ගේ හදාගන්න උදව්

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,386
    1,393
    113
    Sri Lanka
    ගාල්ල ඇතුලට වෙන්නනම් මචං ටයිල් බදාම කපාගෙන අල්ලන්නේ දන්න අදුනන අයනම් 45යි නැත්නම් 55,60 ගන්නේ බං
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    ගාල්ල ඇතුලට වෙන්නනම් මචං ටයිල් බදාම කපාගෙන අල්ලන්නේ දන්න අදුනන අයනම් 45යි නැත්නම් 55,60 ගන්නේ බං
    ඇතුලට වගේ වෙන්න 55 - 60 හරි. එතකොට පොළව කොන්ක්‍රීට් කරන එක කොහොමද වෙන්නේ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    ටයිල් කරන්න කලින් පොලව කොන්ක්‍රීට් කරනවා - ඒකට වර්ග අඩියට 40ක් ගන්නවා.
    ඊට පස්සේ බදාම තට්ටුව කපනවා - ඒකට වර්ග අඩියට තව 40ක් ගන්නවා.
    ඊට පස්සේ ටයිල් අල්ලන්න තව වෙනම වර්ග අඩියට 40ක් ගන්නවා.

    ඕකෙන් යට දෙක එකෙක් කලොත් වර්ග අඩිය 70කට වගේ කරගන්න පුලුවන්...


    උඹ ටයිල් ඇල්ලුවේ ඔය 3නම රැ. 45 ටද? එහෙනම් පට්ටම ලාබයි.

    මගේ යට තට්ටුව ස්ලැබ් එක, ඒක උඩ තමයි ටයිල් කරේ, කොන්ක්‍රීට් කරන්න තිබ්බෙ නැහැ, එතකොට බදාම කපන්න සහ ටයිල් අල්ලන දෙකට වර්ග අඩිය 45ට කරේ
    මම බන් මීට කලිනුත් ටයිල් වැඩ කරගෙන තියනවා, මෙහෙ ගාන කියන්නෙ බන් බදාම කපලා ටයිල් අල්ලන්න කියලා, සාමාන්‍යෙන් 40-60 අතර ගන්නෙ. මේ වැඩේ කරපු බාස් වැඩේ බලලා ස්ලැබ් එක උඩ නිසා ලෙවල් කරන්න සුද්ධ කරන්න ප්‍රශ්න මොනවත් නැති නිසා 45ට කරන්නං කිවුවා, වැඩේ සුපිරියටම කරලත් දුන්නා
    එක තැනක් තිබ්බා පොලව තිබුනු තැනක්, ඒක කොන්ක්‍රීට් කරන්න ඒ ටයිල් බාස්ම දවස් කුලියට කරේ, දවසට 2500යි ගෝලයට 2000යි, එක දවසයි ඒකට ගියේ