ගෝටා පරාදයි .. !!! 18+ සිංහල ඔබ කියවන්න ..

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    Born again

    ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති අන්තවාදී ආගමේ අලූත්ම බිල්ල බවට පත්වී තිබෙන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමයි.

    ඔහු ජාත්‍යන්තරයේ පවා ඉතා ඉහළින් තම නම රැන්දවූ කන්ද උඩරටින් බිහිවූ සුපිරි ක‍්‍රිකට් තරුවකි. දැනට ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගෙන සිටී. එම සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගේ එක් දරුවකුට රෝගයක් වැළඳුණි. ඒ සඳහා ලබාගත් වෛද්‍ය ප‍්‍රතිකාරවලින් ඔහු බලාපොරොත්තු වූ සුවය එක්වරම නොලැබුණි.

    එම සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයා යම්කිසි පුද්ගලයකු හරහා ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගමේ පූජකවරයෙක් හඳුනා ගනී. කලක් ඔවුන් ඉතා ළගින් ඇසුරු කළේය. ඉන් පසු එම පූජකවරයා ක‍්‍රමක් ක‍්‍රමයෙන් එම ක‍්‍රිකට් ක‍්‍රීඩාකයාව තම ආගම වෙත නැඹුරු කර ගත්තේය. අවසානයේ එම ක‍්‍රීඩකයාගේ දරුවාගේ රෝගයද පූජකවරයා තම ආගම හරහා සුවකර දුන්නේ යැයි ඔහු විශ්වාස කළේය.

    ආගම හරහා කිසිසේත් රෝග සුවකළ නොහැකිය. යම්කිසි රෝගී තත්ත්වයක් ඇත්නම් එය සුවකළ හැක්කේ වෛද්‍ය ප‍්‍රතිකාර වලින් පමණි. එසේ නැතිනම් නොපෙනෙන බලවේග වලට එවැනි රෝග සුවකළ නොහැකිය. එම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා කොතරම් බුද්ධිමත් වුවත් ඔහුගේ මනස එම පූජකයා විසින් ඉතා සූක්‍ෂම අයුරින් වෙනස් කර තිබුණි.

    එම නිසා කවුරු මොනව කීවත් එම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තම දරුවා සුවපත් කළේ එම ආගමෙන් යැයි විශ්වාස කළේය. එයට තුටු පඬුරක් ලෙස එම පූජකවරයාට පල්ලියක් සාදා දීමටද ඔහු කටයුතු කළේය. එනම් ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) ආගමේ තත්ත්වය එහි පූජකවරු ඕනෑම පුද්ගලයෙක්ව ඉතා සූක්‍ෂම අයුරින් තමන්ගේ ආගමට හරවා ගනී. ඔවුන් එම ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගෙන් නැවතුනේ නැත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළද තම ආගම පැතිරවීමට උත්සාහ කළේය.

    ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) ආගමේ පූජකවරුන්ගේ සැලසුම සාර්ථක විය. ඔවුන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සිට පරිපාලන නිලධාරීන් දක්වා කිිහිප දෙනෙක්ම තම ආගම වෙත නතු කර ගත්තේය. ඒ හරහා ඔවුන් ඉතිරි ක‍්‍රීඩකයන්ව සහ නිලධාරීන්ව තම ආගම වෙත නැඹුරු කර ගැනීමේ ප‍්‍රබල උත්සාහයක යෙදී සිටිති.

    මෙම මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරය නිසා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තවත් විශාල ගැටලූවකට මුහුණදී තිබේ. එම ආගමට නොබැඳෙන ක‍්‍රීඩකයන්ට සුදුසුකම් තිබුණත් තරගවලට සහභාගි විය නොහැකිය. එම නිසා සමහර ක‍්‍රීඩකයෝ අකමැත්තෙන් වුවද එම ආගම වැළඳ ගනිති. එලෙස නොවුණහොත් ඔවුන්ට සිදුවන්නේ නිවසට වී සිටීමටයි.

    ක‍්‍රිකට් කණ්ඩායම තුළ ඉහළ නිලතල දරන නිලධාරීන් කිහිප දෙනෙක්ගේ මෙම මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරය නිසා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සිටින්නේ මහත් පීඩනයකිනි. ඔවුන් කොතරම් දක්‍ෂතා දැක්වූවත් ඵලක් නොමැත. අනිවාර් යෙන්ම මූලධර්මවාදී ආගම වැළඳ ගත යුතුය. ඉහළ නිලධාරීන්ගේ තීරණය එයයි. දක්‍ෂතා ඇති සමහර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට දිනෙන් දිනම කැපිලි එන්නේ මෙම තත්ත්වය නිසා වන්නට පුළුවන.

    එම ආගම වැළඳ ගැනීමට අකැමැති දක්‍ෂතා සහ පළපුරුද්ද ඇති ක‍්‍රීඩකයන් කිහිප දෙනකු සිටින්නේ ඉතාමත් පීඩනයකිනි. එම ආගම වැළඳගත් ඉහළ නිලධාරීන්ගේ බලපෑම් මත ඔවුන් තරගවලට පවා මුහුණ දෙන්නේ නිරවුල් මනසකින් නොවෙයි. එම නිසා ඔවුන්ට තරගවලදී සුපුරුදු දක්‍ෂතා පවා දැක්වීමට නොහැකි වී තිබේ. මෙයින් ප‍්‍රයෝජන ගන්නා එම මූලධර්මවාදී ආගම වැළඳගත් ඉහළ නිලධාරීහු තරගයක දෙකක දක්‍ෂතා නොදැක්වුවහොත් එම ක‍්‍රීඩකයන්ව කණ්ඩායමෙන් එළියට ඇද දමති. එලෙස ඇද දමා එම ආගම වැළඳගත් දක්‍ෂතා අඩු ක‍්‍රීඩකයන්ට පවා කණ්ඩායමේ ස්ථානයක් ලබා දෙති. ඒ තරමටම ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට බලපෑම් එල්ල කරයි.

    මෑතකදී පත්වූ ක‍්‍රිකට් නිල මඬුල්ලේ සමහර නිලධාරීන් ක‍්‍රියා කරන්නේද එම මූලධර්මවාදී ආගමට අනුව බව පැවසේ. මෙය ඉතාමත් ඛේදජනක තත්ත්වයකි. මෑතකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස සිටි චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වූයේද මෙම මූලධර්මවාදී ආගම වැළඳගත් නිලධාරීන්ගේ බලපෑම් නිසාය. ඔහු ප‍්‍රසිද්ධියේ පවසා සිටියේ තමන් මෙම මූලධර්මවාදී ආගම වැළඳ ගන්නවා නම් අදටත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන බවයි.

    මීට පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ මෙවැනි ප‍්‍රශ්න ඇති වුණේ නැත. තමන්ට කැමැති ආගමක් දහමක් අදහාගෙන නිදහසේ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුනට හිමිව තිබුණි. එහෙත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. දක්‍ෂයාට නිසි තැන ලැබී නොමැත. ක‍්‍රීඩකයන් කොතරම් දක්‍ෂතා දැක්වුවත් වර්තමානයේදී තැනක් නොමැත. දැන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ ස්ථානයක් ලබා ගැනීමට නම් ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගම වැළඳ ගත යුතුය.

    අවුරුදු කිහිපයක සිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල බොහෝ දේ විනාශ වෙමින් පවතී. එකල ජාත්‍යන්තරයේ අංක එකට සිටි අපි දැන් අනෙක් පැත්තෙන් අංක එකේ කණ්ඩායම බවට පත්වී සිටිති. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එවැනි තත්ත්වයකට ඇද දැමුවේ කවුරුන්ද යන්න රටම දනී. දැන් සිදුකළ යුත්තේ එම තත්ත්වයෙන් ගොඩ යෑමට මගක් බලා යළි සුපුරුදු දක්‍ෂතාවලට පැමිණීමයි. එහෙත් වගකිවයුතු නිලධාරීන් එවැන්නක් සිදු කරන ආකාරයක් පෙනී යන්නට නොමැත. ඔවුන් ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල ඉතිරි ටිකත් විනාශ කිරීමට උත්සාහ දරති. එයට හොඳම උදාහරණය වන්නේ මෙම මූලධර්මවාදී ආගම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ ව්‍යාප්ත කිරීමට දරන උත්සාහයයි. වගකිවයුතු නිලධාරීන් වහාම මේ ගැන සොයා බැලිය යුතුය. එසේ නොවුණහොත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තව නොබෝ දිනකින්ම වලපල්ලට යනු ඇත.


    :sorry::sorry::sorry::sorry::sorry:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    පුදුම සැකයකින් ජීවත් වෙන්නේ මූ වගේ ලොස් පොරවල්. කතෝලික ආගම අද වෙනකොට බෞද්ධ අයට වඩා සංස්කෘතියෙන් සිංහල බෞද්ධ. ඒ අය බහුතර සංස්කෘතියට ඉන්ටිග්‍රේට් වෙලා තියෙනවා ලස්සනට. මේක ලියපු එකා මන්ද මානසික පිස්සෙක්, නැත්තම් මේ රටේ තවත් නැති අවුලක් අවුලවන්න ආපු කොන්ත්‍රාත්කාරයෙක්.

    ඒක තමා බං මාත් බැලුවෙ... ;)

    මේ ජරමර අස්සෙ සිංහල කඩ කැඩුවෙ කවුද කියන්ඩ පුලුවන්නං

    මූ මේ ගෝඨගෙ කොන්ත්‍රාත් එකක් තමා කරන්නෙ :lol:

    මමනං ඡන්දෙ දෙන්නෙ අලුත්ම කෙනෙක්ට, ගෝඨටවත් රනිල්ටවත් නෙමේ...
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අමතක කරන්ඩ එපා කතෝලිකයන්ගෙ ආගම වෙනස් වුණාට ජාතිය සිංහල කියන එක
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ කොහොමද කියන්නේ සිංහලුන් බෙදෙනවා කියන්නේ.... මේ පාර සිංහලයින් අතිශය බහුතරය එක පැත්තකට ගන්න පුලුවන්.... ඒක ගෝඨද මොකාද කියන එක පස්සේ බලමු... හැබැයි රජෝ කවදාවත් යූඇන්පියෙන් ඉල්ලන්නේ සක්කරය වුණත් ඌට සිංහලයෙක්ගේ චන්ද දෙන්න එපා.... යූඇන්පිය ආණ්ඩුවක් තිබ්බ හැම කාලයම සිංහලය පීචං වුණා.... ආයේ ඒ වැරද්ද කරන්න එපා....​
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඹ කියන එකේ පොඩි සත්‍යතාවක් තියෙනවා. නමුත් මුලු කතෝලික ප්‍රජාවට මේක අදාල නැහැ. උඹ කියන දේ ඇත්ත නිසා තමයි 2015දී ලොකු වෙනසක් කරන්න හේතු උනේ. රාජපක්ස කිව්වම ඔලුව විකාර වෙන කට්ටියක් ඉන්නවා.ඒකට හේතුව මචන් ඒ මිනිස්සුන්ගේ ඔලුවලට එක එක ඒවා පොවන එක සහ දෙමළ කතෝලික පිරිස් LTTE එකට යම් නැඹුරුවක් තිබීම. ඒ වගේම හැම ආගමකම අන්තවාදීන් සිටීමත් උන්ට විරුද්ධව ක්‍රියා කිරීම තමන්ගේ මුළු ආගමටම විරුද්ධවීමක් ලෙස ඒ ඒ ආගමිකයින් සිතීමත් කියලයි හේතුව කියල මට හිතෙන්නේ.

    මේකටත් හේතුව මම හිතන්නේ යූ.එන්.පී කාරයෝ සුලු ජාතීන් අල්ලගෙන පච හැලි පිටින් අත ඇරලා සුළුජාතීන්ට අසාධාරණයක් වෙනවා කියල බලයට පැමිණීම. අපේ රටේ අවාසනාවට හිටපු රාජපක්සතුමා කලෙත් 2010න් පස්සේ බලය ගැන හිතපු එක විතරයි.ඉතින් මිනිස්සුන්ට තිබ්බ විකල්පය මේ කාලකන්නි තුප්පහි යූ.එන්. පී රොත්තට දෙන එක තමයි. දැන් තමයි ඉතිං හැමෝගෙම පුකවල් ගිනි අරන් භයානකකම තේරිලා තියෙන්නේ. මටනං හිතෙන්නේ මේක කතෝලික අයට සහ විශේෂයෙන් දෙමෙල්ලුන්ටත් තේරිලා ඇති කියල. මොකද මුන් හැමෝම දන්නේ නැති උනාට උන්ගේ නායකයෝ පාර්ලිමේන්තුවේ ඉඳන් කරන්නේ එක එක පච ඇරලා ලෝකේ රවට්ටලා උන් හම්බ කරගන්න එක විතරයි. අවාසනාවකට අපේ සිංහල නායකයෝ ටික කරන්නෙත් වෙන විදිහකට ඔය වැඩේම තමයි. තම්බි ගැන ඉතින් කවර කතාද?

    මටනං හිතෙන්නේ මචන් එකමුතුවක් නැති කමින් මේ තම්බි අපිට හොඳම ඇරිල්ලක් අරිනවා කියන එක තමයි. අවාසනාවකට මේක කොච්චර භයානකද කියන එක තාම අපේ උන්ට තේරිලා නැහැ. එහෙමයි කියල අපි කවදාවත් තම්බි කඩ කුඩු කරලා හරියන්නේ නැහැ.මොකද අපේ උන්ව ඒ තැනට යොමු කරලා සිංහල නම කැත කරලා ඩොලර් හම්බ කරන පිරිසක් ඉන්නවා.

    අපි මොන දේ උනත් සිංහල,දෙමල , කතෝලික පිරිස් මේ ව්‍යසනයට විරුද්ධව එකමුතු වෙන්න ඕනේ.විශේෂයෙන් සිංහල බෞද්ධයින්. ඒකට ඉතින් ආදර්ශයක් දෙන්නේ නැතුව නං මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. මොකද හැමෝම ටාගට් කරන්නේ සිංහල බෞද්ධයන්ව නිසා.
     
    Last edited:

    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    මහින්දගේ වයිෆ් කතෝලික නේ! මහින්දගේ ලේලිත් කතෝලික නේ! උන් දෙන්නා පල්ලියෙත් බැන්දා නේද? බැසිල්ගේ දුව සුද්දෙක් නේ බැදලා ඉන්නේ! ගෝටා කතෝලික රටක පුරවැසියෙක් නේ! ඒක ප්‍රශ්නයක් නැද්ද? අපේ රටේ ඉන්න මිනිස්සුන්ව බෙදන්නේ නැතුව ඉදන් මනස්ගාත ඔලුවට දාලා!
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    මන් කියුවේ ඒක තමයි බන් .
    අපේ උන්ට තේරෙන්නේ නැහැ . කොහොමත් අපි ඉවරයි කියලා හිතනවා දැනටම .
    ෆ්බ් වල මේවගේ සයිට් වල කමෙන්ට් දැක්කම තවම සිංහල උන් 50% 50% බෙදිලා ඉන්නේ .
    කොහොමත් අපිට ගොඩ ඒමක් නැහැ .
    ඉන්න ටික කාලේ නිදහසේ ඉදල මැරිලා යමු .
    අපෙන් පස්සේ උපදින සිංහල පරම්පරාව කුරුසයන්ට හම්බයන්ට දෙමළුන්ට ගැත්තන් වෙලා සුළු ජාතියක් වෙලා අපා දුක් විදියි .
    මොනව කරන්න ද බන් ...

    ඇත්ත බන්..
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901
    113
    පුදුම සැකයකින් ජීවත් වෙන්නේ මූ වගේ ලොස් පොරවල්. කතෝලික ආගම අද වෙනකොට බෞද්ධ අයට වඩා සංස්කෘතියෙන් සිංහල බෞද්ධ. ඒ අය බහුතර සංස්කෘතියට ඉන්ටිග්‍රේට් වෙලා තියෙනවා ලස්සනට. මේක ලියපු එකා මන්ද මානසික පිස්සෙක්, නැත්තම් මේ රටේ තවත් නැති අවුලක් අවුලවන්න ආපු කොන්ත්‍රාත්කාරයෙක්.

    Siraawata
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    මචං උඹ තවම ඒලෙවල් කරන එකෙක් නේද?
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ක්‍රිස්තියානි කියන්නෙත් සින්හලු තමා ආය උන් වෙන රටකින් ආව නෙවේ නෙ. උඹ සිංහලුන්ට බෙදෙන්න එපා කියල වෙන විදිහකින් සිංහලු බෙදන එක කරන්නේ.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: SL Hypocrite

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මු කියන ඒවා වැඩිය හිතන්න එපා රට බයිලයක් ගහන්නේ
    තම්බි නෙතිම කරන්න එකතු වෙලා ඉන්න වෙලාවේ මුන්ට ඕන කරවන්න
    මෝඩ වෙන්න එපා මේ වෙලාවේ කලේ නෙත්නම් යේ කවදාවත් කරන්න බැ
    මතක ටියගනිල්ල
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,380
    113
    විදේශගතව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තව දුරට ත් විදෙස්ගතව සිටින බව නීතිඥවරුන් ඊයේ අධිකරණයට දැනුම් දෙන ලදි.

    ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේ ගනුදෙනු පිළිබඳ නඩුව අද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අලි සබ්රි

    මහතා දැනුම් දුන්නේ රාජපක්ෂ මහතා වෛද්‍ය උපදෙස් මත පරීක්ෂණ කිහිපයක් සඳහා තව දුරට විදේශගතව සිටින බවයි.

    පසුගිය 24 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වූයේ අධිකරණයේ අවසරය ඇතිවයි.

    ඔහු ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය පෙර නියම කළ පරිදි ලබන 19 වැනිදා ආරම්භ කරන්නේ ද නැත්ද යන නියෝගය එදින නඩුව කැඳවූ පසුව නිකුත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද දැනුම් දුන්නා.

    මෝසමක් ඉදිරිපත් කරමින් එම නඩුව කැඳවා ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කළ කරුණු දැන්වීම සළකා බැලූ අධිකරණය ඉදිරියේදී රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති නීතිඥවරයාට නියෝග කළා.
    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/06/gotabhaya-on-sick.html
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    රට ඉවරයි නේද. තාප්ප පාට කරමුත ආය කොල්ලනේ ?

    Baby Doll Crying GIF
     
    • Haha
    Reactions: SLK_sri