හප්පෝ ඕකනම් මහ එපා වෙන වැඩක්..
දෙතුන් සැරේ බඩගාන්න වෙන එක තමයි එපා වෙන්නේ..
man nan gihin baara dunna. naagarika komasaris ge sign eka gaha ganna tika kaalayak balan inna una man phone ekenmai wade kale.
හප්පෝ ඕකනම් මහ එපා වෙන වැඩක්..
දෙතුන් සැරේ බඩගාන්න වෙන එක තමයි එපා වෙන්නේ..
maru machan,වටිනවා
තියෙන ගෙදර ඉඩමේ තව ගෙයක් හදන්න අනුමත කරන්න ඕනද බන් ???
maru machan,වටිනවා
තියෙන ගෙදර ඉඩමේ තව ගෙයක් හදන්න අනුමත කරන්න ඕනද බන් ???
machan single story house ekak nam aduma 7'6" tiyanne one rear space. pare size eka anuwa wenas weanawa pare mada idala building eka patangnna tiyanna one dura .. Ex:- adi 15 paraknm .. pare center idala 15' tiyanna one .. ea vidihata pare palala anuwa wenas wenawa..
anika council eka book eka ...... eka eka council ekadi gana wenas wenawa ... anika plan eka submit karankota ganna ganath plan eka total sq.ft ekata anuwa wenas wenawa.. mn plan adina nisai danne ..
මචෝ, මට advice එකක් දියල්ල. අපි ගෙයක් ගන්න හදන්නේ. ඒකෙ survey plan එක නෑ. 1975 එකක්. ඔප්පුව තියනවා. එකේ පරණ survey plan එකේ විස්තර තියනවවා. ඒ හින්ද නැවත එකක් අන්ද ගත්තා. දැන් අලුත් එක නගර සබාවෙන් පාස් කර ගන්නේ කොහොමද. දන්නා කෙනෙක් කියල දෙන්න. please.
ඉඩමේ මායිමත් එක්ක යන blind wall එකක් තියෙනවනම් charted engineer කෙනෙක් ගේ certification එක තියෙන්න ඕන කියල
ප්‍රාදේශීය සබාවෙන් කිව්වා, මම හිතන්නේ land border එකේ base වලවල් දාන විදිහ නොර්මල් විදිහට වඩා වෙනස් නිසා වෙන්න ඇති... අනික මගේ slab 2ක් තියෙනවා..
හොඳ වෙලාවට මගේ plan එක ඇන්දේ charted engineer කෙනෙක් මොකද මම ගෙදරට මුල් ගල තියෙන නැකතට දවස් 4කට කලින් ප්‍රාදේශීය සබාවට ගියේ plan එක pass කරන්න දෙන්න
මගේ වෙලාවට දවස් දෙකෙන් pass කරලා දුන්න කිසි කරදරයක් නැතුව
![]()
ඔන්න මචන්ලා මගේ ගෙදර ප්ලෑන් එක ඇඳලා ඉවරඉ. ප්‍රාදේශීය සභාවේ අනුමැතියට බාර දුන්නා. ඒකෙන් දුන්න "ගොඩනැගිලි අයදුම් පත්‍රය" පුරවද්දී මට හිතුනා අලුතෙන් ගෙවල් හදන්න ඉන්න කට්ටියටත් දැනගන්න සපුරන්න ඕනේ අවශ්‍යතා ටික කිව්වොත් වැදගත් වෙඉ කියල.
මහා නගර සභා වල ගොඩනැගිලි අයදුම් පත්‍රය පොතක් විදියට එන්නේ එකේ ගොඩක් විස්තර තියෙනවා පුරවන්න.
සුදුසුකම් :-
නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත්‍ර ඉදිරිපත් කිරීම.
1.අදාල බිම් කොටස පාදේශිය/නගර සභාව මගින් යෝජිත සංවර්ධනය සඳහා අනුමත කර තිබීම.
2.එම අනුමත මානක සැලැස්මේ (survey plan) පිටපතක් ඉදිරිපත්කල යුතුය.
3.ඉදිරිපත්කරන සැලසුම ඉදිරිපෙනුම,පැති පෙනුම, හරස්කඩ, ක්ෂේත්‍ර සැලසුම, සංවර්ධනයේ මාතෘකාව,
4.අත්තිවාරම් හරස්කඩ ඇතුලත්ව තිබිය යුතුය.
5.ඉදිරිපත් කරන සැලසුම නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව හා අදාල පරිමාණයන්ගෙන් යුක්තව සකස්කර තිබීම.
6.සුදුසුකම්ලත් පුද්ගලයෙකු සහතික කර තිබීම (structural engineer).
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :- පාදේශිය/නගර සභාවේ ගොඩනැගිලි අංශය.
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- -රු : 583 (මේ මට ගිය ගාන)
ඉදිරිපත් කලයුතු වේලාවන් :-කාර්යාලීය දිනවල -පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා - ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- රු : 4105 (මේ මට ගිය ගාන)
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-සති 02 ක් හෝ 08 ක් අතරතුර.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
1. නේවාසික
*පාදේශිය/ නගර සභාව විසින් අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්
*අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්
*ඔප්පු පිටපතක්.
*අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.(වරිපනම් කියන්නේ මාර වටිනා ලියවිල්ලක් අනිවාර්යෙන් ගෙවපල්ලා. දැනට ගෙවන්නේ නැත්තන් හද ගනිල්ලා)
*වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.
*අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.
*ජා.හැ පතේ පිටපතක්
2. වාණිජ හා කර්මාන්ත. (මේ සම්බන්දව වැඩි විස්තර දන්නේ නැත)
*පාදේශිය/ නගර සභාව මගින් වාණිජ හෝ කර්මාන්ත භාවිතය සඳහා අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්.
*අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්
*ඔප්පු පිටපතක්.
*අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.
*වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා
සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.
*අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.
*ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය.
*කර්මාන්ත භාවිතය සඳහා නම් මූලික සැලසුම් නිරාකරණ අයදුම්පතක් ඉදිරිපත් කල යුතුය.
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි ක්‍රියාත්
අනුමත නොකල ඉඩම් කට්ටි අනුමත කිරීම
ඉඩමත් නිවසත් අනුමත නොකර හදල . පස්සෙ අනුමත කර ගන් බැරිද?
දන්න අය උදව් කරන්න
ලොකු ඉඩමක් කට්ටි කරල කට්ටි 30ක් වගෙ විකුනල තියෙන එකක. එ මුල් ඉඩමෙ plan එක අනුමත කරල නැහැ.ගේත් බාගෙට හදල ඉවරෛ. ඉතුරු ටික හදන්න loan ganna ඉඩම අනුමත කරගන් ඔනි. ඉඩම් කට්ටි 3 ක් වගෙ තමෛ අනුමත කර ගෙන තියෙන්නෙ. අනික් අය ඔක්කොම අනුමත නොකර ගෙවල් හදල.
මගෙ කොටසට අදාලව plan එක ඉඩමෙ ඇදල තියෙන්නෙ.මට දන් ඉඩම අනුමත කරගන්න ඕනි. ඊට පස්සෙ ගෙදර ප්ලනක් ඇදගන අනුමත කරගන් ඕනි.
දන්න අය කරගන් පුලුවන් කොහොමද කියන්න
ලොකු උදව්වක්