටම හොදින් දිරූ කාබනික පොහොර වැඩි ප්‍රමාණයක් බෝග සිටුවීමට පෙර බිම් සැකසීමේදී පසට එකතු කර මිශ්‍ර කරන්න.

3. රසායනික පොහොර යෙදීමේදී පැළයේ පාමුලටම යෙදීමෙන් වලකින්න.
4. පසේ තෙතමනය නිසිලෙස පවත්වා ගැනීම සදහා අවශ්‍ය අවස්ථාවලදී ජලය සපයන්න.
5. වගාව වල් පැළෑටි වලින් තොරව තබාගන්න.
6. පසේ තෙතමනය ආරක්ෂා කරගැනීම සදහාත්, වල් පැළෑටි මර්ධනය සදහාත්, වියලි පිදුරු, තණකොළ වැනි වසුන් වලින් වගාවේ පස ආවරණය කරන්න.
7. නිරෝගී කරල්/ගෙඩි කීපයක් හොදින් මේරීමට හැර ඊලග වාරයේ සිටුවීමට බීජ ලබාගන්න.

තවත් විස්තර මේ සයිට් එකෙන්:yes::yes::yes::yes::yes:
බලන්න
 
Last edited:
  • Like
Reactions: charly123