ගෝඨාට සිතාසි බාර දුන් අවස්ථාව

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ගෝඨාට සිතාසි බාර දුන් අවස්ථාව

Track-down--Served.jpg



පසුගිය ඉරිදා සවස කැලිෆෝනියාවේ පැසඩීනාහි පිහිටි ‘ට්‍රේඩර්ස් ජෝ’ සුපිරි වෙළඳ සංකීර්ණයේ රථ ගාලේ දී ‌ගෝඨාභයට එරෙහිව පවරා ඇති නඩු ‌දෙකක් සඳහා අධිකරණයේ ‌පෙනී සිටින ‌ලෙස දන්වා නිකුත් කළ සිතාසි ‌දෙක ‌ගෝඨාගේ අතටම බාර දුන් අවස්ථාව. (ප්‍රිමියර් ගෲප් ඉන්ටර්නැෂනල් විසින් ප්‍රසිද්ධ කරන ලද්දකි)
 
Last edited:

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    මේ නඩු වලට ලසන්තගේ දුවට ස්පොන්සේර් කරන්නේ මහින්දද ?
    දකුණේ ගැම්ම පට්ටයි බ්‍රෝ
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Gahala-Gota--Ganja-Dilith-USA1.jpg


    නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නමැති ගහලයාගේ ජනාධිපති සිහිනය විනාශ කරමින් මීට පැය කිහිපයකට පෙර කැලිෆෝනියාවේ දී (කැලිෆෝනියාවේ වේලාවෙන් 7 ඉරිදා සවස ) ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ගෝඨා විත්තිකරුවෙකු කරමින් ඇමරිකාවේ පැවරූ නඩුවක් සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නිකුත් කළ සිතාසියක් ගෝඨාභයගේ අතටම බාර දී තිබේ.

    මෙම නඩුව පවරා ඇත්තේ ලසන්ත වික්‍රමතුංගගේ ඇමරිකාවේ පදිංචි දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය විසිනි.

    ගෝඨාභය සිය පවුල පිටින් කැලිෆෝනියාවට ගොස් සිටියේ ඔහුගේ ව්‍යාපාරික සගයෙකු වන සංජීව ගුණසේකර නමැත්තාගේ දියණියකගේ විවාහ උත්සවයට සහභාගී වීමට ය. ඉරිදා දහවල් ගෝඨාගේ තවත් ගජයෙකු වන මල්රාජ් නමැත්තා සංවිධානය කළ ‘අනාගත ජනාධිපති හමුවන්න’ (Meet The Future President) නම් මුදල් එකතු කිරීමේ වැඩ සටහනකට සහභාගී වූ ගෝඨාභය ඇමරිකාවේ ප්‍රකට ‘ට්‍රේඩර්ස් ජෝ’ සුපිරි වෙළඳ සංකීර්ණ ජාලයේ කැලිෆෝනියාවේ පිහිටි වෙළඳ සංකීර්ණයකට ගොස් තිබේ.

    ඔහු පසුපස ලුහුබැඳ ඇති අධිකරණ නිලධාරීහු ඉහත කී සිතාසිය වෙළඳ සංකීර්ණය තුලදී ඔහුගේ අතටම බාර දී බාර ගත් බවට අත්සනක් ද ලබාගෙන තිබේ.

    ගෝඨාභයගේ කුප්‍රකට මිග් ගණුදෙනුව ගැන දිගින් දිගටම තොරතුරු අනාවරණය කළ සන්ඩේ ලීඩර් එවක කර්තෘ ලසන්ත වික්‍රමතුංග බැටළුවන් ඝාතනයට භාවිතා කරන ආයුධයකින් හිසට ඇන අමානුෂික ලෙස ඝාතනය කරන ලද්දේ 2009 ජනවාරි 8 වෙනිදා ය. 2015 ජනවාරි 8 වෙනිදා යහපාලන ජනාධිපතිවරයා ලෙස සිරිසේන බලයට පැමිණි අතර ඔහු ජනවාරි 9 වෙනිදාම ලයිට් නිවාගෙන ගෝඨාභය සමග රහසිගත සාකච්ඡාවක් කළ බව හෙළි කෙළේ සිරිසේනගේම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලියූ පොතකිනි. ඒ අනුව ලසන්ත ඝාතනය ගැන පරීක්ෂණ යහපාලන ආණ්ඩුව යටතේ දියත් වුවද ඒ පරීක්ෂණ බරපතල ලෙස අඩාල කෙරිණ. හමුදා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවාට දැඩි ලෙස විරෝධය දැක්වූයේ සේනාධිනායක සිරිසේන ය. ඊට එරෙහිව ක්‍රියා කිරීමට අගමැති රනිල්ගේ එජාපෙ ආණ්ඩුව ද නිසි ‌දේශපාලන අරමුණකින් ක්‍රියා ‌කෙළේ නැත. ඒ හේතුවෙන් වසර 4 ක් ගියද ලසන්ත ඝාතනය ගැන නඩුවක් පැවරීමට ලංකාවේ යහපාලන ආණ්ඩුවට නොහැකි විය. ලසන්තගේ දියණිය අහිම්සා ගහල ගෝඨාභයට එරෙහිව ඇමරිකාවේ දී නඩු පවරා ඇත්තේ ඒ අනුව ය.

    ගෝඨාභය මෙවර ඇමරිකාවට ගියේ දෙරණ නාලිකාවේ අයිතිකාර දිලිත් ජයවීර හෙවත් ‘ගංජ හුටං’ සහ ඔහුගේ පවුලේ අයද සමග ය. ඔවුන් ලබන 12 වෙනිදා ලංකාවට පැමිණීමට නියමිතව සිටියද දැන් ගෝඨා පැටලී ඇති නඩුව අනුව ඔහුට 12 වෙනිදා ලංකාවට පැමිණීමට නොහැකි වනු ඇත. සමහර විටෙක මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අවසන් වන තුරු ද ඔහුට ලංකාවට පැමිණීමට නොහැකි විය හැකිය. මන්ද යත් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් වන බැවිනි. ඉරිදා උදයේ ‘අනාගත ජනාධිපති හමුවන්න’ ගිය කැලිෆෝනියාවේ සිංහල ගොබ්බයන්ගේ සිහිනය සවස් වෙද්දී වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල කඩා වැටුනා සේ කඩා වැටී තිබේ.



    සේයාරූ වල දැක්වෙන්නේ සිතාසිය කඩා වැටීමට පෙර ගංජ දිලිත් සමග ගහල ගෝඨා ගීත ගයමින් විනෝද වූ අවස්ථාවක් සහ නඩුකරයේ පිටපතක ‌කොටසකි
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේක ගැන දැන් නිවුස් වල කිව්වා. එහෙම එකක් දීලා නැතිලු. ගෝටා මේ කියන ප්‍රාන්තෙත් නෙවෙයිලු ඉන්නේ කියල උගේ ආරක්ෂකයෙක් කිව්වලු උන්ට.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේක ගැන දැන් නිවුස් වල කිව්වා. එහෙම එකක් දීලා නැතිලු. ගෝටා මේ කියන ප්‍රාන්තෙත් නෙවෙයිලු ඉන්නේ කියල උගේ ආරක්ෂකයෙක් කිව්වලු උන්ට.

    දැනුවත් වුනා! ස්තුතියි.:D:D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දිව්රා පුරවැසිකම ගත්ත රටෙන් සලකන්නේ මේමද ? ලංකාවේ නං එහෙම නෑ
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ගෝඨාභය ජනපතිවරණය ජයගන්නා බවට ඇති හොදම සහතිකය නම් සතුරන් ඔහුව නැවැත්වීමට දරන අතිමහත් උත්සාහයයි.✌️
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    ගෝඨාභය ජනපතිවරණය ජයගන්නා බවට ඇති හොදම සහතිකය නම් සතුරන් ඔහුව නැවැත්වීමට දරන අතිමහත් උත්සාහයයි.✌️

    :yes::yes::yes:

    Danatama sehenna gankata revila inne
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගෝඨාභය ජනපතිවරණය ජයගන්නා බවට ඇති හොදම සහතිකය නම් සතුරන් ඔහුව නැවැත්වීමට දරන අතිමහත් උත්සාහයයි.✌️

    33663046_254919551745188_745298987610800128_n.jpg
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ගෝඨාභය ජනපතිවරණය ජයගන්නා බවට ඇති හොදම සහතිකය නම් සතුරන් ඔහුව නැවැත්වීමට දරන අතිමහත් උත්සාහයයි.✌️

    ඒකනේ බං.පුදුම විදිහට මඩ ගහන්නෙ UNP උනුයි ජෙප්පොයි..