ගෝඨාත් අනිවාර්යෙන්ම එල්ලුම් ගහට යනවා
රාජපක්ෂ පාලනයේ ප්‍රබලයෙක් ලසන්ත ඝාතනයට කොටුවෙන ලකුණු..!
September 11, 2016
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කෙරෙන විමර්ශනවල ප්‍රගතිය අනුව මෙම ඝාතනය සඳහා ආසන්න හේතුව වී ඇත්තේ කුප්‍රකට මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීම විය හැකි බව පොලීසිය සඳහන් කරයි.
නොවටිනා මිලකට මිග් 27 යානා 4ක් මිලදී ගැනීමත් ව්‍යාජ සමාගම් පිහිටුවා විශාල කොමිස් ජාවාරමක් සිදු කර ඇති බවත් පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා ඔස්සේ හෙළිදරව් විය. මෙම වංචාකාරී ගනුදෙනුව සම්බන්ධයෙන් ලසන්ත වික්‍රමතුංග මහතා හෙතෙම කර්තෘත්වය දැරූ සන්ඩේ ලීඩර් පුවත්පතින් හෙළිදරව් කිරීම රාජපක්ෂ රෙජීමය වෙත පීඩාවක් ගෙන දුන් අතර මාස කිහිපයක් තිස්සේ ලුහු බැඳීමෙන් අනතුරුව ලසන්තව ඝාතනය කිරීම සිදු විය.
2006 ජූලි 26 වන දා මිග්-27 ප්‍රහාරක යානා 4ක් මිලදී ගැනීමටත් තවත් මිග් යානා 4ක් අලුත්වැඩියා කිරීමටත් යුක්රේනයේ මිග් යානා නිෂ්පාදනය කරන යුක්රින්මාශ් සමාගම සමඟ මෙරටට ආයුධ මිලදී ගැනීම සම්බන්ධයෙන් කටයුතු කළේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන ලංකා ලොජස්ටික් සමාගම වන අතර මෙහි දී සියලු මුදල් ගනුදෙනු වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ වර්ජිනියා ප්‍රාන්තයේ ලිපිනයක් සඳහන් කරමින් පිහිටුවා තිබූ බෙලිමීසා හෝල්ඩින්ස් නම් සමාගමක් මඟින් සිදු කෙරිණි. ඔවුන් ද මෙම ගිවිසුමේ පාර්ශ්වකරුවන් විය. එහෙත් මෙම සමාගම ව්‍යාජ සමාගමක් බව පසුව හෙළිවිය. මෙම දූෂිත ගනුදෙනුව සඳහා එවකට යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා ද ඍජුව මැදිහත්ව තිබිණි. වීරතුංග මහතා මෙම අවි ගනුදෙනු හා ජාවාරම් සඳහා සම්බන්ධ බවත්, 2014 නොවැම්බර් 19 වන දින ඔහුට එරෙහිව එරට බලධාරීන්ට පැමිණිලි ලැබී ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයෙන් ද විමසීමක් කර තිබුණි.
මිග් ගනුදෙනුව පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකොට නිසි පියවර ගනු ලැබුවහොත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය පවා අහෝසි විය හැකි බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා පසුගිය ජුනි මාසයේ දී පවසා තිබුණු නමුත් මිග් යානා ගනුදෙනුවට අදාළ ප්‍රධාන ලියකියවිලි රැසක් අතුරුදහන් වී ඇති බව පසුගිය දා පොලීසිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබිණි.
කෙසේ නමුත් ලසන්ත වික්රමතුංගගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ වසර හතකට ආසන්න කාලයක් යටපත්ව තිබූ අතර වත්මන් යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව එම පරික්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය. ඒ අනුව මෙම ඝාතනයට සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය විය. ඒ අතර ලසන්ත ඝාතනය මෙන්ම මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් සහ මාධ්‍යවේදී කීත් නොයාර්ට ප්‍රහාර එල්ල කිරීම ද එකම කණ්ඩාමක් විසින් සිදු කරනු ලැබූ බවට සාක්ෂි ලැබී තිබේ.
මේ වන විට ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ වූ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවේ පසුවෙති. මෙම ඝාතනය සිදු කිරීම සඳහා කණ්ඩායම් දෙකක් වෙන වෙනම යොදවා තිබූ බවත් හෙළිව තිබේ. මේ වන විට විමර්ශන කණ්ඩායම් අවධානය යොමු කර ඇත්තේ මෙම ඝාතනය සඳහා නියෝග ලබා දුන්නේ කවුරුන්ද යන්න හෙළිදරව් කර ගැනීම කෙරෙහිය.
වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමෙන් පසු මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේ දී බරපතළ වංචාවක් සිදුවී ඇති බවටත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊට සම්බන්ධ බවටත් සන්ඬේ ලීඩර් පුවත්පත විසින් පළ කළ වාර්තාවකින් තමන්ට අපහාසයක් සිදු වූයේ යැයි එම පුවත්පතට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා විසින් නඩුවක් ද පැවරූ නමුත් එම නඩු විභාගය වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට තහනම් කෙරිණි.
එහි දී ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියකු, එක් මාධ්‍යවේදියකු අධිකරණයට ඇතුල් වීම වළකා තිබුණේ “එපා කියන දේ නොකර ඉන්න. ඔයා විතරයි ඇවිල්ල ඉන්නෙ, ඔළුව තියෙන අය එන්නෙ නෑ. සිරස එන්නෙ නෑ, අරගොල්ලො මේගොල්ලො එන්නෙ නෑ. ඒ අය දන්නව මේකෙ ප්‍රතිවිපාක. ඔයාගෙත් මොළේ පාවිච්චි කරන්න. මොකද ඒ අය දන්නෙ නැතුවද මෙතෙන්ට අද එනව කියල? ඒගොල්ල දන්නව ඊට පස්සෙ කටඋත්තර දෙන්නයි අරවටයි මේවටයි කරදර වෙන බව” යැයි ප්‍රකාශ කරමිනි.
කිලිනොච්චි හා මුලතිව් යුද ජයග්‍රහණවලින් මුස පත්ව ඇති මොහොතක එනම් 2009 ජනවාරි 08 වන දින අත්තිඩිය බේකරි හන්දිය ප්‍රදේශයේ දී සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංගට මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කර තිබුණි. වික්‍රමතුංග මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව එදිනම දහවල් 2.15 පමණ ජීවිතක්ෂයට පත් විය.
ඝාතනයෙන් පසු අස්ථාන ගත වී තිබූ වික්‍රමතුංග මහතාගේ ජංගම දුරකථනය සමඟ කේ. පියවංශ සහ පී.ජේසුදාසන් නැමැති ගරාජ හිමියා, ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගැනුණි. නමුත් 2011 ඔක්තෝබර් මාසයේ දී පොලිස් අත්අඩංගුවේ දී ජේසුදාසන් මිය ගිය අතර, හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරියකු වන පියවංශ, මහෙස්ත්‍රාත්වරයාට එම කාමරය තුළ දී ප්‍රකාශය ලබා දීමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණි. නමුත් ඔහු සිදු කළ ප්‍රකාශය රහසක්ව පැවැතිණි.
වික්‍රමතුංග මහතා තමන්ව ලුහු බැඳි යතුරුපැදිවල අංක සටහන් කළ සිය පෞද්ගලික දින සටහන් පොත එවකට මෙම පරීක්ෂණය මෙහෙයවූ ගල්කිස්ස සහ මිරිහාන පොලිස් කණ්ඩායම භාරයට ගෙන තිබුණ ද එය ඉහළ නිලධාරීන් අතට පත්වීමෙන් පසුව අතුරුදන් විය.
වික්‍රමතුංග මහතාගේ ඝාතන පරීක්ෂණය දේශපාලන අධිකාරියේ බලපෑම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර නොදී එය ත්‍රස්ත විමර්ශන ඒකකයට බාරදීම සම්බන්ධයෙන් එවකට හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය චෝදනා එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහුට කටඋත්තර බැඳීමට ද සිදු විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදු කරන විමර්ශනවල දී මෙම ඝාතන පරීක්ෂණ යට ගැසීම සඳහා කටයුතු කළ බවට සැක කෙරෙන හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී කීර්ති ගජනායක යන අයගෙන් මේ වන විටත් ප්‍රශ්න කර ඇත. එමෙන්ම මේ වන විට වෙනත් ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගෙන්, එවකට යුද හමුදා බුද්ධි අංශය භාරව සිටි වත්මන් කිලිනොච්චි අඥාපති මේජර් ජනරාල් අමල් කරුණාසේකර එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියාව සිටි චන්ද්‍රා වාකිෂ්ඨ, යන අයගෙන් ප්‍රශ්න කිරීමට ද නියමිත බව පැවසේ. එමෙන්ම ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස් සහ තවත් පොලිස් නිලධාරීන් රැසකගෙන්ම මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන අතර මෙම ඝාතනයට අදාළ පරීක්ෂණ කටයුතු යටපත් කිරීම සම්බන්ධයෙන් පොලිස් හා යුද හමුදා ප්‍රධානීන් කිහිප දෙනකුම අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇති බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
වික්‍රමතුංග ඝාතනය කිරීම සඳහා යොදාගෙන තිබූ ආයුධය පසුගිය යුද සමයේ දී එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා යටතේ ක්‍රියාත්මක වූ හමුදාවේ විශේෂ බලකාය වෙත පාවිච්චිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගෙන්වනු ලැබූ සුවිශේෂී ආයුධයක් බවට ද (උලක් ලෙස සිරුරට ඇතුළු කිරීමෙන් පසුව නැවත පිටතට ගැනීමේ දී තවත් කැපුම් තල කිහිපය දෙපසට විහිදෙන ආකාරයෙන් එහි ඉදිරිපස කොටස විවෘත වන ආයුධයකි.) තොරතුරු හෙළිව තිබේ. එළඹෙන 27 වන දින ලසන්ත වික්‍රමතුංග මහතාගේ මළ සිරුර යළි ගොඩ ගෙන පරීක්ෂා කිරීමට හේතුව වී ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් පැන නැගි ගැටලු 21ක් යළි විමර්ශනය කිරීමට සිදුව තිබෙන නිසා බව බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
|සුභාෂ් ජයවර්ධන

Last edited: