ගේකට මෙහෙමත් කරතහැකි.

hpalpola

Well-known member
  • මිනිස්සු ගෙවල් වලට සෑහෙන්න ඇලිලා ඉන්නවා, වටිනාකමක් දෙනවා. අද වෙනකොට මිනිස්සුන්ගෙ තත්ත්වය බලන එක මිම්මක් තමයි ඉන්න ගෙදර. ඒ වගේම තමුන්ගේ අහංකාරකම, නම්බුව පෙන්වන්නත් යොදා ගන්න පුළුවන් ගෙදරකට. ගෙය කියන දේ අයිතම ගණනක එකතුවක්. බ්ලොක් ගලේ ඉඳලා උළු කැටේ නැත්නම් ඇස්බස්ටස් තහඩුව වෙනකම් ඒ අයිතම ගනින්න පුළුවන්. මේ අයිතම වෙන වෙනම තිබ්බම ගෙයක් කියන්නෙ නැහැ. ඒවා එක්තරා පිළිගත්ත හැඩයකට එකතු කලාමයි ගෙයක් කියන්නෙ. අපිට පුළුවන් ගෙයක තියෙන කොටස් වෙන් කරලා දක්වන්න. එහෙම බැලුවම ගෙය කියන්නෙත් මනසින් මවාගත්ත එක්තරා නිර්මාණයක් විතරයි. මේකෙ තියෙන අනෙත් දේ තමයි ගෙයක් කියන්නෙ හදන්න පුළුවන් දෙයක් වීම. දෙයක් හදන්න පුළුවන් කියන්නෙ කඩන්නත් පුළුවන්. අනෙක් අතට එතැන තවත් තත්ත්වයක් තියෙනවා. ගෙය හැදෙන්නෙත් හේතුවකින්. ඒ හේතුව තමයි ඒ සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය. ඒ අමුද්‍රව්‍ය එකතු කලාම ලැබෙන ඵලය තමයි ගෙය. ඒ අමුද්‍රව්‍යත් තවත් හේතුවක ඵලයක් බව හොඳින් බැලුවොත් පෙනෙයි. බුද්ධ දේශනාව වෙන්නෙ හේතු ඵලයෙන් හට ගන්නා හැමදේම නැසෙන සුළු බව. හැබැයි ගේ දිහා බලද්දි ඕක තේරෙන්නෙ නැහැ. ඒ නොදැනීම තමයි අවිද්‍යාව. මේ අවිද්‍යාව නිසා ඇති වන ප්‍රතිඵලය තමයි ගෙට ඇති තණ්හාව. ඒ තණ්හාවෙන් ඇති වෙන ප්‍රතිඵලය වෙන්නෙ ගෙට ඇලීම, වටිනාකමක් දීම. මේ ඇලීමේ ප්‍රතිඵලය තමයි ගෙට හානියක් වෙද්දි දැනෙන දුක. ඒ දුකේ ප්‍රතිඵලයක් විදියට කේන්තිය පවා ඇති වෙන්න පුළුවන්. නිකමට හිතන්න වඳුරෙක් වහලට පැන්නොත් කේන්ති යන්නෙ නැද්ද කියලා. බිත්තියෙ බලි ඇන්දොත් කේන්ති නොයාවිද. සමහරු ඉන්නවා බිත්තියට ඇණයක් ගැහුවත් කේන්ති යනවා. එහෙම වෙන්නෙ දුකේ ප්‍රතිඵලයක් විදියට. අවසානයේ මැරෙන්නෙත් ගෙට ඇලිලා. ඒකෙ ප්‍රතිඵලය වෙන්නෙත් බොහෝවිට ප්‍රේත භවයක් ලැබීම. ඒ වගේ අයට ගෙවල පෙරේතයො කියලත් කියනවා. ඒ පෙරේතයො කැමැති නැහැ තමුන්ගෙ ගෙදර තව කෙනෙක් බුක්ති විඳිනවට. ඉතින් අයිත් කෙන්ති ගන්නවා. ඒ කේන්තියෙන් කරන කර්ම නිසා සසර දිගු කර ගන්නවා. ජීවිතයක හැටි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හාමුදුරුවරු තරං දේපල තණ්හාවෙන් ඉන්නා අය තව කොහෙද ඉන්නේ?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හාමුදුරුවරු තරං දේපල තණ්හාවෙන් ඉන්නා අය තව කොහෙද ඉන්නේ?
    පන්සලට අයිති දේවල් මතු පරපුරට රැකීම කරන්න ඕනේ . එහෙම නැතුව මම මහනවෙලා කියලා සියල්ල විනාශ වෙන්න අරින්න බෑ . ඔවා මිනිස්සු පූජා කරපු දේවල් . ඒවාට උපරිම සාධරනය වෙන්න ඕනේ . බුදුන් පවා ජ‍ේතවනාරාමය වෙනුවෙන් පෙනී සිටියා .
     
    • Like
    Reactions: Rick Sanchezz

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පන්සලට අයිති දේවල් මතු පරපුරට රැකීම කරන්න ඕනේ . එහෙම නැතුව මම මහනවෙලා කියලා සියල්ල විනාශ වෙන්න අරින්න බෑ . ඔවා මිනිස්සු පූජා කරපු දේවල් . ඒවාට උපරිම සාධරනය වෙන්න ඕනේ . බුදුන් පවා ජ‍ේතවනාරාමය වෙනුවෙන් පෙනී සිටියා .
    ඒක තමා අනික් මිනිස්සුත් දේපල ආරක්ෂා කරන්නේ මතු පරපුර වෙනුවෙන්.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒක තමා අනික් මිනිස්සුත් දේපල ආරක්ෂා කරන්නේ මතු පරපුර වෙනුවෙන්.
    ඔව් ඉතින් ඒකේ ගැටලුවක් නෑ . ප්‍රශ්නය වෙන්නේ මැර‍ෙන්නේ නෑ වගේ අනිත් එවුන්ගේ දේපලත් අත්පත්කරගෙන ජීවත්වීමයි . තමන්ගේ දේ රැකගැනීම වර්ධනය කිරීම බුදුන් අනුමත කරලා තියෙනවා ..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව් ඉතින් ඒකේ ගැටලුවක් නෑ . ප්‍රශ්නය වෙන්නේ මැර‍ෙන්නේ නෑ වගේ අනිත් එවුන්ගේ දේපලත් අත්පත්කරගෙන ජීවත්වීමයි . තමන්ගේ දේ රැකගැනීම වර්ධනය කිරීම බුදුන් අනුමත කරලා තියෙනවා ..
    හාමුදුරුවන්ට කියමු ඕක ලෙබ්බේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඇයි හාමුදුරුවෝ උඹට මොනවද කිව්වේ පල්ලි කාක්කෝ?
    ලෙබ්බේ කෙනෙක් අනුන්ගේ පොස්ට් අස්සේ රීලා ගාගෙන කියලා