ගෝල්ෆේස් රථ ගාල වැඩ පෙන්වයි...

lilman

Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo


    "ගෝල්ෆේස් එන ඔබ වෙනුවෙන්"
    පෙරේදා දිනයේ දී ගෝල්ෆේස් රථ ගාලේදී HE- 2469 දරණ ත්‍රීරෝද රථය සොරකම් කරනවා.ඒ අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශවයෙන් එල්ලවන ප්‍රධානම චෝදනාව තමයි මේ පාකින් සදහා මුදල් ගන්න අය ත්‍රීවීල් එකේ හැඩල් ලොක් කරන්න එපා .එහාට මෙහාට දාලා තව වාහන දාන්න තියෙනවා කියන එක.ඒ නිසා තමයි ඒ ත්‍රීවීල් එක සොරකම් කරේ කියන කරුණ.දිගින් දිගටම මෙම ස්ථානයෙන් ත්‍රීවීල් හා යතුරුපැදි නැතිවීම ගැන පැමිණිලි ආවා.ප්‍රධානම හේතුව තමයි හැඩල් ලොක් නොකිරීම,ඊලගට යතුරු අමතක වීම. ඉතින් මේ පාකින් එකේ ටෙන්ඩර් ගත්ත පුද්ගලයාගේ සිට ටිකට් කඩන පුද්ගලයින් 16 දෙනාම අද කැදෙව්වා කොටුව පොලිසියට.ස්ථානාධිපති කොටුව සහ අපරාධ අංශයේ ස්ථානාධිපති සහභාගි කරගත්තා.මේ පාකින් එකේ ටිකට් කඩන මනුස්සයෙක් සතියේ දිනකදී අයිතිකරුට රු.5000 ක් දෙන්න ඕනේ.සති අන්තයේ දිනවල රු.10000 ක් ඉන් පසු ලැබෙන සියලුම මුදල් ටිකට් කඩන කෙනාට.වැසි දිනවල පමණක් මේ ටාගට් එක අඩුවැඩි වෙනවා.ඉතින් වෙන්නේ මොකක්ද මේ අය උමතුවෙන් වගේ තමන්ගේ ටාගට් එක කවර් කරලා තමන්ට ගානක් හොයාගන්න උත්සහයක් ගන්නවා මිසක් මෙතන ගාල් කරන වාහන ගැන ඔවුන්ට අවධානයක් නැහැ. අඩුම මනුස්සයෙක් වාහනයක් නැවැත්තුවාට පස්සේ ඒ වාහනයේ අංකය හා පැමිණි වේලාව දාලා ටිකට් එකක් දිය යුතුයි.ඊට පස්සේ යද්දී තමයි අදාල පැය ගානට මුදල් ගන්නේ.නමුත් වෙන්නේ.නවත්වපු ගමන් ඇවිත් සල්ලී ගන්නවා.ඊට පස්සේ වාහනයට හෙණ ගහල ගියත් කමක් නැහැ.ටිකට් කඩන ඔවුන්ට තවත් එක වාහනයක් විතරයි ,අපිට තවත් අපරාධයක්.ඒ වුනාට තව මනුස්සයෙක්ට තමන්ගේ එකම වාහනය,හම්බකරගෙන කන්න තියෙන එකම වාහනය,අමාරුවෙන් සල්ලී හම්බ කරලා ගත්ත වාහනය වෙන්න පුලුවන්.වාහනය නැතිවුන මිනිස්සු ඉන්නේ ගින්දරින්.
    ඒ නිසා හෙට සිට වාහනය මෙතන ගාල් කරනවානම් මුලින්ම වාහනයේ අංකය දාලා පැමිණි වේලාවත් දාලා ටිකට් එක ලබාදිය යුතුයි.ඒ එක්කම යම් අංකයක් සහිත ටෝකන් එකක් දෙනවා.ඒ ටෝකන් එකක් නැවත වාහනය රැගෙන යන්න එන විට අදාල ටිකට් කඩන කෙනාට දිය යුතුයි.මුදල් අය කල යුත්තේ ඊට පසුවයි.ඒ අනුව තමයි වාහනය පාකින් එකෙන් ගන්න අවස්ථාව ලබා දෙන්නේ.ඊලගට අදාල ගාස්තුව හැරුනු විට වැඩිපුර මුදල් අය කිරීම සම්බන්ධ ඇති සමාජ විරෝධය ගැනත් දැනුවත් කලා (වැඩිපුර ගාස්තු අය කීරීම ගැන නීතීය ක්‍රියාත්මක කල යුත්තේ නගර සභාවයි). ඒ වගේම පොලිස් නිලධාරීන්ගේද මුර සංචාර ප්‍රමාණය ද වැඩි කිරීමට කටයුතු කලා. ඒ නිසා ටිකට් එක සහ ටෝකන් එක දෙන්නේ නැති නම්,හැඩල් ලොක් කරන්න එපා අපිට එහාට කරන්න තියෙනවා කිව්වොත් වහාම මට හෝ ස්ථානාධිපති කොටුව අමතන්න පුලුවන්.ජනතාව වශයෙන් ඔබේ සහයත් අපිට ලබා දෙන්න.අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්න.
    0718591559 - සහකාර පොලිස් අධිකාරී
    0718591560 - ස්ථානාධිපති කොටුව
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔතන්ව බයික්, ට්‍රිවිල් හොරකම් කරනවලු කෙළියට. ලොකු වහනව වල කෑලි ගලවනවලු.
     
    • Like
    Reactions: Golden2015