නැටුම කියන්නේ වැඳගෙන පුදාගෙන ඉන්න තියෙන එකක් නෙවෙයි. මම හිතන්නේ වෙස් නැටුමෙත් හොඳ elements තියෙනවා. ඒත් ඒවා තව වර්ධනය කරලා අද කාලෙට ගැළපෙන විදිහට හැඩ ගස්සගෙන අලුත් නිර්මාණ වලට එක්කහු කරන්න, social dancing වලට එක්කහු කරන්න හෙම නිර්මාණවේදියෝ දැනගන්න ඕනි. එහෙම නැතුව ඕක පරම පවිත්ර විදිහට වෙනස් නොකර පවත්වාගෙන යන්න ඕනි එකක් නෙවෙයි. ඒ වගේ දේකින් තමා හැබෑවටම සිංහල entertainment industry එක ප්රමෝට් කරන්න පුළුවන් වෙන්නේ.