ගොඩ යන්න අලුත් බිස්නස් එකක්
සෙනිකව වැඩිහිටි නිවාසයක් දා ගන්න ඕනි අන්න බිස්නස්...
අලුත් වයසට යන ඇප් එක දැකල ඉෂානි මෙහෙම ලියල තියනව දැකල මට අතීත සිදුවීමක් මතක් වුණා
මම කැනඩාවට ආව අලුත පාඨමාලාවක් කළා. දවසක් ලෙක්චර්ස් ඉවරවෙලා බස් එකට ඉද්දි ඒ බස් එක බලාගෙන අවුරුදු විසි දෙක තුනක් කියල හිතන්න පුළුවන් පිරිමි ළමයෙකුත් හිටිය. ඒ ළමයත් මම ඉගෙනගන්න උසස් අධ්‍යාපන ආයතනයේම කියල හිතුන ඉන්න බස් හෝල්ට් එකේ හැටියට. ඉතින් කතාවට වැටුණා.
මම: මොකද්ද කරන ප්‍රෝග්‍රම් එක?
ඔහු: Funeral Services
මම: අම්මෝ.. ඔයාගේ ක්ලයන්ට් කෙනෙක් දිහා බලන විදියට මං දිහා බලන්න එපා (කොල්ලට හොදටම හිනා. )
ඔහු: නැහැ. ඔයාට තව කල් තියෙනවා.
මම: එහෙම ක්ලයන්ට්ල අඳුනගන්න හැටිත් උගන්වනවාද?
ඔහු: (හිනාව අතරින් ) නෑ නෑ මම ඉස්සර වෙන්නත් පුළුවන්.
මම: අන්න ඒකනේ. අපි දෙන්නම එක බස් එකට ඉන්නේ. කවුරු ඉස්සෙල්ල බහිද දන්නේ නැහැ.
මම දැකල තියනව මිනීපෙට්ටි එහෙම ගේනවා. ඔයාල ප්‍රැක්ටිකල් කොලේජ් එක ඇතුලෙම කරනවද?
ඔහු: ගොඩක් වෙලාවට.. ඒ පෙට්ටි ඇතුලේ මිනි නැහැ. ඩමි තියෙන්නෙ. සැරසිලි වලටත් ගේනවා. සමහරවිට අයිතිකාරයෝ නැති ඒවා ගෙනෙනවා ඇති. මම හරියටම දන්නේ නැහැ.
මම: ඔච්චර අඩු වයසෙන් මෙහෙම ජොබ් එකක් කරන්න ඉගෙනගන්න හිතුවේ ඇයි ? පවුලේ බිස්නස් එකක් තියනවද?
ඔහු: මම මෙහෙ නෙමෙයි. (ටිකක් දුර පළාතක නමක් ) එහෙ දැන් ගොඩක් ඉන්නේ හැත්තෑවට වැඩි කට්ටිය. funeral parlor ගම් දෙක තුනකටම එකයි තියෙන්නෙ. බිස්නස් එකක් විදියට හොඳටම වැඩි දියුණුවෙන්න අවස්ථා තියනව. (It's a fast growing business කියල කිව්වෙ).
මම: ඉතින් මෙච්චර දුර ආවේ ඉගෙනගන්න?
ඔහු: එහෙ මේ කෝස් එක නැහැ. මේක තමයි ප්‍රාන්තෙන්ම හොඳම එක. මට ඕන උපරිම හොඳට ඉගෙනගෙන ඉහලින්ම බිස්නස් එක කරන්න.
මම: සුබපැතුම්. පළාතේ අවශ්‍යතාව අඳුනගෙන ඒකට සැරසෙන තරුණ ළමයෙක් හමුවීමත් සතුටක්. හැබැයි බිස්නස් එක පටන්ගත්තාම අපිව අමතක කරන්න හොඳේ ?
කොලුවා හිනාවෙන්ම සමුගත්ත.
ඉන්පසු සම්මන්ත්රණයකදි ඒ පාඨමාලාව හදාරන තරුණියකුත් හමුවුණා.
මම මේක ලියන්න හිතුවේ ලංකාවේ එහෙම අනාගතය ගැන හිතා අද සැලසුම් කරන ඉගෙනුම් අවස්ථා, ව්‍යාපාර අවස්ථා ගැන තරුණයෝ තව දැනුවත් වුනානම් හොඳයි කියල මතක් වුනු හින්ද. ඒ සඳහා සැලසුම් සහගත අධ්‍යාපන ආයතනත් ඕන. නැත්නම් විශ්ව විද්‍යාලෙන් අයින් වුනු දවසේ ඉඳල ආණ්ඩුවේ රස්සාවක් බලන් ඉන්න තරුණ පරපුර ඔහොමම ඉඳියි.
copied