අපනයන කරන මොනා හරි පැතිවල ඒවටනම් වැඩිපුර රජයේ සහයෝගයක් ලැබෙයි ඉදරියට. මොක ද ඩොලර් එක වගේ ඒව පාලනය කරන්න ඕන නිසා ඒ වගේ ඒවට දිරිගැන්වීම් ලැබෙයි. වර්තමානයේ රට අභ්‍යන්තරයේ බිස්නස්නම් ටිකක් අවධානම් වැඩියි. ඒත මුලදි සුලුවට පටන්ගෙන හරියට කරන් යනවනම් කරන්න හැකියාව තියෙනව.
තමන්ට කරන්න හැකි මොන වගේ දේවල් ද කියල ඉස්සෙල්ල අවබෝධයක් ගන්න එක හොඳයි. කොයි වගේ දැනුමක් ඒ ඒ පැති ගැන තියෙනව ද, කොයි වගේ මූල්‍යය හැකියාවක් තියෙනව ද, කොයි වගේ කැමැත්තක් තියෙනව ද වගේ දේවල් හා ඉන්න පලාත, වෙනත් යටිතල පහසුකම් වගේ දේවලුත් බලන්න වෙනව.