ගෝතම තපෝවනය - කලපළුවාව, රාජගිරිය

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,364
    93
    Heiyanthuduwa - Kelaniya
    2025-12-25 බ්‍රහස්පතින්දා : අද නත්තල් දවස.. ඉතින් මගේ යාලුවෙක්ගෙන් ලැබුන ආරාධනයකට, ඔහුගේ ගෙදර යන්න මම අද උදේ බයික් එකෙන් පිටත් වුනා. ඉතින් ඔහුගේ ගෙදර ඉදලා කි.මි 2 ක් දුරින් තියන මේ ගෝතම තපෝවනය පැත්තෙ යන්නත් සැලසුම් කලා. ඒ ස්ථානය ගැන ඊයේ මට මගේ මිතුරියක් මතක් කරලත් තිබුනා. ඉතින් මිතුරාගේ ගෙදර යන්න කලින් මෙහෙ යන්න හිතා ගත්තා. ගෙදරින් පිටත් වෙලා බයික් එකේ බියගම පාරට ඇවිත්, අවිස්සාවෙල්ල පාරට ගිහින්, අංගොඩ, කලපලුවාව පාර, තපෝවන පාරට ගූගල් මැප් එක බලාගෙන උදේ 9 ට විතර තපෝවනය පන්සලට ඇතුල් වුනා. බයික් එක පාක් කරලා තපොවනය පුරාම පයින් ඇවිද්දා. බුදු මැදුරු, ජල පොකුනු, බෝධිය, දම් සභා මණ්ඩපය, සක්මන් මලු, අභිසම්බෝධි මණ්ඩපය, ප්‍රධාන ධාතු කරඩුව, තෙමගුල් විහාරය ඇතුල් මහල් 3 කින් යුත් ගොඩනැග්ල්ල ආදී ස්ථාන දැක ගන්න පුලුවන් උනා. ඊට පස්සේ මෙහි පිටුපස කොටසට ඇතුල් උනා. ඒ ප්‍රදේශයේ තමයි ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නේ. භාවනා කුටි විශාල ප්‍රමානයක් තිබ්බා. ගස් කොලන් අතරින්. ඉතාමත් නිශ්ශබ්ද පරිසරයක තමයි යන්න තිබුනේ. පහත කෙටි වීඩීයෝව බලන්න.. ඒ කුටිවල ස්වාමීන් වහනසේලා වැඩසිටිනවාද කියලත් දැනෙන්නෙ නෑ.. ඒ තරම් නිහඩ බවක් තිබ්බේ. ඔයාලා කට්ටියක් එක්ක ගියත් කෑ නොගසා නිශ්ෂබ්දව යන්න... ඉතින් පැයක් විතර තපෝවනයේ ගත කරලා මම ඉන් එලියට ඇවිත් බයික් එකේ මගේ යාලුවගේ ගෙදර යන්න පිටත් උනා. විශේෂයෙන් තපෝවනය කිව්වම මට මතකයට එන්නේ මම ගොඩක්ම ගරු කරන ඉතාම සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් වන රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ පැවිදි වූ හා සමහර කාලවල වැඩවසන විහාරස්ථානය ලෙසයි. ඉතින් තපෝවනයට බස් එකේ එනවනම් බොරැල්ලෙන් එන අංක 190,170,177,171 බස් එකක ඇවිත් තලංගම/කොස්වත්ත බැහැලා 3වීල් එකක එන්න පුලුවන්. කි.මි 3 ක් විතර දුරක් තියෙන්නෙ. කොටුව-විදේශසේවා කියලා පන්සල කිටුවෙන්ම යන බස් එකකුත් තියනවලු නිතරම නෑලු. කොහිලවත්ත බස් එකේ ඇවිත් අඹගහ හන්දියෙන් බැහැලත් තපෝවනයට එන්න පුලුවන්ලු. කොස්වත්ත හොස්පිට්ල් එක ලඟ 152 කියල බස් එකක් ගහනවා. තපෝවනේ ගාවින්ම බහින්න පුලුවන්..
    .
    * විනාඩි 8 ක කෙටි වීඩියෝව බලන්න. :


    .
    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
    * පසුගිය සියලුම සංචාරයන් Index >>>

    1768839834584.png

    Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    මමත් ගිහින් තියෙනවා. හිත නිවන හරිම නිස්කලංක තැනක්

    මේතනට සාමන්‍ය පන් සලකට යනව වගේ කැමති වෙලාවක ගිහින් බලලා එන්න පුලුවන් ද? නැත්නම් භාවනා කරන අය විතරද යන්නෙ?
     
    Last edited:

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,364
    93
    Heiyanthuduwa - Kelaniya
    මේතනට සාමන්‍ය පන් සලකට යනව වගේ කැමති වෙලාවක ගිහින් බලලා එන්න පුලුවන් ද? නැත්නම් භාවනා කරන අය විතරද යන්නෙ?
    ඕනම දවසක ඕන කෙනෙක්ට යන්න පුලුවන්

    Ado matath yanna asai , Bawana karannama yanna onada
    ඕනම දවසක ඕන කෙනෙක්ට යන්න පුලුවන්
    ------ Post added on Jan 20, 2026 at 8:17 PM

    රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ පැවැදි වුණේ මෙතන ද?
    ඔව්.. අදටත් උන්වහන්සේ කොළඹ ආවම මෙහි වැඩ ඉන්නවලු
    ------ Post added on Jan 20, 2026 at 8:18 PM