ගෝඨාගේ ජනපති සිහිනය බොදවෙයි
ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීම සදහා ඇමරිකාවෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ විසින් පෙබරවාරි 10 වනදින පළාත් පාලන මැතිවරණයෙන් පසුව මෙලෙස ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සදහා ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම ඉල්ලීම ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඔහු එරට පුරවැසියෙකුව සිටියදී ඔහුට විරුද්ධව වෙනත් චෝදනා එල්ල වී ඇතිදැයි සොයා බැලීමට අවශ්‍ය බවයි. ඇමරිකාවේදී මෙන්ම ඇමරිකාවෙන් පිටතදීද ඔහුට විරුද්ධව කිසියම් හෝ චෝදනාවක් එල්ල වී තිබෙනවාදැයි සෙවීමට අවශ්‍ය බවද ඇමරිකානු පුරවැසි හා සංක්‍රමණ සේවා පිළිබද ඒකකය විසින් ගෝටාභය රාජපක්ෂට දැනුම් දී තිබෙනවා. එහිදී ඔවුන් වැඩි දුරටත් දන්වා ඇත්තේ එය එරට නිතිය අනුව උසාවියක් මගින් මේ විමර්ශනය සිදුකල යුතු බවය.
කෙසේ නමුත් මෙලෙස ඇමරිකාව විසින් ඔහුගේ පුරවැසිභාවය ඉවත් කිරීමේදී විමර්ශනයක් සිදුකළහොත් ඔහුට විරුද්ධව ශ්‍රී ලංකාව තුල එල්ල වී ඇති දුෂණ හා අපරාධ චෝදනා විශේෂ විමර්ශනයකට ලක්වනු ඇත. ගෝටාභය රාජපක්ෂට විරුද්ධව පැහැරගැනීම්, මිග් යානා ගනුදෙනු, ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා පිළිබද චෝදනා එල්ල වී ඇති නිසා මෙම චෝදනා වලට ඇමරිකාවේ නීතියට යටත් වීමට ඔහුට සිදුවනු ඇත.
මෙලෙස ඔහුගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකිවීම නිසා යම් හෙයකින් හෝ ඔහු 2020 ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට ඉදිරිපත් වීමට සිටියානම් ඔහුට එයද ශ්‍රී ලංකාවේ නිතිය අනුව සිදු කිරීමට නොහැකි වනු ඇත. ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට ඉදිරිපත් වනවානම් ඔහු ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු නොවිය යුතු නිසාය.

Last edited: