ගෝඨා බිල්ලට දීම....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ගෝඨා බිල්ලට දීම....

    [FONT=&quot]ගෝඨා බිල්ලට දීම....[/FONT]

    [FONT=&quot]ඈත අතීතයේ සිටම බිලි දීම[/FONT], [FONT=&quot]හිස දන් දීම අපිට හුරුපුරුදු දෙයකි... ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් පවතින බව අපගේ මෑත කාලීන දේශපාලනය දිහා බලනකොට මනාව ඔප්පුවේ.... තිස් වසරක යුද්දය ලංකාවට අහිමි කළ දෑ බොහෝය.... මේ යන්නේ ඒ ගැන කතා කිරීමට නොවේ.... යුද්දෙන් පස්සේ ලංකාවේ දේශපාලන ගොහොරුවේ හිස දන්දුන්[/FONT], [FONT=&quot]බිල්ලට දුන් පුරුක්වල අවසාන පුරුක ගැන පෙරවදනක් තැබීමය....[/FONT]

    [FONT=&quot]යුද්දය ඉවර කළ හැටියේ ජාතික වීරවරයින් ලෙස ජාතියේ ප‍්‍රණාමය ලද තුන්කට්ටුවක් වූවේය.... එකෙක් මහින්දය[/FONT], [FONT=&quot]අනෙකා ෆොන්සේකාය... තුන්වැන්නා ගෝඨා ය.... අභීත සෙබලූන්ගේ ජීවිතය මතින් ලද ඒ ජයග‍්‍රහණයේ සියඵම ගෞරවයන් හිමි වූයේ මොවුන්ටය... යුද්දය අහවර වූ විගස තුන් කට්ටුවේ මුහුණත් තහඩු පසෙකින් සදහන් වූ උපහාර බැනර රට පුරා ලෙල දෙන්නට විය.... එදා යුද්දයේ සැබෑ ගෞරවය හිමිවිය යුත්තේ අරූ ට ද[/FONT], [FONT=&quot]මූට ද නැත්නම් අරකාටද යන්න බහුතරයකට ගැටලූවක් වූයේ නැත.... තුන්කට්ටුව අතර ද ඒ සම්බන්ධව වාදයක් නොතිබිණි.... ෆොන්සේකා ගෝඨාවත් මහින්දවත් ඔසවා තැබීය... මහින්දත් ගෝඨාත් ඊට නොදෙවෙනිව ෆොන්සේකා ඔසවා තැබීය.... හැබැයි මේ උනුන්ගේ පිට කසා ගැනීම වැඩි කල් නොපැවතිණි....
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    fonseka_mahinda_gotabhaya.jpg

    [FONT=&quot]මේ යුද ජයග‍්‍රහණයත් එක්ක කුජීත වූ නන්නත්තාර වූ ඇඩ‍්‍රස් නැතී වූ කණ්ඩායමක් ද සිටියේය.... එයින් වැඩියෙන්ම හානි වූයේ රනිල් ප‍්‍රමුඛ යූඇන්පියටය... තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවීම තවදුරටත් හීනයකටත් එහා ගිය මායාවක් බවට පත්වීම රනිල්ට ඉවසුම් නොදෙන්නක් විය.... රනිල්ට පක්ෂය අතර තැනක් නැති වෙන තැනටම වැඩ සිද්ද වුණේය.... අන්තිමට රනිල් තමන්ගේ සුපුරුදු කෛරාටික බව මේ වෙලාවේ පාවිච්චි කළේ ය... ඔහු ඌරාගේ මාලූ ඌරාගේ පිට මත කපන්න පිඹුරුපත් සකස් කළේ ය.... ඒ කියන්නේ යුද ජයග‍්‍රහණයේ නියමුවන් ලවාම යුද ජයග‍්‍රහණයේ හිමිකාරයන් අනාථ කිරීමය...[/FONT]

    [FONT=&quot]පළමු බිල්ල වූයේ ෆොන්සේකාය.... ෆොන්සේකාව ජනතාව අතර වීරයෙක් වූයේ ය.... මාධ්‍ය ෆොන්සේකා උඩ යන තරමට පිම්බුවේය.... අන්තිමට ෆොන්සේකා තමන් ගැනම අධි තක්සේරුවක් ඇති කරගත්තේය... අන්තිමට යුද ජයග‍්‍රහණයේ තනි අයිතිය තමා සතු බවට පුරසාරම් දෙඩුවේය.... රනිල් ප‍්‍රමුඛ නඩයට මේක කදිම අවස්ථාවක් වූයේ ය.... ඔවුන් පිම්බුණු ෆොන්සේකා ගුවන් ගත කළේ ය.... හැබැයි ෆොන්සේකා දේශපාලන වශයෙන් මොන්ටිසෝරි මොඩලයක් නිසා ඒ පිම්බීම ලත් තැනම පුපුරා ගියේ ය... ෆොන්සේකා උඩ ගිහින් බිම වැටුණේය.... නිකන්ම නෙවෙයි හොම්බ කට සමතලා කරගෙන දේශපාලන වශයෙන් අනාථයෙක් වෙමිනි.... [/FONT]

    [FONT=&quot]මහින්දව පුම්බන්න දෙයක් තිබුණේ නැත... මහින්ද ජනතාව අතර සැබෑ වීරයෙක් විය.... ඒ යෝධ ප‍්‍රතිරූපයට මුවහ වී රටම විකුණං කන හැතිකරයක් බිහි විය.... මහින්ද දැන හෝ නොදැන උන්ට ඕනෑතරම් ජල්ලි නටන්න ඉඩ දුන්නේය... යුද්දයෙන් පසු පළමු ජනාධිපතිවරණයේ යුදයේ සැබෑ උරුමක්කරු ලෙස මහින්දව සමාජගත විය.... ඒ ෆොන්සේකාව පරාජය කරමිනි... මහින්ද තමන් ගැන අධිතක්සේරුවක් ඇති කරගන්නේ මෙම ජයග‍්‍රහණයත් සමගය.... ඒ මාන්නයත් සමග මහින්ද ඊළග ජනාධිපතිරණය කලින් කැද වූවේය... අන්තිමට වැඬේ කෙළවෙන බව දැනගෙන කළගුණ සලකන්න යැයි මහින්දගේ නඩය කන්නලව් කරන්නට විය... නමුදු රටේ ජනතාව ඕනෑවටත් වඩා මහින්දට කළගුණ සලකා පූජාසනයේ තබා තිබිණි.... නමුදු ඒ පූජාසනය පෙරේතයින්[/FONT], [FONT=&quot]කුම්භාණ්ඩයින් එකතු කරගෙන පෙරේත කොටුවක් කරගත්තේ මහින්දමය.... මහින්ද ඉල්ලං කෑවේය... ඒ කියන්නේ මහින්ද හිස දන් දුන් රජෙකි....[/FONT]

    [FONT=&quot]මේ වන විට මෛතී‍්‍රගේ හා රනිල්ගේ අසම්මත දීගය රටම ගද ගස්වමින් ඇත... මෛතී‍්‍රගේ හා රනිල්ගේ දීගයට කපුකම් කරපු එවුන්ද[/FONT], [FONT=&quot]ඊට දර දිය ඇද්ද එවුන් ද දැන් මේ දීගය නොපෑහෙන බව ප‍්‍රසිද්ධියේ කියා සිටීමට තරම් වැඬේ දිග දුර ගොසිනි.... වෙනකක් තමා දීග ගිය එවුන් දෙන්නා ද දැන් පවුල් කන්නේ ලෝකයාට පේන්නටය... ගෙදර ෆුල් කචල්ය.... කොයි වෙලේ දීගය කැඩෙයිද දන්නේ නැත.... [/FONT]

    [FONT=&quot]ඊළග මැතිවරණවල දී මෛතී‍්‍ර කණ්ඩායම අසරණ වන බව ඒකාන්තය.. ඒ බැව් දන්නා මෛතී‍්‍ර දැන් දැන් යූඇන්පිය එළිපිටම විවේචනය කරමින් පාක්ෂිකයා දිනා ගැනීමට කැස කවන්නේය.... එය කෙතරම් සාර්ථක වේ යැයි කීමට කල් වැඩිය....[/FONT]

    [FONT=&quot]තත්වය එලෙස තිබිය දී යුද ජයග‍්‍රහණ තුන් කට්ටුවේ අන්තිම චරිතය වන ගෝඨා ද දේශපාලන ගොහොරුවට තල්ලූ කිරීමට පිරිසක් ලහි ලහියේ සූදානම් වන බවක් පෙනෙන්නට තිබේ.... දැනටමත් ගෝඨාව පුම්බන්නට පටන් ගෙන තිබේ.... ගෝඨා ද ඒ පිම්බීමට ආසක්ත වන බවක් පෙනෙන්ට තිබේ.... මේ වන විට රාජපක්ෂවරුන්ට එල්ල වි ඇති කලූ පැල්ලම් ප‍්‍රමාණය අති මහත්ය.... ඒවා සෝදා යළිත් රාජපක්ෂවරුන්ට සුදු හුණු ගෑමේ හැකියාව ඇත්තේ ගෝඨා ට පමණි.... එලෙසම වංචා දුෂණ චෝදනාවලින් හෙම්බත්ව සිටින පිරිසට ද මේ අවස්ථාවේ මුවහ විය හැක්කේ ගෝඨාගේ ප‍්‍රතිරූපයට පමණි....[/FONT][FONT=&quot]මන්ද යත් මේ වන විට අති මහත් සිංහල බහුතරයක් අතරේ ගෝඨා යනු ජනපි‍්‍රය සහ වැදගත් චරිතයකි..... ගෝඨාව මාකට් කිරීම පහසුය.... මේ හැම දේකින්ම පේන්න තිබෙන්නේ ගෝඨාව කරලියට ගේන්න යන්නේ ගෝඨාට ආදරේටවත් රටට ආදරේටවත් නොව තම තමන්ගේ ආරක්ෂාව සදහාය.... [/FONT]

    [FONT=&quot]නමුදු ගෝඨා ද ඉදිරියේ දී මුහුන දීමට සිදුවනු ඇත්තේ අභාග්‍ය සම්පන්න ඉරණමකටය.... ගෝඨාට මුස්ලිම් හා දෙමළ ජනතාව අතර තැනක් නැත.... ඔවුන් ගෝඨාට කැමති නැත.... මන්ද යත් ගෝඨා යනු සිංහලවාදියෙකු ලෙස ඔවුන් තක්සේරු කර ඇති නිසාය.... ගෝඨාට ජයග‍්‍රහණ ලැබිය හැක්කේ සිංහල ජනතාවගේ සහයෝගයෙන් පමණි.... එය එතරම් පහසු කරුණක් නොවන බව ඉතිහාසය විසින් සාක්ෂි සපයන්නේය.... [/FONT]

    [FONT=&quot]ගෝඨා අනුන්ගේ මඩ සේදිමට ගොස් තමන් මඩ නා ගැනීමට තියෙන ඉඩ වැඩිය.... ගෝඨා දේශපාලනයට පැමිණෙන්නේ නම් පැමිණිය යුත්තේ ඉතා සීරුවෙන් අවබෝධයෙන් මිසක එක එකාගේ ඕනෑ එපාකම් පිරිමහලන්නට භාවිතා කරන ඩමියක් ලෙසින් නොවන බව ඔහු අවබෝධ කරගත යුතුමය.... දේශපාලකයා යනු කෙනෙකුට යක්ෂයෙකි... තවකෙකුට ඉටු දෙවියකි... සමහරුන්ට පතෝලයෙකි... නමුදු යුද විරුවා යනු සියල්ලන්ගේම (අඩුම තරමේ තමන්ගේ ජාතියේවත්[FONT=&quot])[/FONT] බුහුමනට ලක්වන සදාතනික චරිතයකි.... ඉතිං මේ ගෝඨාගේ අවස්ථාවය.... පෙරේතයින් වෙනුවෙන් තමන් බිල්ලක් වනවාද නැද්ද යන්න ඔහු තීරණය කළ යුතු අවස්ථාව පැමිණ ඇත.....

    [/FONT]
    [FONT=&quot]
    pathfinder_PNG_Face.png
    [/FONT]
    [FONT=&quot] pathfinder_a2z | Elakiri.com
    [/FONT]
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ පත්තරේකටවත් සම්බන්ධයිද මචන්?
    පට්ට ලස්සනට බාෂාව හසුරුවනවා.
    ලිපිය නම් පත්තරේක කතුවැකියකට හොදයි වගේ.

    පට්ට.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගෝඨාබය කියන්නේ මොන සක්කිලියෙක් ද බන්. අමු මිනිමරුවෙක් . මැරුවේ අහිංසක දකුණේ මිනිස්සුන්ව. පාසල් දරුවන්ව. ඕක නැවත උපදින ආත්මය ගැන තවදුරටත් අටුවාටිකා අවශ්‍ය නැහැ.


    ගෝඨාබය ට බිලි දුන්නේ අහිංසක මිනිස්සුන්ව. රාජපක්ෂ හොර නඩයට මේ සාපය ඇති නරකාදියේ යන්න.... සක්කිලි හැත්ත මිනිසුන්ට තමන්ගෙ විරුද්ධ මතය ප්‍රකාශ කරන්න දුන්නෙ නෑ.... රාජ#කයන්ට.... විරුද්ධ වන හැම මිනිහම මර්ධනය කලා.... දැන් ඉන්නවා.... ඒකා මලබද්ධය කියල පක්ෂයක් හදාගෙන....... මාධ්‍යවේදීන් අතුරුදන් කලා ඝාතනය කළා...


    -----------------------------------------------

    රතුපස්වල ජලය ඉල්ලූවන්ගේ මරණ ඝාතන ලෙස ප්‍රකාශ කෙරේ - පැත්තක සිටි 3 දෙනා මැරුණ හැටි



    Rathupaswala-protest.jpg


    හමුදාව කළ විසිරවීමේ ප්‍රහාරයේදී
    2013 රතුපස්වල ජලය ඉල්ලූවන්ගේ මරණ
    ඝාතන ලෙස ප්‍රකාශයට පත්වේ


    සිද්ධියෙන් පැත්තක සිටි තිදෙනකු මියගිය හැටි

    2013 දී වැලිවේරිය රතුපස්වලදී පිරිසිඳු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළවුන් හමුදාව යොදවා වෙඩිතබා විසුරුවා හැරීමේදී සිදුවූ අමානුෂික ඝාතන මේ දක්වා ‘ඝාතන‘ වශයෙන් නම් කර තිබුනේ නැත. ඒනිසාම ඒ ගැන අපරාධ පරීක්ෂණ සිදුවූයේ නැත. නමුත් අද ගම්පහ අධිකරණයේදී ඒවා ඝාතන ලෙස නම් කර පරීක්ෂණ පවත්වා වරදකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා තිබෙනවා.
    කර්මාන්ත ශාලාවකින් ජලය අපවිත්‍රවීමේ ගැටලුව මත පිරිසිඳු ජලය ඉල්ලූ උද්ඝෝෂකයින් පාර අවහිරවන ලෙස සිටීමෙන් දැඩි මාර්ග අවහිරතා ඇතිවූ මොහොතක ඉහළින් ආ නියෝග මත හමුදාව විසින් වැලිවේරිය නගරයේදී එදා වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණ අතර
    එයින් අහිංසකයින් තිදෙනෙකු මියගියා.
    වැලිවේරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වු අකිල දිනේෂ් (17)හා රවිශාන් පෙරේරා (19)යන සිසුන් දෙදෙනාද ගම්පොළ පදිංචි නිලන්ත පුෂ්පකුමාර (29) නමැත්තාද එයින් මියගියා.
    මියගිය අය මෙම උද්ඝෝෂණයට වක්‍රව හෝ සම්බන්ධ නොවූ අයවීම ඛේදවාචකයක් විය.

    වෙඩි වැදී මරණයට පත්වූයේ යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයේ 12 වසර ඉගෙනුම ලබමින් සිටි අකිල දිනේශ් සිද්ධියවූ දවසේ මව රැකියාව නිමවී නිවසට ඒම ප‍්‍රමාදවීම නිසා එදා කලබල මැද්දේ මව කැටුව ඒමට නගරයට යාමකදී මෙම වෙඩි පහරට ලක්වූවෙකි.
    මව සොයන්නට ඔහු නගරයට ගියත් රාත‍්‍රී 7 - 8 වනතුරුත් ඔහුට මව සොයාගන්නට බැරිව ගොස් තිබෙන අතර කලබලය මැද්දේ රාත‍්‍රී 8.15 ට පමණ ගැටුම උණුසුම් ස්වරූපයකට පත්ව වෙඩි තැබීම් අතරින් පළායන්නට ඔහුට සිදුව ඇත. අනපේක්ෂිත


    වෙඩි පහරකට ඔහු ලක්ව ඇත්තේ ඒ අවස්ථාවේය. අකිලගේ මව නිවසට ආවත් අකිල නොමැති නිසා නිවසේ උදවිය බියට පත්වූ අතර ඔහු සොයන්නට සොයා ගියත් පලක්වී නැත. රාත්‍රිය පහන්වනතුරුත් ඔහු නිවසට ආවේ නැත.පසුදා ගම්පහ මහ රෝහලට ගොස් සොයා බැලීමේදී මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තම පුත‍්‍රයා හඳුනාගනු ලැබුවා.

    සිද්ධියෙන් මියගිය දෙවැනියා රවිශාන් පෙරේරා (19) උඩුගම්‍පොළ ශාන්ත පීතර විදුහ‍ලේ උසස් පෙළ කලා අංශයේ ශිෂ්‍යයකු වූ අතර සංගීතයට යොමුවී කල්ගත කරන නිහඩ සිසුවෙකුවූ ඔහු මෙම උද්ඝෝෂණය නරඹන්න ගොස් අනපේක්ෂිත වෙඩි වැදීමකින් මරු දුටු අයෙකි.
    ඔහුගේ මිතුරන් ඒ දිනවල මෙසේ කියා තිබුණි.
    ‘රවිශාන් කවදාවත් රණ්ඩු සරුවල් අඬදබරවලට යන කෙනෙක් ‍නෙවෙයි. ඔහු පාසල් වැඩවලටත් දක්ෂ ළමයෙක්. හොඳ සංගීත ශිල්පියෙක්. ගෙදර පාඩම් කර කර ඉන්න කොට වැලිවේරියේ කලබලයක් කියලා ආරංචි වෙලා වැලිවේරිය නගරයට ඇවිත් තියෙනවා. පන්ති යන්නත් බලාගෙනම තමයි ඇවිත් තියෙන්නේ. කලබ‍ලේ දැකලා වෙඩි සද්දේ ඇහිලා බයවෙලා ආපසු අතුරු පාරකින් ගෙදරට දුවලා තියෙනවා. ඒ දුවද්දී තමයි අහිංසක රවිශාන්ට වෙඩි වැදිලා තියෙන්නේ ‘

    මෙම සිද්ධියෙන් මියගිය නිලන්ත පුෂ්පකුමාරගේ 29 වියැති එක්දරු මවක වන බිරිය කොළඹ අපරාධ කොට්ඨාසයට මෙසේ කියා තිබුනි.

    ‘මගේ පුරුෂයා බියගම ස්ටොම් ලයින් නමැති ආයතනයේ වැඩ කළා. ඔහු වැලිවේරිය වැලිපැන්නේ බෝඞ්වෙලා හිටියේ. පහුගිය 1 වැනිදා රාත‍්‍රියේ ඔහු රාත‍්‍රී සේවයට යන අතර රාත‍්‍රී 8.10ට විතර කතා කළා. වැලිවේරියේ වතුර සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් තියෙනවා. ඒකට ටයර් පුච්චනවා. කඳුළු ගෑස් ගහනවා. ඒ නිසා යන්න තැනැක් නැති නිසා පල්ලිය ඇතුළට යනවා කියා කීවා 7.35ට පමණ තවම උද්ඝෝෂණය තියෙනවා, වෙඩි තියෙනවා, කඳුළුගෑස් ගහනවා., අපිට යන්න විදිහක් නැහැ ගොඩාක් අය මෙතැන ඉන්නවා කියා කීවා.
    රාත‍්‍රී 8.45ට සිට දුරකථනය වැඩ කළේ නෑ. පසුදා බෝඩිමේ අක්කාට කතා කළ විට නිලන්ත බෝඩිමේ නැහැ කියා කීවා. මා වැලිවේරිය පොලිසියට ගියා. එහිදී දැනගත්තා මගේ සැමියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා කියලා.04 වැනිදා මගේ පුරුෂයා නැතිවුණා පුරුෂයාට මොට්ට ආයුධයකින් පහරදීම නිසා ඔහු මිය ගොස් කියා මරණ පරීක්ෂකවරයා කීවා. ඔහුට ඇත්තටම සිදුවුණේ කුමක්ද කියා කියන්න මා දන්නේ නැහැ.

    අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණයේදී සාක්කි දුන් ජූඞ් නිශාන්ත පෙරේරා මෙසේ කියා තිබුණි.
    ‘යුද හමුදාවේ බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධන කියා කෙනෙකු ඇවිත් පාරෙන් අයින් වෙන්න කියා මිනිසුන්ට කීවා. අපිට විනාඩි 10ක් දෙන්න අපි පාරෙන් ඉවත් වෙන්නම් කියා මිනිසුන් කියන විට විනාඩි 10ක් දෙන්නේ නැහැ. දැන්ම අයින්වෙයව්.. මුන්ට ගහපියව්..” කියා කීවා. එවිට හමුදාවේ අයත් සිවිල් ඇඳුම් ඇඳගත් හමුදාවේ අයත් පොලූවලින් අපට පහර දෙන්න ගත්තා.
    හමුදාවේ පිරිස එලෙස පහර දෙද්දී තවත් හමුදා භටයන් පිරිසක් වයර්වලට හා ලයිට්වලට වෙඩි තිබ්බා. හමුදා පහරදීම්වලින් බේරෙන්න සමහරු වැලිවේරිය පල්ලිය තුළට ගියා .ඒ ඇතුළටත් වෙඩි තිබ්බා‘

    මෙම ගැටුමට හමුදාව මැදිහත්වී කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එවක ඇමති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවට ප‍්‍රකාශ කළේ මෙවැන්නකි.

    ‘2011/09/06 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍ර අංක 1722/17 මගින් ගම්පහ පරිපාලන දිස්ත‍්‍රික්කයේ මහජන සාමය හා නීතිය ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා යුද හමුදාවට බලය පවරනු ලැබ තිබුනා‘

    පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය කළ උද්ඝෝෂණයේදී දෙදෙනකු මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවත්, එක් අයකු මියගොස් ඇත්තේ පහරදීමකින් බවත් වසර 3 කට පසුව අද නිගමනය කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය මේවා අපරාධයක් බවට තීරණය කළ අතර අපරාධ කරුවන් සොයා අත්අඩංගුවට ගන්නට පොලිසියට නියම කළා.


    91932532_150801181647_rathupasvala_protest_640x.jpg

     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සුදු වැන් වලින් උස්සන් ගියා කියල බොරු කීවට දැන් මේක විතරයි නේද පට්ට ගහන්න තියෙන්නෙ හැම වෙලේම.... බලපන්කො පොනිල්ගෙ ලිස්ට් එක දිහා.... 20000 ක්

    ගෝඨාබය කියන්නේ මොන සක්කිලියෙක් ද බන්. අමු මිනිමරුවෙක් . මැරුවේ අහිංසක දකුණේ මිනිස්සුන්ව. පාසල් දරුවන්ව. ඕක නැවත උපදින ආත්මය ගැන තවදුරටත් අටුවාටිකා අවශ්‍ය නැහැ.


    ගෝඨාබය ට බිලි දුන්නේ අහිංසක මිනිස්සුන්ව. රාජපක්ෂ හොර නඩයට මේ සාපය ඇති නරකාදියේ යන්න.... සක්කිලි හැත්ත මිනිසුන්ට තමන්ගෙ විරුද්ධ මතය ප්‍රකාශ කරන්න දුන්නෙ නෑ.... රාජ#කයන්ට.... විරුද්ධ වන හැම මිනිහම මර්ධනය කලා.... දැන් ඉන්නවා.... ඒකා මලබද්ධය කියල පක්ෂයක් හදාගෙන....... මාධ්‍යවේදීන් අතුරුදන් කලා ඝාතනය කළා...


    -----------------------------------------------

    රතුපස්වල ජලය ඉල්ලූවන්ගේ මරණ ඝාතන ලෙස ප්‍රකාශ කෙරේ - පැත්තක සිටි 3 දෙනා මැරුණ හැටි





    91932532_150801181647_rathupasvala_protest_640x.jpg

    [/CENTER]
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    සුදු වැන් වලින් උස්සන් ගියා කියල බොරු කීවට දැන් මේක විතරයි නේද පට්ට ගහන්න තියෙන්නෙ හැම වෙලේම.... බලපන්කො පොනිල්ගෙ ලිස්ට් එක දිහා.... 20000 ක්

    ඔහොම රෙදි ගලවන්න එපා ෆ්‍රෙන්! pees! :lol::lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    උබේ ලියවිල්ල පට්ට ලස්සනයි මචන් දිවයින පත්තරේ job එකක් සෙට් කරලා දෙන්නද ?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    සුදු වැන් වලින් උස්සන් ගියා කියල බොරු කීවට දැන් මේක විතරයි නේද පට්ට ගහන්න තියෙන්නෙ හැම වෙලේම.... බලපන්කො පොනිල්ගෙ ලිස්ට් එක දිහා.... 20000 ක්

    වද පොන්නයා මරපු ලිස්ට් එක දාන්නත් ඉඩ මදි මෙතන.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වද පොන්නයා මරපු ලිස්ට් එක දාන්නත් ඉඩ මදි මෙතන.


    ඉතින් තොපිලට තිබ්බනේ තොපේ මහා එකා බලයේ ඉන්න කාලේ නඩු පවරන්න. අනේ බන්. ඕව ඔක්කොම බොරු කතා. උබ ඉපදිලාවත් හිටියද බන්. :lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    උඹ පත්තරේකටවත් සම්බන්ධයිද මචන්? පට්ට ලස්සනට බාෂාව හසුරුවනවා. ලිපිය නම් පත්තරේක කතුවැකියකට හොදයි වගේ.
    පට්ට.
    උබේ ලියවිල්ල පට්ට ලස්සනයි මචන් දිවයින පත්තරේ job එකක් සෙට් කරලා දෙන්නද ?

    මම මේ වෙනකං පත්තරේකට ආටිකල් එකක් දාලා නෑ... අවස්ථාවක් ආවොත් ලියනවා.... විනෝදාංශයක් විදියට මිසක ජොබක් විදියට නෙවෙයි.... :)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මළගෙදරක අඩන්න කියක් ගන්නවද ?



    උබේ අම්මගේ එකටද? රතිඥ්ඥා දාන්න සෙට් එකක් එවන්නම්. කිරිබත් උයලා එන අයට බෙදන්න කේටරින් එකකුත් සෙට් කරලා දෙන්නම් ..මිනිය වළලලා සැරින්සැරේ ගොඩ අරගෙන තාජුදින් , එක්නැලිගොඩ වගේ පුළුවන් තරම් මාකට් කරන්න ඕනේ.
    උබලා වගේ එවුන් ජාතක කරපු එවුන් මැරුණම කරන්න ඕනේ ඒ වගේ වැඩ.


    :lol::lol::lol::lol:

     
    Last edited: