1 - මුලින්ම හරි හමන් ඉඩමක් හොයාගන්න
ඉඩමක් ගනන්වා නම් ගං වතුර එනවද ? හයි ටෙන්ශන් ලයින් උඩින් යනවද ? වටේ පිටේ මිනිස්සු කොහොමද ? පසේ තත්වය කොහොමද ? වතුර බැස්ම ගැන ? ලඟ පාත ළිඳක් තියනවා නම් ටොයිලට් වලවල් කපනකොට ලෙඩක් දායිද ? ඉඩමට හරියටම අඩි 8 ට හෝ පාර නිත්‍යනුකුල විදියට තියනවද ? ඉඩමේ වටිනාකම ඉදිරියෙදි අඩු වෙයිද වැඩි වෙයිද ? සින්නක්කරද,පැවරුම්ද ? වගේ දෙවල් බලන්න..
ඔයා ගෙදර හදලා වැඩි සද්දයක් නැතුව ඉන්න බලාපොරොත්තු වෙනවා නම් යායට කඩපු ඉඩම් වලින් ගන්න එපා,මොකද එහෙම ඉඩම් වල අවුරුද්දෙන් අවුරුද්දට ගෙවල් හැදෙනවා එතකොට අවුරුදු ගානක් සද්දය කාගන ඉන්න වෙනවා..
2 - ප්ලැන් එක ඇඳ ගැනිම
විවහා වෙලා නම් නෝනයි මහත්තයාටයි දෙන්නාටම ඔන විදියට හරියටම කතා කරගන කටු සටහනක් ගහගන්න,ළමයි ඉන්නවා නම් එ අයගේ අදහසුත් එක් කරන්න,කටු සටහන ගහනකොට කලබල වෙන්න එපා,අඩුමගානේ මාසයක් වත් හොඳට හිතලා කරන්න,ගුගල් එකෙනුත් අදහස් ගන්න,එ ගහපු කටු සටහන ගෘහ නිර්මාණ ශිල්පියෙකුට කියලා අඳවගන්න,අද කාලේ ගෘහ නිර්මාණ ශිල්පියෝ/වාස්තු විද්‍යාඥයා කියල හොරුත් ඉන්නවා එහෙම අයට රැවටෙන්න එපා,හරි හමන් ගෘහ නිර්මාණ ශිල්පියෙකුට නම් රුපියල් ලක්ෂයක් වියදම් කලත් පාඩුවක් නැ,බොහෝ ගෘහ නිර්මාණ ශිල්පින් වර්ග අඩි ගානට අය කරන්නෙ සමහරු නම් ගොඩනැගිල්ලෙ වටිනාකමෙන් සියයට ප්‍රමාණයක් අය කරනවා,ඔබ බලන්න ඔබේ අයවැයට හොඳින්ම ගැලපෙන කෙනා කවුද කියල..
සමහර අලුත් අදහස් තියන තරුණ ගෘහ නිර්මාණ ශිල්පින් ඉන්නවා (Fresh Graduates) එ අය ලොකුවට අය කරන්නෙත් නැ නමක් හදාගන්න ඔන නිසා,නිර්මාණයත් හොඳින්ම කරනවා,අන්න එ වගේ කෙනෙක් පුලුවන් නම් හොයාගන්න..
3 - බඩු ටික
හොඳ හාර්ඩ්වෙයාර් එකක් සෙට් කරගන්න,පුලුවන් නම් තව හාර්ඩ්වෙයාර් එකක් ස්පෙයාර් එකට තියාගන්න,හාර්ඩ්වෙයාර් මුදලාලි එක්ක හොඳට ෆිට් වෙන්න ගල් සහ වැලි දෙන හොඳ ලොරි රියදුරෙක් සෙට් කරගන්න,සමහර ලෝරි තියනවා හර්ඩ්වේයාර් වලට වැඩිය අඩුවෙන් එවා දෙන,වැලි එක කොන්ක්‍රිට් එකට ටිකක් තද උනාට කමක් නැ (බොරලු තිබ්බට) නමුත් කපරාදුවට සියුම් වැල්ලක් ගෙන්න ගන්න,නැත්තනම් ඔයාට පාඩුයි,ගල් උනත් එහෙමයි,සාමන්‍යන් කඩුවෙල පැත්තෙන් එන ගල් හොඳයි කියල කියන්නෙ..
4 - හෙඩ් බාස් කෙනෙක් හොයාගැනිම සහ මුලික වැඩ ටික
මෙන්න මෙතන තමයි ගොඩක් අය වැඩේ වරදගන්නෙ,බාස් කෙනෙක් වැඩේට ගන්න කලින්,කලින් කරපු වැඩ ගිහින්ම බලන්න,බාස් පම්පොරි ගැහැව්වට සත පහකට විශ්වාස කරන්න එපා,අනික හැම වැඩක්ම එක බාස් කෙනෙකුට දෙන්න එපා..
අත්තිවාරම් දානකොට
පොලව ගැන පරික්ෂාවක් කරන්න,එක බොහෝ විට පලපුරුද්දෙන් කියන්නත් පුලුවන්,ඔබට හෝ බාස්ට මේ ගැන අදහසක් නැත්නම් තාක්ෂණික නිලධාරියෙක් ගෙන් හරි සිවිල් ඉංජිනෙරුවෙක් ගෙන් හරි අහල දැනගන්න,ඇත්තම කියනවා නම් සමහරක් තාක්ෂණික නිලධාරින්ට වඩා නම් "පලපුරුදු" බාස්ලා ගොඩක් දෙවල් දන්නවා.
එ අනුව පොලවට හරියන්නෙ ප්ලින්ත් බිම් එකක්ද ටයි බිම් එකක්ද,ගල් තට්‍ටුවක් යටින් යොදා ඉට උඩින් ප්ලින්ත් බිම් එකක්ද වගේ දෙවල් තිරණය කරන්න,ප්ලින්ත් බිම් එකක් යටින් ගල් තට්‍ටුවක් යන එක කොයිකටත් හොඳයි.ලැප් ලෙන්ග්ත් එක හරියට බලන්න...
කනු දැමිමෙදි
කනු දානකොට ගෘහ නිර්මාණ ශිල්පියාගේ හෝ ඉංජිනෙරු ශිල්පියාගේ සටහන ඔන ඔන විදියට වෙනස් කරන්න එපා (සමහරක් ගොන් නිර්මාණ ශිල්පියෝ ඇඳපු කනු සටහන් දැක්කාම නම් පිස්සු හැදෙනවා,මොකද එ ජාතියේ අය ගෙදරම කනු දාන්නෙ,එතකොට මිනිස්සුන්ට ඉන්න තැනක් නැ එකේ) අන්න එකයි මම මුලින් කිව්වෙ හරි නිර්මාණ ශිල්පියෙක් හොයාගන්න කියල,කනු සටහන වෙනස් කරනවා නම් තාක්ෂණිකව ගෙදරට බලපාන්නෙ නැති වෙන්න කරන්න (එහෙම කරන්න පුලුවන්,එක ගෙදර බලන්න එන ඉංජිනෙරුවාට හරි,පලපුරුදු බාස් කෙනෙකුට හරි කරන්න පුලුවන්),අනික කනු වලට දාන කම්බි බාල කරල දාන්න එපා,16 දාන්න කියන තැනට 12 දාන්න එපා,12 කියන තැනට 10 දාන්න එපා,දැන් වෙළඳ පොලේ ප්‍රතිචක්‍රිය කරපු යකඩ වැඩිපුර දාල හදන කම්බි තියනවා,අන්න එවා නොගෙන ඉන්නවා නම් හොඳයි කියල හිතනවා..ලැප් ලෙන්ග්ත් එක හරියට බලන්න...
කනු දාල බිත්ති බඳිනවාට වඩා බිත්ති බැඳලා කනු දානවා නම් ගොඩක් හොඳයි..
බිත්ති බඳිනකොට
සමහර බ්ලොග් ගල බැඳලා පුරුදු බාස්ලට ගඩොල් වලින් ගෙවල් බඳින්න ගියාම අවුල් කරගන්නවා (ටිකක් විතර) මේ ගැන අවධානයෙන් ඉන්න,සිමෙන්ති මික්ස්චර් එක දාන්නෙ කොහොමද කියලත් බලන්න (මේකනම් ඉතින් ලොකු අවුලක් නැ ඔයා බඩු දෙනවා නම්) ලඔයට වැඩේ වෙනවද කියලත් බලන්න,චප්පාරුව ගහගන්න (අඟල් 9 බිත්තියට මේ සිද්ධිය බලපානවා) හරියට වැඩේ උනේ නැත්තන් කපරාරුවෙන් සැහෙන පුරවන්න ඔනේ,අන්න එතනදි ලොකු සිමෙන්ති,වැලි ප්‍රමාණයක් යනවා.
කපරාරු කිරිමේදි
කැට තියල හරියට කපරාරුව ගහනවද බලන්න,බිත්ති පඩි (ස්කොනම්) එහෙම හරියට තියලද බලන්න,සමහර ස්කොනම් 4 පැත්තෙ හතර විදියක්,දන්නවා නේ අපේ සමහර බාස්ලා
පොලව
පොලවට කොන්ක්‍රිට් දාන්න කලින් වේයෝ ඉන්නවද බලන්න,ඉන්නවා නම් බිත්තියත්-කොන්ක්‍රිට් එකත් අතර කිසි හිඩසක් තියන්න එපා,කොන්ක්‍රිට් එක අඟල් 3 වත් දාන්න එහෙම උනොත් (ඔය පොලවට වහ ගහන එක මම අනුමත කරන්නෙ නැ) කොන්ක්‍රිට් කරනකොට යටින් ඉටි රෙද්දක් එලනවා වතුර බහින නිසා සහ පොලව තෙත් නම් උඩට වතුර ගතිය පස්සෙ ගහන නිසා,නමුත් මේ ඉටි රෙද්ද නිසා පොලවෙන් බොල් සද්දයක් පස්සෙ කාලෙක එනවා,නමුත් ඉටි රෙද්ද දාන්න කියල තමයි අනුමත කරන්නෙ...
ටයිල් ගන්නකොට කොහෙන් ගත්තත් පළවෙනි පංතියේ ටයිල් ගන්න,ලංකා හෝ චයිනා මොක උනත්,දෙවැනි තුන්වැනි පංතියේ ටයිල් වල මුලු පරස් තියනවා,මේක අල්ලන්න ගියාම පරංගියා කොට්ටෙ ගියා වගේ වෙලාවකට වෙන්න පුලුවන්..මේකට හරි හමන් ටයිල් බාස් කෙනෙක් සෙට් කරගන්න,බිත්ති බැඳපු බාස්ට මේ වැඩෙත් නිකන්ම කරන්න දෙන්න එපා,මොකද හැම වැඩක්ම එක බාස්ට කරන්න බැ,කරන්න දෙනවා නම් පොඩ්ඩක් බලලා දෙන්න,නැත්තන් ඉතින් දන්නවනේ වෙන දේ..
ටොයිලට් / බාතෘම් සහ කුස්සිය
සහෝදරවරුනි මේ වැඩේටත් අර කිව්වා වගේ වෙනම පලපුරුදු බාස් කෙනෙක් හොයාගන්න,වොටර් පෘෆින් වැඩ,හොට් වොටර් බට,අනිකුත් බට සෙට් හරියට දාන වැඩ ඔය බිත්ති බඳින ගොඩක් අයට තෙරෙන්නෙ නැ,එ අය නම් සමහරවිට කියාගන එන්න පුලුවන් මට පුලුවන් මහත්තයා කියලා,එහෙම කිව්ව පලියට දෙන්න එපා..හරි හමන් විදියට කරනවා නම් ටිකක් වියදම් යනවා තමයි...බාතෘම් සෙට් ගනන්වා නම් බාල එවා ගන්න එපා දන්නවා නේ එව අරන් පස්සට වෙන දේ,ටැප් උනත් ඔර්ජිනල් එවා දාන්න - කුස්සියටත් මේ ටික මෙහෙමම අදාලයි
වයරින් වැඩ
වයරින් වැඩ කරනකොට ටිකක් පරණ විදියට නැතුව ඉදිරියට ගැලපෙන විදියට කරන්න,පලපුරුදු වයරින් බාස් කෙනෙක් හොයාගන්න (ඔයාට ශිල්පය පුලුවන් නම් හරියට ඔයාම වයරින් සටහන ඇඳගන්න) විදුලි බුබුලු සහ විදුලි පංකා වලට 1mm කම්බිය හෝ 1.5mm කම්බිය භාවිතා කරන්න,එක තිරණය වෙන්නෙ වැඩේ හැටියට,කෙවිනි වලට 2.5mm කම්බිය භාවිතා කරන්න,ඉට අඩු එව නම් දාන්න යන්න එපා...මම දැකලා තියනවා සමහර ගෙවල් වල තවම 1mm කම්බිය කෙවෙනි වලට දාල තියනවා එක හරියන්නෙ නැ,සාමන්‍යන් 1mm කම්බියට ඇම්පියර් 11-12 වගේ තමයි ගෙනියන්න පුලුවන් (එකත් වෙනස් වෙන්න පුලුවන් නිශ්පාදකයගේ හැටියට) අනික් දාන පරිපථ වල සොබාවය ගැනත් අවධානයෙන් ඉන්න,මුලිකව තියෙන්නෙ රින්ග් ෆයිනල් එකයි රෙඩියල් එකයි,අනික බලන්න ඩෙඩිකෙටඩ් සර්කිට් එකක් ඔන තැන්,මම ශිතකරණය වගේ එවට ඩෙඩිකෙටඩ් ස්ර්කිට් එකක් යොජනා කරනවා න්‍යායකව අවශ්‍ය නොවුනත්.ට්‍රිප්,බ්‍රෙකර්,කෙවෙනි වගේ දෙවල් ගන්නකොට හොඳ තැනකින් හොඳ බ්‍රැන්ඩ් එකක් ගන්න...බාල එවා දාල නිකන් තැවෙන්න එපා පස්සෙ...
ලි වැඩ හෝ ඇලුමිනියම් වැඩ
ලි වැඩ කරන්න හොයාගන්න බස් උනත් සැහෙන බලලා ගන්න,කලින් වැඩ බලන්න,ලි පුලුවන් නම් දැව සංස්ථාවෙන්ම ගන්න,එතකොට පර්මිට් එකටත් කචල් නැ නේ,එළ ලි නම් දාන්න එපා පොඩ්ඩක්වත්,ලි බාස්ලා හන්ගලා ලි මඩු වලින් ඔවා දානවා (එහෙම කරනවාට කොමිශන් අත යටින් ලැබෙනවා) ලි ගනුදෙනු වලදි අතරමැදියෝ තියාගන්න එපා,සැර කොමිශන් වදිනවා එතකොට,ඇලුමිනියම් කරනවා නම් ලඟම තැනක් සෙට් කරගන්න (හොඳට කරන) අපි ඒක සැරයක් අපේ ටිකක් ලොකු වැඩක් නුවරින් කරගන්නෙ නැතුව සිදුව පැත්තෙන් ගෙනත් කරගත්තා,අන්තිමට සල්ලිත් අරගන වැඩත් හරියටම උනේ නැ...
5 - ගෙවිම්
අපි නම් වර්ග අඩි ගානට හැමදාම බාස්ලට පොරොන්දු උනේ,දවසේ පඩි කෙරුවාව අපිට කරන්න අමාරුයි,දවසේ පඩි කෙරුවාව කරනවා නම් ලඟම ඉඳන් වැඩ කරනවද කියල බල බල ඉන්න ඔනේ,එක හරියන්නෙ නැ නේ ඉතින්,එකෙන් වෙන්නෙ බාස්ලත් අපිත් එක්ක තරහ වෙන එක,අනික හැම වෙලාවෙම වැඩ කරන බාස්ලා සතුටෙන් තියන්න,කන්න බොන්න දෙන්න,ඔය අවුරුද්දක් වගේ සෙට් උනොත් කියක් හරි වැඩිපුර දිලා ඇඳුමක් එහෙමත් දෙන්න,තව ඉතින් කරන්න පුලුවන් ඉදව්වක් කරන්න...කිසිම දවසක හිත රිද්ද්වන්න එපා නිස්කාරනේ...
පසුව ලියමි
ෆවුන්ඩෙශන් එක හරියට දාගන්න,පරස් උනොත් එකේ පරහ පෙන්නෙ වහලයෙන්
වාස්තු වල ඉඳන් ගෙයක් හදන්න ඔන වෙන ඔනම දෙයක් අහන්න දන්නවා නම් කියන්නම්...
තව හිතට එන දෙවල් පස්සෙ දාන්නම් ,ඔයාලත් දන්න දෙවල් කියන්න....හොඳින් ගෙවල් ටික හදාගන්න මචංලා,හදන අයට මගෙන් සුභපැතුම් !!!!
Last edited:
