ගෝඨාභයගේ කූඨලේඛන 05
ගෝඨාභයගේ කූඨලේඛන කන්දරාවෙන් එකක්.
-----------------------------------------------------------------
ගෝඨාභය අවසන් වරට ලංකාවේ පුරවැසියකු ලෙස ජාතික හැඳුනුම්පතක් ලබාගෙන ඇත්තේ 1976 දෙසැම්බර් 21 වැනි දා ය. එහි අංකය 491724021V ය. එම ජා.හැ.අං. යටතේ ඔහු ඇමරිකන් පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ 2003 ජනවාරි 31 වැනි දා ය. පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසිභාවය ලබාගත් වහාම, එම පුද්ගලයාගේ ලාංකීය පුරවැසිභාවය ස්වයංක්‍රීයව අහෝසි වේ. ඒ අනුව තමන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන මෙන් විශේෂ ඉල්ලීමක් කළහොත් හැරෙන්න, වර්ෂ 2003 ජනවාරි 31 වැනි දායින් ගෝඨාභයගේ ලාංකීය පුරවැසිභාවය අවසන් වේ. එතැන් පටන් ඔහු ලාංකිකයකු නොව, අමෙරිකානුවකු වේ.
මෙය තවදුරටත් තහවුරු වන්නේ 2005 ජනපතිවරණය කාලයේ ය. මේ කාලයේ ගෝඨාභය ලංකාවට පැමිණ තිබෙන්නේ ඇමරිකානු පුරවැසියකු ලෙස සංචාරක වීසා යටතේ ය. ජනපතිවරණ සමය පුරා ම ලංකාවේ රැඳී සිටින ගෝඨාභය, ඇමරිකානු පුරවැසියකු මිස ලාංකීය පුරවැසියකු නොවන බව සිහි තබාගත යුතු ය.
මහින්ද රාජපක්ෂ ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වන්නේ 2005 නොවැම්බර් මස 18 වැනි දා ය. ගෝඨාභයට ද්වීත්ව පුරවැසි බාවය ලබා දුන් බව සහතික කෙරෙන මේ ලේඛනය අස්සන් කර තිබෙන්නේ නොවැම්බර් 21 වැනි සඳුදා ය. එනම්, මහින්ද ජනාධිපති ලෙස දිවුරුම් දී දින 03කිනි. එහෙත් පුදුමයක නම් මේ දින 03 ඇතුළත අදාළ අමාත්‍යංශයට ලේකම් කෙනෙකු ද පත්කර සිටියේ නැත! එහෙත් පුදුමයකට මෙන්, ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි අයදුම්පතේ "අමාත්‍යංශ ලේකම්" ලෙස සඳහන් ස්ථානයේ කවුරුන් දෝ අදෘශ්‍යමාන පුද්ගලයෙකු අත්සන් තබා තිබේ.
මේ අවුල ලෙහා ගැනීම පිණිස, නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ සියලු ලිපිගොනු උසාවියට ඉදිරිපත් කරන මෙන් උසාවිය නියෝග කළේ ය. මෙන්න දෙවැනි පුදුමය! ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාර්තා කරන්නේ එවැනි ලිපිගොනුවක් තමන් සතුව නැති බව ය! එසේ නම් මේ ලිපියේ දැක්වෙන්නේ අමු අමුවේ ම කූඨ ලේඛනයකි. එසේ නම් 2003 ජනවාරි 31 වැනි දා සිට අද මේ දක්වා ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙකි. ඔහුට 2003න් පසුව කිසි දාක ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලැබී නැත.
කිසිදු නීතිමය වලංගුභාවයක් නැතිව ලංකාවේ පුරවැසිභාවය ලබාගත් ගෝඨාභයට, 2016 වර්ෂයේදී අලුත් හැඳුනුම්පතක් ද ලැබේ (අංකය 194917210010).කලින් හැදුනුම්පතේ අංකය 491724021V. (අංක දෙක අතර පැහැදිලි වෙනසක් ඇත) ලංකාවේ පුරවැසියකු නොවී සිටියදී ලබාගත් මේ හැඳුනුම්පත කූඨ ලේඛනයකි. දැන් කලින් එකත්, මේකත් ගත්තා ම, කූඨ ලේඛන දෙකකි. එසේ අලුත් හැඳුනුම්පතක් ලැබීම හා සමග ම, පැරැණි හැඳුනුම්පත අවලංගු වීම සිදු වේ. මේ අලුත් හැඳුනුම්පත ලබාගෙන තිබෙන්නේ ද, 2003 සිට ඇමරිකානුවකු ලෙස සිටියදී ම ය. කෙසේ හෝ අලුත් හැඳුනුම්පතක් ලබා තිබියදී, ඔහුගේ නම 2017, 2018 සහ 2019 යන වර්ෂ සඳහා ඡන්දහිමි නාමලේඛනයේ නම ලියාපදිංචි කර තිබෙන්නේ අවලංගු පැරැණි හැඳුනුම්පත් අංකය යටතේ ය. දැන් කලින් කියූ කූඨ ලේඛන දෙකත්, 2017-18-19 වර්ෂ තුනේ ඡන්දහිමි නාමලේඛනත් සමග, සේරම කූඨලේඛන 05කි.
එසේ නම් අප ඇසිය යුතු නියම ප්‍රශ්නය වන්නේ, 2003 සිට මේ දක්වා ඇමරිකානුවෙකු වන, ශ්‍රී ලාංකිකයකු නොවන ගෝඨාබය, 2019 ලංකාවේ ජනපතිවරණයට සුදුස්සකු වන්නේ කෙසේ ද යන්නයි.