ගෝඨාභයගේ කූඨලේඛන 05

kamalboost

Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Update: A 3-judge Appeal Court bench postponed further consideration of petition against Gotabhaya Rajapaksa's SL citizenship till 1.30pm tomorrow-Hiru News
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Government is going to declare 4th as public holidays to postpone court to prevent gotas nomination.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බවයි.

    පුරවැසි පනතේ 19 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට බලය පැවරෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට පමණක් බව නීතිඥ ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

    එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසි භාවය පිළිබඳව සහතිකය නිකුත් කර තිබෙන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නොව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බව පෙන්වා දුන්නේ සුරේන් ප්‍රනාන්දු මහතා නීති විරෝධී ක්‍රියාවක් බව ප්‍රකාශ කළේය.

    ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සතු බව කියන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    වගඋත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය.

    අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොතිබුණ ද එම බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණත් එම අමාත්‍යවරයා සතු බලතල ද ජනාධිපතිවරයා වෙත පැවරෙන බව ඔහු සඳහන් කර සිටියේය.
    :yes::yes::yes::yes:


    source ADA DERANA
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,398
    113
    Panadura
    vIWgAUQ.jpg

     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    හරස් ප්‍රශ්නයක්. හරස් ප්‍රශ්නයක්., සමහර විට හරක් ප්‍රශ්නයක් වෙන්නත් බැරි නෑ. දැන් පේන විදිහට බොරුවට හරි 2005 දි අත්සන් කරලා ඕක කරගෙන තියනවනෙ.. ඉතින් දැන් ඔය ලේඛන ආගමන විගමන දෙපාර්තුමේතුවේ නැත්නම් ඒක ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙ නොසැලකිල්ල නෙවෙයිද /ප්‍රශ්නයක් නෙවෙයිද:sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඔය 2003 ඒක හොර එකක් නං අලුතින් සිටිසන් ගන්න පුළුවන් ද?



    ඇමරිකන් සිටිසන් අයින් කළා කියමු. එතකොට දැන් පොරට කොහෙවත් සිටිසන් නෑ නේ :shocked:

    dan refugee,,, :rofl:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    Computer system එකේ තියනවානම් පිලිගන්න වෙනවා. ලිපිගොනුව නෑ කියන්නේ ලිපිගොනුව බාර නිලධාරීයට ගෙදර යන්න වෙනවා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හරස් ප්‍රශ්නයක්. හරස් ප්‍රශ්නයක්., සමහර විට හරක් ප්‍රශ්නයක් වෙන්නත් බැරි නෑ. දැන් පේන විදිහට බොරුවට හරි 2005 දි අත්සන් කරලා ඕක කරගෙන තියනවනෙ.. ඉතින් දැන් ඔය ලේඛන ආගමන විගමන දෙපාර්තුමේතුවේ නැත්නම් ඒක ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙ නොසැලකිල්ල නෙවෙයිද /ප්‍රශ්නයක් නෙවෙයිද:sorry:

    Computer system එකේ තියනවානම් පිලිගන්න වෙනවා. ලිපිගොනුව නෑ කියන්නේ ලිපිගොනුව බාර නිලධාරීයට ගෙදර යන්න වෙනවා.

    ඔව් උ අවුරුදු 15 පොල් ගැවද ලිපි ගොනු නැහැ කියලා..ගොඩක් රජය කාර්යවල ලිපි ගොනු උස්සනවා..මන් දන්න උසාවි සින් එකක නඩු පයිල් එකම මිසින්ග් උනා..එතන වැඩ කරන එකෙක්ට ලෝයර් ගිහින් බැන්නම ෆයිල් එක එලියට ආවේ ඊලග දවසේ..එකෙන් මුල් දවසේ නඩුව ඇහුවේ වත් නැහැ :rofl: