මචන්ලා අද මන් ලොකු පිනක් කරගත්තා ඉතින් ගොඩක් සතුටු දවසක් එකයි මෙ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ. මගෙ හිතේ ටික දවසක ඉඳලා කඨින පින්කමක් කරන්න ආසාවක් තිබුනා නමුත් අවස්තාවක් හම්බුනේ නෑ මොකද අවුරුදු ගානක් යනකල් කඨින පුජාව බාර අරන් තිබුනා.ඔය අතරේ තව පන්සලකට ගිය අවස්තාවක එ පන්සලේ ස්වාමීන්වහන්සේ දහම් පාසලක් හදන්න ගොඩක් මහන්සිවෙනවා කියලා දැනගත්තා. දැනට බිත්ති හදලා ඉතුරු ටික කරගන්න බැරුව පොල් අතු සෙවිලි කරලා තමා වහලයක් හදාගෙන තිබ්බේ. ගමේ අයත් පුලුවන් විදියට ආදාර කරලා තිබ්බා. මට එ වෙලාවේ හිතුනා පුලුවන් විදියට උදව් කරන්න ඔන කියලා. ඉතින් මන් අද දවසේ වහලෙට ඕන කරන ශීට් සහ අවශ්‍ය සිමෙන්ති පුජාකරා. හාමුදුරුවන්ගේ මුහුනෙ ලොකු හිනාවක් සහ සතුටක් තිබ්බා අද ලොකු බරකින් නිදහස් උනා කියලත් කිවුවා. මට ගොඩක් සන්තෝශ හිතුනා ඒ වචන ටික ඇහෙද්දිත්. ආපහු එන්න යද්දි පන්සලේ කටින පුජාව කරන්නත් අවස්තාව හම්බුනා.
ඉතින් මෙ වගෙ ගොඩක් පන්සල් ලංකාව පුරාම තියනව. ඉල්ලීමක් විදියට කියන්නම්, ඔයාලත් පුලුවන් නම් ඒ වගෙ තැනකට පුලුවන් විදියට උදව් කරන්න.
අද මෙ කරගත්ටු පින පින් කැමති හැමොටම අත් වෙවා, වහ වහ සසර දිකින් මිදීමට මෙ පින හේතු වේවා!