ගෙවල් හදන වැඩ්ඩො වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113

    මෙන්න මේකයි තත්වෙ, මගේ පර්ච් 8.7ක වගේ ඉඩමක් තියෙනවා. එකෙන් වැඩක් ගන්න ඕන නිසා තට්ටු 2ට ගෙයක් ගහන්න හිතුවා. මේක තනිකරම කුලියට දෙන්න හිතන් ඉන්නෙ. ඉඩම කොටු හැඩේ කියලා හිතාගනින්කො.

    මේකයි මගේ අවශ්යතා
    යට තට්ටුව 2 bedroom 1 bathroom + maid bedroom + bathroom + living/kitchen/pantry

    උඩ තට්ටුව 3 bedroom 2 bathroom + maid bedroom + bathroom + living/kitchen/pantry

    පවුල් 2ක් සෙට් උනොත් වාහන 2ක් ගහන්න පාර්කින් තියන්න ඕන නිසා තමා යට 2යි උඩ 3යි කරන්න හිතුවෙ.

    මගේ ප්‍රශ්න ටික තමා

    • කාමර වල දිග පලලවල් කොහොම වෙන්න ඕනද (master bedroom,අනිත් bedroom)?
    • උඩ තට්ටුවෙ ෆිනිශින් වහලක් ගහන එකද ලාබ, නැත්තන් ස්ලැබ් ගහන එකද ලාබ? ස්ලැබ් ගැහුවොත් යට ඉඳන්ම එකේ බර දරන්න පුලුවන් වෙන්න column/beam සයිස් කරන්න වෙයිද?
    • මේ දවස්වල් වර්ග අඩියට ගාන කීයද? ඒකේ ඔක්කොම ටයිල්, බාතෲම් ෆිටින්, වයර් අනන් මනන් දාලද නැතුවද?

    උදව්වක් දීපල්ලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    Oya money fd eke demoth rent income ekama enne nedda?
    හුකනවා, ඒක කල්පනා උනෙ නැනේ. rent out කලොත් කිට්ටු ගානක් එනවා, ඒත් air bnb වගේ එකක් කලොත් ඊට වැඩියෙන් එන්න potential එකක් තියෙනවා.
     
    • Like
    Reactions: ttj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මටත් හිතුනෙ මේක. යට කරන ගානත් එක්ක බැලුවම රෙන්ට් එකට දෙන එක පාඩු නැද්ද බං?
    Rent out කලොත් කිට්ටු ගානක් එනවා, ඒත් air bnb වගේ එකක් කලොත් ඊට වැඩියෙන් එන්න potential එකක් තියෙනවා. මූ කියන එකේ වැදගත් කමක් තියෙනවා.
     
    • Like
    Reactions: coder101

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Rent out කලොත් කිට්ටු ගානක් එනවා, ඒත් air bnb වගේ එකක් කලොත් ඊට වැඩියෙන් එන්න potential එකක් තියෙනවා. මූ කියන එකේ වැදගත් කමක් තියෙනවා.
    Airbnb දානවනම් ගෙයක් ටයිප් හදන්න එපා... Studio apartment ටයිප් එකට හදන්න ගාන අඩු වෙන්නේ...

    Rent කරන්න ගෙවල් හදන්න එපා බොරු වැඩක්...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    Air bnb වගේ නම් shape.. සිංහලුන්ට rent කරලා අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් වෙයිද දන්නේ නෑ..

    හොඳ ලොකේෂන් එකක්, ලොකු ඉඩමක් වගේ නම් cabana පාරක් වත් දාලා couples වලට දෙන එකත් හොඳයි.. ඒවා ඉතින් පොඩි ඉඩම් වලට සෙට් නෑ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මෙන්න මේකයි තත්වෙ, මගේ පර්ච් 8.7ක වගේ ඉඩමක් තියෙනවා. එකෙන් වැඩක් ගන්න ඕන නිසා තට්ටු 2ට ගෙයක් ගහන්න හිතුවා. මේක තනිකරම කුලියට දෙන්න හිතන් ඉන්නෙ. ඉඩම කොටු හැඩේ කියලා හිතාගනින්කො.

    මේකයි මගේ අවශ්යතා
    යට තට්ටුව 2 bedroom 1 bathroom + maid bedroom + bathroom + living/kitchen/pantry

    උඩ තට්ටුව 3 bedroom 2 bathroom + maid bedroom + bathroom + living/kitchen/pantry

    පවුල් 2ක් සෙට් උනොත් වාහන 2ක් ගහන්න පාර්කින් තියන්න ඕන නිසා තමා යට 2යි උඩ 3යි කරන්න හිතුවෙ.

    මගේ ප්‍රශ්න ටික තමා

    • කාමර වල දිග පලලවල් කොහොම වෙන්න ඕනද (master bedroom,අනිත් bedroom)?
    • උඩ තට්ටුවෙ ෆිනිශින් වහලක් ගහන එකද ලාබ, නැත්තන් ස්ලැබ් ගහන එකද ලාබ? ස්ලැබ් ගැහුවොත් යට ඉඳන්ම එකේ බර දරන්න පුලුවන් වෙන්න column/beam සයිස් කරන්න වෙයිද?
    • මේ දවස්වල් වර්ග අඩියට ගාන කීයද? ඒකේ ඔක්කොම ටයිල්, බාතෲම් ෆිටින්, වයර් අනන් මනන් දාලද නැතුවද?

    උදව්වක් දීපල්ලා

    දන්න විදිහට උදව් කරන්නම් කැමති ටිකක් අහුල ගනින්.. හැබැයි මගේ මේ දවස්වල හදන්නේ ගෙවල් නෙවෙයි, අංගසම්පුර්ණ ක්ලිනික් ටිකක්. නමුත් කොන්ත්‍රාත් වියදම් ගනන් එකයිනේ.

    නූල් අදින්න 10000, පස් කියුබ් කැපිම 5500, ගලුගල්බැම්ම කියුබ් 10500, දෙකේ දෙකේ බේස් 4500, තුන තුන බේස් 7000,හතර හතර බේස් 8500, නවේ නනේ බීම් 325, බ්ලොක් ගලක් බදින්න 50, හතර හය ලින්ටල් 160, හය ලින්ටල් 200 කපරාරුව 50, පොටිකපා පිලර් ඇද 45යි. ටයිල් 75 වගේ ගනන් ගියේ.

    වයරින් කරද්දි නම් ස්විච්/ලයිට්/ෆෑන්/ ප්ලග් පොයින්ට් එකක් ගහන්න 1000ක්.
    ඒසිඑල් එකෙන් 1044 - 5600, එකාමාර ට්වින් 21400, දෙකාමාර ට්වින් 33700 අර්ත් 14500 වගේ ගත්තේ.

    මම එක තැනක ෆිනිෂින් වහල ගැහුවා. එතන ප්‍රධාන තැන විදිහට පේන්න ඕනා නිසා. ලී ගනන් හා වහල හදන්න යන කාලේ ගොඩක් වැඩි. අනිත් තැන් ඔක්කොම කලේ ස්ලැබ්. ඒක සමස්ථයක් ලෙස ලාබයි ඉක්මන්. මට ඔන උනෙ ඉක්මනට වැඩ ඉවර කරන්න.

    සාමාන්‍ය කාමරයක් 10 12 උනත් ඇතිනේද. මාස්ටර් එකක් 16 12ට මොකද.

    ටයිල් සේල් යනවා. මං ගත්තේ මැක්ටයිල්. හොද ලස්සන ඩිසයින් තිබ්බා.

    මම හිතන්නේ මට ඉවර කරන්නම (එළියත් හදලා ගලුත් අල්ලලා) වර්ග අඩියට 7500ක් වගේ යන්න ඇති.

    මතක තියාගන්, බිත්ති බදින එක වත් නග්ගන එකවත් අවුලක් නැ. අමාරුව පටන්ගන්නේ බිත්ති බැන්දට පස්සෙ.

    ෆිනිෂින් වලදි දවසට ලක්ෂ 10යත් මදි වෙන වෙලාවල් එනවා. ඒ නිසා අවසාන කොටස ගැන වැඩිපුර හිතලා වැඩ පටන් ගනින්.

    රෙන්ට් කරන්නම ඉන්නවානම් රෙන්ට් වලට හරියන්න ප්ලැන ඇදගන්න. ආකියෝ දන්නවා ඒකට ගැලපෙන්න වෙනස්කම් කරන්න. එහෙම ඇදලා ස්ට්‍රක්චර් කරන්න. එතකොට වියදම තව කළමනාකරණය කරගන්න.

    සියලු බාස්ලා හොයාගත්තේ බුකියේ කන්ස්ට්‍රක්ෂන් ගෘප් වලින්
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Slab Danawanam aniwa hariyata wareroroofing karaganna onemayi. nathnam water leak aniwaryayen enawa. Risk eka wadiyi. mamanam hithanne Roof eka gahana eka godakma hondayi
     
    • Like
    Reactions: tharakaf