ගෝඨාගේ ජනපති සිහිනය බොදවෙයි

tintin4

Member
Dec 20, 2017
272
34
0
ගෝඨාගේ ජනපති සිහිනය බොදවෙයි

33517742_2008769319441214_7207946693197692928_n.jpg

ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීම සදහා ඇමරිකාවෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ විසින් පෙබරවාරි 10 වනදින පළාත් පාලන මැතිවරණයෙන් පසුව මෙලෙස ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සදහා ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම ඉල්ලීම ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඔහු එරට පුරවැසියෙකුව සිටියදී ඔහුට විරුද්ධව වෙනත් චෝදනා එල්ල වී ඇතිදැයි සොයා බැලීමට අවශ්‍ය බවයි. ඇමරිකාවේදී මෙන්ම ඇමරිකාවෙන් පිටතදීද ඔහුට විරුද්ධව කිසියම් හෝ චෝදනාවක් එල්ල වී තිබෙනවාදැයි සෙවීමට අවශ්‍ය බවද ඇමරිකානු පුරවැසි හා සංක්‍රමණ සේවා පිළිබද ඒකකය විසින් ගෝටාභය රාජපක්ෂට දැනුම් දී තිබෙනවා. එහිදී ඔවුන් වැඩි දුරටත් දන්වා ඇත්තේ එය එරට නිතිය අනුව උසාවියක් මගින් මේ විමර්ශනය සිදුකල යුතු බවය.

කෙසේ නමුත් මෙලෙස ඇමරිකාව විසින් ඔහුගේ පුරවැසිභාවය ඉවත් කිරීමේදී විමර්ශනයක් සිදුකළහොත් ඔහුට විරුද්ධව ශ්‍රී ලංකාව තුල එල්ල වී ඇති දුෂණ හා අපරාධ චෝදනා විශේෂ විමර්ශනයකට ලක්වනු ඇත. ගෝටාභය රාජපක්ෂට විරුද්ධව පැහැරගැනීම්, මිග් යානා ගනුදෙනු, ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා පිළිබද චෝදනා එල්ල වී ඇති නිසා මෙම චෝදනා වලට ඇමරිකාවේ නීතියට යටත් වීමට ඔහුට සිදුවනු ඇත.

මෙලෙස ඔහුගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකිවීම නිසා යම් හෙයකින් හෝ ඔහු 2020 ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට ඉදිරිපත් වීමට සිටියානම් ඔහුට එයද ශ්‍රී ලංකාවේ නිතිය අනුව සිදු කිරීමට නොහැකි වනු ඇත. ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට ඉදිරිපත් වනවානම් ඔහු ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු නොවිය යුතු නිසාය.
 
Last edited:
  • Like
Reactions: Oli_Vili and monson

tintin4

Member
Dec 20, 2017
272
34
0
කෝමද පොනිල්ගෙ මොලේ !
උබල හිතනවද ඇමෙරිකාව ගෝට ට සපෝට් කර යි කියල
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙන්ඩ බන් ඕක හොයා ගත්තෙ e news එකෙන් එහෙම නෙමේනෙ.. :lol::lol::lol::lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    lol..... US citizenship එක cancel කරන එක එච්චර අමාරු නෑ බන්.. embassy එකට ගිහින් sign කරල cancel කරන්න යන fee එක ගෙවන්න විතරයි තියෙන්නෙ බන්.. :P
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    lol..... US citizenship එක cancel කරන එක එච්චර අමාරු නෑ බන්.. embassy එකට ගිහින් sign කරල cancel කරන්න යන fee එක ගෙවන්න විතරයි තියෙන්නෙ බන්.. :P

    සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර දෙන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයදුම් පත්‍රය සම්බන්ධයෙන් ක්‍රියා කරමින් ඔහුගේ පුරවැසිභාවය අවලංගු කර ඔහු නිදහස් කිරීමට අදාළ කටයුතු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ වන තුරුත් ආරම්භ කර නැතැයි විදේශීය තානාපති අංශ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.

    ඊට හේතු වී තිබෙන්නේ පුරවැසිභාවය ලබා ගැනීමට ලෝකයේ අපහසුම රට ඇමරිකා එක්සත් ජනපදය වන තත්ත්වය හමුවේ, එම රටේ පුරවැසිභාවය අවලංගු කර දෙන ලෙසට යම් පුද්ගලයකු ඉල්ලා සිටින්නේ නම් එසේ කරන්නේ සිය රාජ්‍යට හානියක් සිදු කිරීමට ද යන සැකය මත ඇමරිකාව ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන අතර ඒ සඳහා විශාල කාලයක් ගතවීම යැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

    යම් පුද්ගලයකු සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කර දෙන ලෙසට ඉල්ලා සිටින්නේ ඔහුගේ රටේ රාජ්‍ය නායකත්වයට තරඟ කිරීම සඳහා අවශ්‍ය සුදුසුකමක් සපුරාලීමට නම් මෙම ක්‍රියාවලිය වඩාත් බරපතළ සහ සංකීර්ණ වනු ඇතැයි විදේශීය තානාපති අංශ නිලධාරියෙක් සමග පැවසීය.

    එවැනි වාතාවරණයකදී එම පුද්ගලයා ඔහුගේ රටේ රාජ්‍ය නායකයා වීම සම්බන්ධයෙන් ඒ රට නියෝජනය කරන කලාපයේ ප්‍රබල රටවල දේශපාලන මතය ද,ඔහුගේ රටේ ජනාවගේ මතය ද, ඔහුගේ දේශපාලන ප්‍රතිපත්තිය සහ ස්ථාවරය ඇමරිකාවට බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද, ඇමරිකානු රාජ්‍ය ඉතා ගැඹුරින් කරුණු සලකා බැලීමය යැයි ද ඔහු සඳහන් කළේය.

    මේ තත්ත්වය හමුවේ අදාළ පුද්ගලයා ඔහුගේ රටේ රාජ්‍ය නායකත්වය සඳහා තරඟ කිරීමට අවශ්‍ය සුදුසුකමක් සපුරාලීම වෙනුවෙන් ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කිරීමට නම් ඇමරිකාව ඊට අදාළව ඔහු සමග යම් යම් එකඟතා සහ කොන්දේසිවලට පවා පැමිණීමට ඉඩ තිබෙන බව ද එම තානාපති අංශ නිලධාරියා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

    මේ අතර කලාපීය රාජ්‍යයක රාජ්‍ය නායකත්වයට හමුදා නායකයකු හෝ අමරරිකානු පුරවැසිභාවය සහිත පුද්ගලයකු ඉදිරිපත් වන්නේ නම් ඔහුට ඉන්දියාවෙන් කසිදු සහයෝගයක් නොලැබෙනු ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

    එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවාට බැසිල් රාජපක්ෂ පාර්ශවයේ දැඩි විරෝධය මේ වන විට එල්ල වෙමින් පවතියි.

    යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එම අවස්ථාව ලබා නොදුන්නොත් සහ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂය සහය දුන්නොත් ඊට එරෙහිව දැඩි දේශපාලන තීරණයක් ගැනීමට ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඇතුළු ගෝඨාභය රාජපක්ෂ පාර්ශවය තීරණය කර තිබේ.

    බැසිල් රාජපක්ෂ පාර්ශවයේ ස්ථාවරය වී තිබෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයකට යළි ඉදිරිපත්වීමට නොහැකි නිසා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතවීමට ඉඩ හැර අගමැති ධූරය සඳහා තරග කිරීමේ අවස්ථාව ඔහුට උදාකර දිය යුතු බවය.

    මේ අතර ජනාධිපති අපේක්ෂකයා සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කර ගෙන ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශේෂ රැස්වීමක් ද හෙට (24) සවස කැඳවා තිබේ.

    උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසි භාවය අවලංගු නොකෙරුණොත් සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකෙරුණොත් ඒකාබද්ධ විපක්ෂයට 2020 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

    ඊට හේතුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවාට බැසිල් රාජපක්ෂ පාර්ශවයේ පවතින විරෝධය සහ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවාට ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයේ පවතින විරෝධය වගේම 2020 ජනාධිපතිවරණය සඳහා ව්‍යවස්ථානුකුලව මහින්ද රාජපක්ෂ මහතාට තරඟ කළ නොහැකි තත්ත්වයක් තිබීම යැයි ද එම විචාරකයෝ වැඩි දුරටත් පෙන්වා දුන්හ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ක්‍රියේටිව් ස්ටෝරි...
    ඇමෙරිකාවත් කැමති වෙයි තමන්ගේ රටේ පුරවැසියෙක් වෙලා හිටිය කෙනෙක් රාජ්‍ය නායකයෙක් වෙන එකට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    lol..... US citizenship එක cancel කරන එක එච්චර අමාරු නෑ බන්.. embassy එකට ගිහින් sign කරල cancel කරන්න යන fee එක ගෙවන්න විතරයි තියෙන්නෙ බන්.. :P


    So.. why snowden can't do this? he can cancel his US citizenship and get PR on other country. :baffled:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    නිකන් කැන්සල් වෙන පුරවැසිබාවය මට ඉල්ල ගන්න බැරිද? :sorry:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,422
    20,872
    113
    Panadura
    කොහෙන්ඩ බන් ඕක හොයා ගත්තෙ e news එකෙන් එහෙම නෙමේනෙ

    :lol: :lol: :lol:
    පව් බන් පොන්නයෝ ටික
    ගෝඨාට පොඩි බය විල්ලක් නෙමේ බය වෙලා තියෙන්නේ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    So.. why snowden can't do this? he can cancel his US citizenship and get PR on other country. :baffled:



    එතන තියෙන්නෙ වෙනම issue එකක් මචන්.. , citizenship cancel කරන්න පුලුවන් USA embassy එකක් ඇතුලෙ USA ambassador ඉස්සරහ sign කරල විතරයි මචන්.. snowden US embassy එකක් ඇතුලට ගියොත් නම් ආපහු එලියට එන්න වෙන්නෙ නැ කියල ඌ දන්නව මචන්.. UN නීතිය අනුව US තානාපති කාර්‍යාලයක් ඇතුලෙ snowden ව කෑලි කරත් කාටවත් මුකුත් කරන්න බැ මචන්.. :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: :lol: :lol:
    පව් බන් පොන්නයෝ ටික
    ගෝඨාට පොඩි බය විල්ලක් නෙමේ බය වෙලා තියෙන්නේ

    :rofl::rofl: හත් ගවුවක් තියා මෙහෙම බය නම් හිතපන්කො චන්දෙ ලන් උනාම..අපිට කනක් ඇහිල ඉන්ඩ වෙන්නෙ නැ මුන්ගෙ ඇඩියාවට.. :lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,422
    20,872
    113
    Panadura
    :rofl::rofl: හත් ගවුවක් තියා මෙහෙම බය නම් හිතපන්කො චන්දෙ ලන් උනාම..අපිට කනක් ඇහිල ඉන්ඩ වෙන්නෙ නැ මුන්ගෙ ඇඩියාවට.. :lol::lol:

    :yes: :lol: :lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    කොහෙන්ද යකෝ මේ බොරුව හොයා ගත්තේ. ඇමෙරිකාවේ උන්ට පිස්සු නෑ බන් කාවවත් බලෙන් තියාගෙන ඉන්න. ශුවර් එකට මූ මගේ poll එක දැකලා බයවෙලා