ගෝඨාබය දකුණට වසන් කර උතුරට කී කතාව

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාබය දකුණට වසන් කර උතුරට කී කතාව

    ගෝඨාබය දකුණට වසන් කර උතුරට කී කතාව

    දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ උතුරේ දී කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය විසින් දකුණට වසන් කර තිබේ.

    ඔහු යාපනයේදී කියා තිබුනේ ත්‍රස්තවාදී චෝදනා යටතේ අත් අඩංගුවේ සිටින සිරකරුවන් නිදහස් කරන බවයි.

    “අපි එල්ටීටීඊ සාමාජිකයින් 13,000 ක් පුනරුත්ථාපනය කර නිදහස් කර ඇත්තෙමු. පන්දහසකට වැඩි සිරකරුවන් අතරින් 274 ක් හැර අන් සියල්ලන්ම අප විසින් නිදහස් කර තිබේ. මම ජනාධිපති ධුරයට පත් වු විට ඉතිරි සියල්ලම පුනරුත්ථාපනය කර නිදහස් කරන බවට මම පසුගිය සඳුදා යාපනයේ ජනතාවට පොරොන්දුවක් දුන්නා,” යැයි ගෝඨාබය රාජපක්ෂගේ ට්විටර් ගිණුමේ දෙමලෙන් ලියා ඇති පණිවුඩයක දැක්වේ.
    එම ප්‍රකාශයේ සිංහල හෝ ඉංග්‍රීසි පණිවුඩයක් මේ මොහොත වන තෙක් දැක ගන්නට නොහැකි විය.

    gota-twitter.jpg

    ගෝඨාබය රාජපක්ෂගේ ට්විටර් සටහන

    යාපනයේ ජන හමුව ෆේස් බුක් ඔස්සේ කරන ලද සජිවි විකාශයේ වීඩියෝව ගෝඨාබය රාජපක්ෂගේ නිල ෆේස් බුක් පිටුවේ පල කොට ඇත්තේ එම කතාව ආරම්භ වූ විගස ගීතයක් වාදනය කොට ඉන් පසුව නැවතත් ඔහුගේ කතාව ඇසෙන්නට සලස්වමිනි.

    නලලට තිලකයක් ද තබා ගෙන යාපනයේ ජනතාව අමතන ගෝඨාබය රාජපක්ගේ සජිවි විකාශය “තමුන්නාන්සේලා දෙන්නා එදා අපි දහතුන් දහසකට ආසන්න එල්.ටීටී.ඊ සාමාජියන්” යන්න සිංහලෙන් පවසනවාත් සමඟ නතර වී ඔහුගේ ප්‍රචාරක ගීතයක් ආරම්භ වන අතර ගීතය අවසන් වීම සමග නැවත සජිවි විකාශය ආරම්භ වන්නේ “මේ ප්‍රශ්න වලට මැදි වෙලා ජිවත් වෙන්නට අවශ්‍ය නැහැ,” යි ප්‍රකාශ කරනු සමගය.

    පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා දකුණේදී ප්‍රකාශ කර තිබුනේ අපරාධ චෝදනා යටතේ සිරගතව සිටින සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් බලයට පත්වූ පසුදා නිදහස් කරන බවයි.
    (ceylonnews.lk)

    https://www.theleader.lk/news/1332-gotabaya-jaffna-meeting
     
    • Like
    Reactions: ukkuwa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    okomath hari ara mahindaya lokka wage yana yana thana pitipasse idan inna eka tamai penna beri
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    37.gif

    ගූ බෙට්ටෙත් මිරිස් ඇට අහුලන හිරිකිත අවස්ථාවක්...
    ටොයියෝ ගෝඨාගෙ වැරදි හොයන්නෙ ඉලෙක්ට්‍රෝණ අන්වීක්ෂයට දාලා..
    හික්... හික්... හික්...

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    macfa Aliyek Puk gahala pampas andala

    yaha palanaya mathakayan
    විල්පත්තුව දැන් අමතකයි
    බුදු පිලිම වලට බදු ගැහුවා දැන්අමතකයි
    රණවිරුවන්ට ගැහුවා දැන් අමතකයි
    ඩිෆෙන්ඩර් වලින් ගිහින් ඉස්සුවා අමතකයි
    බඩු ගහලා එද්දී මිනිස්සු හප්පලා මැරුවා දැන් අමතකයි
    තෙල් පෝලිම දැන් අමතකයි
    වොක්ස් වැගෙන් එක ගැන ගහපු පම්පෝරි දැන් අමතකයි
    රාජිතගෙ බෙහෙත් මාෆියාව දැන් අමතකයි
    සයිටම් රජයට ගත්ත බොරුව දැන් අමතකයි
    කාබන් වලටත් බදු ගැහුවේ මේ ආන්ඩුවෙන් කියලා දැන් අමතකයි
    සතොස හරහා රටට කුඩු ගෙනාවාකියලා දැන් අමතකයි
    කාර් මිල වැඩි කරේ මේ ආන්ඩුවෙන් කියලා දැන් අමතකයි
    97 වතාවක් දැනුම් දුන්න පාස්කු ප්‍රහාරය ගැන දැන් අමතකය.
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාබය දකුණට වසන් කර උතුරට කී කතාව
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් උඹ කියන්නේ ඔක්කොම කොටි ටික මැරෙනකන් කූඩු කරලා තියන්න කියලද? එහෙම බැලුවොත් ජෙප්පෝ ටිකත් මේ වෙනකන් ඉන්න ඕන කූඩු වල. සිවිල් යුද්ද වලින් පස්සේ මිනිස්සු පුනරුත්තාපනය කරලා සමාජගත කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?
     
    * දකුණට වසන් කර *
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    * දකුණට වසන් කර *

    දකුණට වසන්කරන එක සාදාරනයි මොකද උඹල වගේ උන්ට ඔහොම දෙයක් ඇහුණම ඒක තේරුන් ගන්න බැරිව රට පෙරළන එක වෙන්නේ.
    උතුරේ ප්‍රශ්නේ දකුණට දැනෙන්නේ නෑ. යුද්දයක් තිබුනා මිනිස්සු මැරුණා දැන් යුද්දේ ඉවරයි. සැකකාරයෝ තවමත් කූඩු වල. අපිට ගානක් නෑ ඒත් උන්ගේ දෙමව්පියන්ට ඒක ප්‍රශ්නයක්. ඕකේ අමාරුව සිංහලුන්ට දැනෙන්න නං ලප කුමාරයයි උගේ ඇච්චෝ ටිකයි ඒ කාලේ කරපු ත්‍රස්තවාදී වැඩ නිසා හිරේ දාල තියන්න ඕන.
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63

    ඔව්.
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාබය දකුණට වසන් කර උතුරට කී කතාව
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගෝඨාබය දකුණට වසන් කර උතුරට කී කතාව

    දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ උතුරේ දී කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය විසින් දකුණට වසන් කර තිබේ.

    ඔහු යාපනයේදී කියා තිබුනේ ත්‍රස්තවාදී චෝදනා යටතේ අත් අඩංගුවේ සිටින සිරකරුවන් නිදහස් කරන බවයි.

    “අපි එල්ටීටීඊ සාමාජිකයින් 13,000 ක් පුනරුත්ථාපනය කර නිදහස් කර ඇත්තෙමු. පන්දහසකට වැඩි සිරකරුවන් අතරින් 274 ක් හැර අන් සියල්ලන්ම අප විසින් නිදහස් කර තිබේ. මම ජනාධිපති ධුරයට පත් වු විට ඉතිරි සියල්ලම පුනරුත්ථාපනය කර නිදහස් කරන බවට මම පසුගිය සඳුදා යාපනයේ ජනතාවට පොරොන්දුවක් දුන්නා,” යැයි ගෝඨාබය රාජපක්ෂගේ ට්විටර් ගිණුමේ දෙමලෙන් ලියා ඇති පණිවුඩයක දැක්වේ.
    එම ප්‍රකාශයේ සිංහල හෝ ඉංග්‍රීසි පණිවුඩයක් මේ මොහොත වන තෙක් දැක ගන්නට නොහැකි විය.

    gota-twitter.jpg

    ගෝඨාබය රාජපක්ෂගේ ට්විටර් සටහන

    යාපනයේ ජන හමුව ෆේස් බුක් ඔස්සේ කරන ලද සජිවි විකාශයේ වීඩියෝව ගෝඨාබය රාජපක්ෂගේ නිල ෆේස් බුක් පිටුවේ පල කොට ඇත්තේ එම කතාව ආරම්භ වූ විගස ගීතයක් වාදනය කොට ඉන් පසුව නැවතත් ඔහුගේ කතාව ඇසෙන්නට සලස්වමිනි.

    නලලට තිලකයක් ද තබා ගෙන යාපනයේ ජනතාව අමතන ගෝඨාබය රාජපක්ගේ සජිවි විකාශය “තමුන්නාන්සේලා දෙන්නා එදා අපි දහතුන් දහසකට ආසන්න එල්.ටීටී.ඊ සාමාජියන්” යන්න සිංහලෙන් පවසනවාත් සමඟ නතර වී ඔහුගේ ප්‍රචාරක ගීතයක් ආරම්භ වන අතර ගීතය අවසන් වීම සමග නැවත සජිවි විකාශය ආරම්භ වන්නේ “මේ ප්‍රශ්න වලට මැදි වෙලා ජිවත් වෙන්නට අවශ්‍ය නැහැ,” යි ප්‍රකාශ කරනු සමගය.

    පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා දකුණේදී ප්‍රකාශ කර තිබුනේ අපරාධ චෝදනා යටතේ සිරගතව සිටින සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් බලයට පත්වූ පසුදා නිදහස් කරන බවයි.
    (ceylonnews.lk)

    https://www.theleader.lk/news/1332-gotabaya-jaffna-meeting

    :D:D
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මේ තරම් දවස් රාජපක්ෂලා එක එක ජිල්මාට් දැම්මා...
    උතුරේ චන්දය වර්ජනය කරවන්න උපරිම උත්සාහ කලා..
    බැසිල් උපරිම බලය බෙදනවා කියලා පොරොන්දුවෙලා TNA සහය ගන්න හැදුවා...
    දැන් බැරි උනගමන් බයියො කොටි නැගිට්ටවන්න පටන් ගන්නවා ෂුවර්...

    74407470_1142725412784225_7072479580686123008_n.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගෝඨාබය දකුණට වසන් කර උතුරට කී කතාව

    දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ උතුරේ දී කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය විසින් දකුණට වසන් කර තිබේ.

    ඔහු යාපනයේදී කියා තිබුනේ ත්‍රස්තවාදී චෝදනා යටතේ අත් අඩංගුවේ සිටින සිරකරුවන් නිදහස් කරන බවයි.

    අපි එල්ටීටීඊ සාමාජිකයින් 13,000 ක් පුනරුත්ථාපනය කර නිදහස් කර ඇත්තෙමු. පන්දහසකට වැඩි සිරකරුවන් අතරින් 274 ක් හැර අන් සියල්ලන්ම අප විසින් නිදහස් කර තිබේ. මම ජනාධිපති ධුරයට පත් වු විට ඉතිරි සියල්ලම පුනරුත්ථාපනය කර නිදහස් කරන බවට මම පසුගිය සඳුදා යාපනයේ ජනතාවට පොරොන්දුවක් දුන්නා,” යැයි ගෝඨාබය රාජපක්ෂගේ ට්විටර් ගිණුමේ දෙමලෙන් ලියා ඇති පණිවුඩයක දැක්වේ.
    එම ප්‍රකාශයේ සිංහල හෝ ඉංග්‍රීසි පණිවුඩයක් මේ මොහොත වන තෙක් දැක ගන්නට නොහැකි විය.

    gota-twitter.jpg

    ගෝඨාබය රාජපක්ෂගේ ට්විටර් සටහන

    යාපනයේ ජන හමුව ෆේස් බුක් ඔස්සේ කරන ලද සජිවි විකාශයේ වීඩියෝව ගෝඨාබය රාජපක්ෂගේ නිල ෆේස් බුක් පිටුවේ පල කොට ඇත්තේ එම කතාව ආරම්භ වූ විගස ගීතයක් වාදනය කොට ඉන් පසුව නැවතත් ඔහුගේ කතාව ඇසෙන්නට සලස්වමිනි.

    නලලට තිලකයක් ද තබා ගෙන යාපනයේ ජනතාව අමතන ගෝඨාබය රාජපක්ගේ සජිවි විකාශය “තමුන්නාන්සේලා දෙන්නා එදා අපි දහතුන් දහසකට ආසන්න එල්.ටීටී.ඊ සාමාජියන්” යන්න සිංහලෙන් පවසනවාත් සමඟ නතර වී ඔහුගේ ප්‍රචාරක ගීතයක් ආරම්භ වන අතර ගීතය අවසන් වීම සමග නැවත සජිවි විකාශය ආරම්භ වන්නේ “මේ ප්‍රශ්න වලට මැදි වෙලා ජිවත් වෙන්නට අවශ්‍ය නැහැ,” යි ප්‍රකාශ කරනු සමගය.

    පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා දකුණේදී ප්‍රකාශ කර තිබුනේ අපරාධ චෝදනා යටතේ සිරගතව සිටින සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් බලයට පත්වූ පසුදා නිදහස් කරන බවයි
    .
    (ceylonnews.lk)

    :D:D
     
    Last edited:

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    මචංලා UNP අගමැති කව්ද කියල කියනවද චන්දේ දාන දවසට ඉස්සෙල්ලා.
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ප්‍රතිපත්ති කතා හමාරයි. ගෝඨාගේ ප්‍රචාරණය සුපුරුදු ජාතිවාදී මඩ ගොහොරුවටම බහී !

    දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය සුපුරුදු කොටි නැඟිටින කතා සමඟින් රට බෙදන කුමන්ත්‍රණ ගැන කියමින් ජාතිවාදය ඇවිස්සීමේ ස්ථාවරය දක්වා පල්ලම් බැස තිබේ.

    ඇත්තෙන්ම 2015 ජනාධිපතිවරණයේදී ද දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයාට වූ අතර මෙවර එහි වෙනසක් වනු ඇති බවට බලාපොරොත්තු සහගතව ප්‍රචාරණයක් ගෙනගියේ ද පොහොට්ටුවම විසිනි.

    විශේෂයෙන් උතුරේ දෙමළ ජනතාවගේ ඡන්ද දිනාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා සති දෙකක පමණ කාලයක් එම පළාත පුරා සංචාරය කරමින් රැස්වීම් පැවැත්වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ද උතුරේ ජනරැළි කිහිපයකටම සහභාගී වෙමින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු පොරොන්දු ගණනාවක්ම ලබාදුන්නේය. ඒ අතරම නාමල් රාජපක්ෂ මහතා හදිසියේම ඩුබායි රාජ්‍යය බලාගොස් LTTE සංවිධානයේ හිටපු මූල්‍ය ප්‍රධානී එමිල් කාන්තන් නමැත්තාව ද හමුව තිබුණේ උතුරේ ජනතාව ඡන්දය වර්ජනය කරන තැනකට හෝ ගෙන ඒම සඳහා සහායක් ලබාගැනීමටය.

    නමුත් මේ සියල්ල අසාර්ථ වූ තැන ඔවුන් සුපුරුදු පරිදි රට බෙදීමේ කොන්දේසි 13කට සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී ඇති බවට ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් කොටි නැඟිටීමේ තැටිය නැවත වාදනය කරමින් ජාතිවාදය වැපිරීම හරහා ගොඩයෑමේ උත්සාහයක නියැළී සිටී.

    මෙම කොන්දේසි 13 යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සකස් කරන ලද්දක් වන අතර ඔවුන් එය දෙමළ දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කළ නමුත් ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. ඒ ගැන කතා කළේ හෝ පොහොට්ටුවේම ප්‍රධානියකු වන වාසුදේව නානායක්කාර මහතාගේ මස්සිනා වන උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු කිහිප දෙනෙකු පමණි. විග්නේෂ්වරන් මහතා මුල පටන්ම ගෝඨාට වාසිවන ආකාරයෙන් දකුණ ඇවිස්සීමේ ප්‍රයත්නයක නිරත වන බව ලංකා නිව්ස් අපි මීට මාස කිහිපයකට පෙරම පෙන්වා දුන්නෙමු. මේ කොන්දේසි සම්බන්ධයෙන් දකුණට දැවැන්ත ප්‍රචාරයක් ලබාදුන්නේ ද ගෝඨා හිතවාදී මාධ්‍ය ආයතන විසිනි.

    දැන් සජිත් ප්‍රේමදාස මේ කොන්දේසි පිළිගත් බවත් ඒ අනුව සජිත් ජයග්‍රහණය කළහොත් අනිවාර්යයෙන්ම රට දෙකඩ කරන බවටත් ගෝඨාගේ ප්‍රචාරණ ජාලය විසින් පුවත් මවමින් ඇත.

    මෙය අලුත් කතාවක් ද නොවේ. රාජපක්ෂ පාර්ශ්වය 2015 ජනාධිපතිවරණය හමුවේ ද මෙයම කළේය. ඔවුන් එහිදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය රට බෙදීමේ ගිවිසුමකට අත්සන් තැබූ බව පවසමින් ව්‍යාජ ගිවිසුමක් ද මාධ්‍ය හරහා ප්‍රචාරය කළ නමුත් එය සාර්ථක වූයේ නැත. එසේම එජාප සහ TNA සහාය ලැබූ අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද රට බෙදුනේත් නැත. සිදුවූ එකම දෙය වූයේ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් එදා රාජපක්ෂ පිල සමඟ එක්ව සිටි තිස්ස අත්තනායක මහතාට නඩුවක් වැටීම පමණි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සටන ආරම්භ කළේම තමන් පැමිණ සිටින්නේ තම ප්‍රතිපත්ති ජනතාවට ඉදිරිපත් කිරීමට මිස ප්‍රතිවාදීන් විවේචනය කිරීමට නොවන බව පවසමිනි. තමන් කිසිවෙකුට මඩ නොගසන බවත් වැඩ පෙන්වන බවත් පවසමිනි. මේ වනවිට ගෝඨාගේ ප්‍රචාරණ ජාලය කතා නොකරන්නේම ද ප්‍රතිපත්ති ගැනය.

    ඒඅනුව පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය මේ වනවිට 2015දීත් අසාර්ථක වුණු, මෙවරත් අසාර්ථක වන බව හොඳින්ම දන්නා කොටි නැඟිටීමේ තැටිය වාදනය කරන තැනටම මානසිකව වැටී ඇති බවයි. තාර්කිකව ගත් කළ ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපාරය පසුගිය සති කිහිපය තුළ දියත් කළ සියලුම ව්‍යාපෘති අසාර්ථක වූ පසුබිමක ඔවුන් මේ ගායනා කරමින් සිටින්නේ "හංස ගීතය" බව කිව හැකිය.

    LNW

    :lol: