ගෝඨාභය මැකෝට සහතික පිටපත් දී නැහැ: අලී සබ්&#35

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ගෝඨාභය මැකෝට සහතික පිටපත් දී නැහැ: අලී සබ්&#35

ගෝඨාභය මැකෝට සහතික පිටපත් දී නැහැ: අලී සබ්රිගේ බොරුව අතේ මාට්ටු



ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම තහවුරු කරන සියලු ලිපි ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බවට ඔහුගේ නීති උපදේශක, ජනාධිපති නීතිඥ අලී සබ්රි මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව මැතිවරණ කොමිසම පවසයි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ හෝ ඔහුගේ නියෝජිතයකු එවැනි කිසිඳු සහතිකයක් ලබාදී නැතැයි මැතිවරණ කොමිසමේ නිලධාරීන් පවසා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් අජිත් පි පෙරේරා අමාත්‍යවරයා, මෙන්ම ජනාධිපති අපේක්ෂකයින් වන නීතිඥ නාමල් රාජපක්ෂ හා හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මැතිවරණ කොමිසමට ගොස් කල විමසීමේදීය.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මෙසේ පැවසිය.

නොලැබුන දෙයක් දෙන්නේ කොහොමද ? මැකෝ අසයි

''අද දින අපි මැතිවරණ කොමසාරිස්තුමාව හම්බවෙන්න ගියා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූලව අවංලගු කරගත් බවට ලබා දෙන ලද සහතිකවල පිටපත් අපිට ලබා දෙන්න කියලා අපි ලිපියකින් ඉදිරිපත් කරා. ඒ ලිපිය තමයි මගේ මේ අතේ තියෙන්නේ.

එතුමාට අපි මේ ලිපිය භාරදුන්නහාම එතුමා කියනවා එතුමට එහෙම එකක් ලැබිලත් නැහැ, ඒ වගේම ලැබිලා නැති නිසා දෙන්නත් එකක් නැහැ කියලා.

විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ තවමත් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක්. මොහු වැරදි අපේක්ෂකයෙන්. මෙවැනි අපේක්ෂකයෙකුට අපි ඡන්දය දුන්නොත් සිද්ධ වෙන්නේ ඇමරිකන් කාරයෙක් අපේ රටේ ජනාධිපති ධූරයට පත් කිරීමයි.

ඇමෙරිකන් කාරයෙක්ව ජනාධිපති කරනවාද ?

මම කණගාටු වෙනවා ලංකාවේ ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥවරයෙක් කියනවා ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කිරීම සම්බන්ධ සියලු සම්පූර්ණ ලේඛන මැතිවරණ කොමසාරිස්තුමා ලබා දුන්නා කියලා. නමුත් කිසිම ලියවිල්ලක් එතුමාගේ ඇමෙරිකන් පුරවැසිභාය අහෝසි කරගත්ත බවට ඡන්ද කොමසාරිස්තුමාට බාර දීලා නැහැ.

ඇත්තටම අපිට හිනා යනවා මෙවැනි අපේක්ෂකයෝ ඉදිරිපත් කරලා, ජනාධිපති නීතිඥවරු මෙවැනි බොරු ප්‍රකාශ ඉදිරිපත් කිරීම මේ රටේ ජනතාව ගොනාට ඇන්දීමට මේ කරන උත්දසාහය ගැන. ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ ඇමෙරිකන් කාරයෙක්ව මේ රටේ ජනාධිපති කරනවාද ? මේ රටේ පුරවැසියෙක්ව ජනාධිපති කරනවාද ? කියන මේ රටේ ජනතාව තීරණය කරන්න ඕනේ.''
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
69779917_2686634511400599_2867446872639799296_n.jpg
 

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඇත්ත පාස්පොර්ට් එක හන්ගාගෙන හොර පාස්පොර්ට් එකක් කැන්සල් කියලා ගහන පන්ච් කරන පෙන්නන හොර පෙරකදෝරුවා.
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    කමක් නෑ ඇමරිකන් කාරයෙක් හරි රටට වැඩක් කරනවනම්...ලංකාවේ එකෙක් කියල රටට වැඩක් නැත්නම් මොකට ද
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    මැතිවරණ කොමිසමේ ගොන්නුද බන් ඉන්නේ... ලොල්
    ඡන්දෙන් දිනන්න බැරි නිසා... බොරු පච හල හල යනවා...


    giphy.gif
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    nodunnanam nomination dunne ai ban
    mun dagalana dagalilla dakkama gota ena eka sure
    anthima dawas tiketh oya athal tikama gai