ගෝටාභයට මෙහෙම වුනේ උද්දච්චකම නිසයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවාසනාවන්ත තත්වයකට පත්වීමට සිදු වුයේ ඔහුගේ තිබුණු උද්දච්ච කම, නම්‍යශීලී නොවීම හා වැරදි උපදේශකයන්ගේ උපදෙස් ලබා ගැනීම නිසා බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

    හැට නව ලක්ෂයක් ජන වරමක්, තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් හිමිකර ගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වූ දේ ගැන කනගාටු වන බව ද උන්වහන්සේ පැවසූහ.

    රටට සෞභාග්‍ය උදා කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වුවද ඔහුට රටට සෞභාග්‍යවත් දීමට නොහැකි වූ බවද හිමියෝ කියා සිටියහ.

    කෙසේ නමුත් ඒ මහතා නීතියෙන් වරදකරුවකු නොවන නිසා ඔහුට මෙරටට පැමිණ නිදහසේ ජීවත් වීමට ඉඩ තිබිය යුතු බව ද ආනන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    කෙසේ නමුත් ඒ මහතා නීතියෙන් වරදකරුවකු නොවන නිසා ඔහුට මෙරටට පැමිණ නිදහසේ ජීවත් වීමට ඉඩ තිබිය යුතු බව ද ආනන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
    මේ ටික කරගන්න ඔය මුට්ටිය දාන්නේ :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    උද්දච්චයො කොහොම හරි ගේම ගහනවා. මෝඩයොත් කොහොම හරි ගේම ගහනවා. මූ ඇවිල්ලා උපන්ගෙයි මෝඩ උද්දච්ච නිවට බය ගුල්ලෙක්.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උද්දච්චයො කොහොම හරි ගේම ගහනවා. මෝඩයොත් කොහොම හරි ගේම ගහනවා. මූ ඇවිල්ලා උපන්ගෙයි මෝඩ උද්දච්ච නිවට බය ගුල්ලෙක්.
    ගෝටාට ආයෙ තනතුර හම්බ වෙනව කියන්නට තර්කයක් තියෙනවා.

    මෙහෙම හිතමු...රනිල්ගෙ ප්‍රධාන බේසිස් එක තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය ,පැසිස්ට් වැඩ කරනවට විරෝදී බව..රනිල් කියන විදිහට හොදේ

    රනිල් කියනව අරගලේ පැසිස්ට් නිතිවිරෝධී කියලත්...

    එහෙම කියන්නෙ නිකන් මිනිහෙක් නෙවෙ මේ රටේ ජනාදිපති
    එතකොට ගෝටගෙ පැත්තෙන් කොහොමද ??

    රනිල් එනම් මේ රටේ දැනට ජනාදිපතිතනතුර දරන කෙනාම කියනවා එදා 9 වෙනිද අරගලේ පැසිස්ට් නිති විරෝදි ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධ් කියලම...
    එනම් ගෝටට ඉල්ලා අස්වෙන්න කියල තියෙන්නෙ නිති විරෝධී උත්සාහයක උන්න පැසිස් කන්ඩායමක් ඒ අනුව රටත් රටේ පොදු බේරාගැනීමත් උදෙසා ඒ තමන්ට ඉල්ලා අස්වෙන්න ආපු නීති විරෝධි අයුතු තර්ජනේට අස්වුනා මිසක් ඒක සැබෑ කැමතෙත් අස්වීමක් නෙවේ කියන්න පුලුවන්.

    එනම් ඉල්ලා අස්වීම උනේ අයුතු බලපෑමක් නිසා කියන වග..හරියට කොල්ලකාරයො අහින්සක මිනිස්සු ප්‍රාණ ඇපයට අරන් ඉන්න වෙලාවක කෙනෙක්ට ගන්න වෙන තිර්‍රනයක් වගේ එකක්.
    ඒනිසා මූලික අයිතිවාසිකම් නඩුවකින් තමන්ට උන අගතියට ආපසු ඒ තනතුරේ පිහිටුවන්න ඉල්ලිය හැකියි ආපු ගමන්.
    රනිල්ගෙ අරගලේ වැරදියි ඒක පොදු ජනයගෙ පොදු ක්‍රියාකරිතවයක් නොවේ කියන කියමෙන නිසා රනිල්ම ඒක අනීතික අරගලයක් කියනවනම් රනිල්ට යුතුකමක් සහ සදාචාරත්මක බැදීමක් එනව ඒ අසාධාරනයට හෝ බලපෑමට ලක්වි වින්දිතය උන කෙනාට හිමි තනතුර ආයෙ ස්වෙච්චාවෙන්ම බාරදෙන්න.

    මෙහෙම සිද්දියකට දැනට නීතියෙ ප්‍රතිපාදන නැන්නම් ඒත් අලුත් කේස් ලෝ එකක් බිහි වෙලා හරි යමක් වෙන්න වෙනවා ඔය කියන පසුබිම තුල.

    මේ තර්කයට බේස් වෙන්නෙ රනිල් කියන අරගලේ පොදු ජනයගෙ උවමනාවට නෙවෙ පැසිට් කල්ලියක උස්සාහයක් කියන පසුබිමට සාපේක්ශව මිසක් සැබැ පොදු ජන අභිලාශයට අනුව නෙවේ.ගෝටට ආයෙ දෙන්න ඕන නෑ කියල කියනවනම් කියන්න වෙන්නෙ ඉස්සෙල්ල අරගලේ ඇත්තම පොදු මහජන නැගිටීමක්ය කියන එක පිලි අරන් ඉවර වෙලයි.
    -FB

    Ranil da gota da???:D
     
    • Haha
    Reactions: ruchira55

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උද්දච්චයො කොහොම හරි ගේම ගහනවා. මෝඩයොත් කොහොම හරි ගේම ගහනවා. මූ ඇවිල්ලා උපන්ගෙයි මෝඩ උද්දච්ච නිවට බය ගුල්ලෙක්.

    @nicjosh83 @erozan @2osama @elajani @Antare 2.0 ehema neda ponna wesige putho
     
    • Haha
    Reactions: ruchira55