2025-12-25 බ්‍රහස්පතින්දා : අද නත්තල් දවස.. ඉතින් මගේ යාලුවෙක්ගෙන් ලැබුන ආරාධනයකට, ඔහුගේ ගෙදර යන්න මම අද උදේ බයික් එකෙන් පිටත් වුනා. ඉතින් ඔහුගේ ගෙදර ඉදලා කි.මි 2 ක් දුරින් තියන මේ ගෝතම තපෝවනය පැත්තෙ යන්නත් සැලසුම් කලා. ඒ ස්ථානය ගැන ඊයේ මට මගේ මිතුරියක් මතක් කරලත් තිබුනා. ඉතින් මිතුරාගේ ගෙදර යන්න කලින් මෙහෙ යන්න හිතා ගත්තා. ගෙදරින් පිටත් වෙලා බයික් එකේ බියගම පාරට ඇවිත්, අවිස්සාවෙල්ල පාරට ගිහින්, අංගොඩ, කලපලුවාව පාර, තපෝවන පාරට ගූගල් මැප් එක බලාගෙන උදේ 9 ට විතර තපෝවනය පන්සලට ඇතුල් වුනා. බයික් එක පාක් කරලා තපොවනය පුරාම පයින් ඇවිද්දා. බුදු මැදුරු, ජල පොකුනු, බෝධිය, දම් සභා මණ්ඩපය, සක්මන් මලු, අභිසම්බෝධි මණ්ඩපය, ප්‍රධාන ධාතු කරඩුව, තෙමගුල් විහාරය ඇතුල් මහල් 3 කින් යුත් ගොඩනැග්ල්ල ආදී ස්ථාන දැක ගන්න පුලුවන් උනා. ඊට පස්සේ මෙහි පිටුපස කොටසට ඇතුල් උනා. ඒ ප්‍රදේශයේ තමයි ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නේ. භාවනා කුටි විශාල ප්‍රමානයක් තිබ්බා. ගස් කොලන් අතරින්. ඉතාමත් නිශ්ශබ්ද පරිසරයක තමයි යන්න තිබුනේ. පහත කෙටි වීඩීයෝව බලන්න.. ඒ කුටිවල ස්වාමීන් වහනසේලා වැඩසිටිනවාද කියලත් දැනෙන්නෙ නෑ.. ඒ තරම් නිහඩ බවක් තිබ්බේ. ඔයාලා කට්ටියක් එක්ක ගියත් කෑ නොගසා නිශ්ෂබ්දව යන්න... ඉතින් පැයක් විතර තපෝවනයේ ගත කරලා මම ඉන් එලියට ඇවිත් බයික් එකේ මගේ යාලුවගේ ගෙදර යන්න පිටත් උනා. විශේෂයෙන් තපෝවනය කිව්වම මට මතකයට එන්නේ මම ගොඩක්ම ගරු කරන ඉතාම සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් වන රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ පැවිදි වූ හා සමහර කාලවල වැඩවසන විහාරස්ථානය ලෙසයි. ඉතින් තපෝවනයට බස් එකේ එනවනම් බොරැල්ලෙන් එන අංක 190,170,177,171 බස් එකක ඇවිත් තලංගම/කොස්වත්ත බැහැලා 3වීල් එකක එන්න පුලුවන්. කි.මි 3 ක් විතර දුරක් තියෙන්නෙ. කොටුව-විදේශසේවා කියලා පන්සල කිටුවෙන්ම යන බස් එකකුත් තියනවලු නිතරම නෑලු. කොහිලවත්ත බස් එකේ ඇවිත් අඹගහ හන්දියෙන් බැහැලත් තපෝවනයට එන්න පුලුවන්ලු. කොස්වත්ත හොස්පිට්ල් එක ලඟ 152 කියල බස් එකක් ගහනවා. තපෝවනේ ගාවින්ම බහින්න පුලුවන්..
.
* විනාඩි 8 ක කෙටි වීඩියෝව බලන්න. :
.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
* පසුගිය සියලුම සංචාරයන් Index >>>
Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
.
* විනාඩි 8 ක කෙටි වීඩියෝව බලන්න. :
.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
* පසුගිය සියලුම සංචාරයන් Index >>>
Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.