ගෞතම බුදුරජාණන් වහන්සේ

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    ගෞතම බුදුරජාණන් වහන්සේ

    ගෞතම බුදුරජාණන් වහන්සේ


    බුදුන් වහන්සේගේ රුව දක්වන ශෛලමය ප්‍රතිමාවක ඡායාරූපයක්.


    බුදුරජාණන් වහන්සේ ගිහි කළ සිදුහත්(
    සිද්ධාර්ථ) නම් විය. "යහපත උදාකරන තැනැත්තා" යනු ඒ නමෙහි තේරුම යි. සිද්ධාර්ථයන් උපත ලැබුවේ කපිලවස්තු (කිඹුල්වත්) නගරයේ ගෞතම ගෝත්‍රයට හා ශාක්‍ය වංශයට අයත් රාජකීය පවුලක ය. එතුමන් ගේ පියා සුද්ධෝදන රජතුමා ය; මව මහමායා (මායා) දේවිය යි. සිදුහත් කුමරුන් උපත ලැබුවේ වෙසක් පොහෝ දිනක (ක්‍රි.පූ. 624 පමණ), ලුම්බිනි නම් සල් උයනේදී ය. කුමරු ඉපිද දින 7න් මහමායා දේවිය කලුරිය කර, තව්තිසා දිව්ලොව මාතෘ දිව්‍යරාජයා ලෙස උපත ලදින්, එතැන් පටන් සිදුහත් කුමරුට මව් වූයේ සුළු මව (මවගේ නැගණිය)වූ මහා ප්‍රජාපතී ගෝතමීය යි. එක රජ පවුල්වල සිරිතට අනුව සිදුහත් කුමරුන් යසෝදරා දේවිය සමඟ විවාහ වූයේ වයස අවුරුදු 16 දී ය.
    ලක්‍ෂණ ශාස්ත්‍රයෙ හි
    නිපුණ වූවන් උන් වහන් සේ ගිහි ගෙය හැර ගොස් බුදු බව ලබන බැව් එකුමරුට නම් තබන දිනම පවසා තිබිණ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහිත ව උපන් කෙනෙකු සම්මා සම්බුද්ධත්වයට (ගිහි ගෙය හැර ගියහොත්) හෝ සක්විති රජ පදවියට (ගිහි ගෙය රැඳුනොත්) පත් විය යුතු යන නියමය දත් සුද්ධෝදන රජතුමා ඇතුළු හැම දෙනම උත්සාහ කළේ උන් වහන්සේ ගිහි ගෙය (එනම් පස් කම් සැප තුළ) රඳවා ගැනීමට යි. ස්වභාවයෙන්ම විමසිලිවන්ත වූ සිද්ධාර්ථ බෝසතානන් ට කාමභෝගී ගිහි ජීවිතයේ නිසරු බව ත්, ජීවිතය හා බැඳී පවතින දුකින් මිදීම් අවශ්‍යතාවත් පසක් වීමට සතර පෙර නිමිති දැක නුවණින් විමසීම ම ප්‍රමාණවත් විය. මෙම නික්මීමේ අදිටන මුදුන් පත් වූයේ, වයස අවුරුදු 29 දී, සිය කුළුඳුල් පුතු රාහුල කුමරු උපන් දිනම, විමුක්තිය සොයා අබිනික්මන් කළේ (ගිහි ගෙය හැර ගියේ) සියළු ලෝ වාසීන්ට දුකින් මිදීමේ මඟ හෙළි කිරීමේ අදිටනිනි.
    ගිහි බැමි හැර ශ්‍රමණයකු විය යුතු යැයි හැඟීම හැර විමුක්තියට මග පිළිබඳ අන් කිසිම දැනුමක් එ කල්හි සිද්ධාර්ධයන් ට නොතිබිණි. විමුක්තිය සොයා යෑමේ නොසිඳෙන වීර්යයත්, එය අන් අයට හෙළි කිරීමේ සානුකම්පික හැඟීමත් නිසාම සය වසක් මුළුල්ලේ උන්වහන්සේ කළේ සත්‍යය සොයා යෑම යි. මෙය ධර්මයේ හැඳින්වෙන්නේ ආර්ය පර්යේෂණය ලෙස ය.
    සත්‍ය ගවේශනය වෙනුවෙන් උන් වහන්සේ මුලින්ම කළේ විමුක්තිය සාක්‍ෂාත් කරගෙන සිටී යැයි එකල සිතා සිටි ආචාර්ය වරුන් සොයා යාමයි. භාවනාව ප්‍රගුණ කර අරූප ධ්‍යාන (මෙය බුදු දහමෙහි සම්මා සමාධිය නොවේ; ධ්‍යාන මට්ටමක් පමණී) උපදවා සිටි ආලාර කාලම සහ උද්දක රාමපුත්‍ර එවැනි ගුරුවරුන්ය. සුළු කලකින් ඔවුන්ගේ ධර්මයන් ප්‍රගුණ කළ සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේ ඒවා විමුක්තිය වෙත යොමු නොවී ඇතැයි අවබෝධයෙන්ම බැහැර කළහ; තමන් ම විමුක්තිය සොයා ගත යුතු බව වටහා ගත්හ.
    පස් කම් සැපෙහි ඇලි ගැලී සිටි කාමසුඛල්ලිකානුයෝගී අන්තය නිසරු බැව් මේ වන විටත් පසක් කර සිටි හෙයින් එතුමන් මෙවර තෝරා ගත්තේ ශරීරයට දැඩි දුක් පීඩා දී පව් ගෙවා දැමීම යැයි සමාජ සම්මතයේ පැවති අත්ථකිලමතානුයෝගී අන්තය යි. පස්වග භික්‍ෂූන්ගේ උපස්ථාන ලබමින් අවුරුදු හයක් මුළුල්ලේ දුෂ්කර ව්‍රත වල හැසිරීමෙන් (දුෂ්කර ක්‍රියාවෙන්) පවා උන් වහන්සේ පැතූ විමුක්තිය ළඟා කර ගත නොහැකි විය. මෙම පරීක්‍ෂණයේ නිගමනය වූයේ, අත්ථකිලමතානුයෝගය විමුක්තියෙන් බැහැරට ම යන බවයි.
    ඉන් අනතුරුව උන් වහන්සේ ගේ මතකය ගියේ ළදරු වියේ දී දඹ රුක් මුලක හිඳ වැඩූ ආනාපානසති භාවනාවත් එයින් අත්දුටු සමාධි සුවයත් වෙතය. කාමසුඛල්ලිකානුයෝගී සහ අත්ථකිලමතානුයෝගී මාර්ගවලින් බැහැරවූ මැද මාවතක් (මධ්‍යම ප්‍රතිපදාව) අනුගමනය කළ යුතු බැව් උන් වහන්සේට වැටහිණි. එය අනුගමනය කරමින් සමාධියත්, ඒ තුළ විදර්ශනා ප්‍රඥාවත් වැඩූ උන් වහන්සේ වෙසක් පොහෝ දිනක ඇසතු බෝ රුකක් මුල සියලු කෙලෙස් නසා සම්මා සම්බුද්ධත්වය ලබා ගත්ග.
    එතැන් සිය 45 වසක් මුළුල්ලේ උන් වහන්සේ ජීවිතය ගත කළේ සියළු ලෝ වැසියන් ගේ හිත සුව පිණිස අවබෝධ කරගත් එම ධර්මය දේශනා කිරිමටයි

    උපුටා ගැනීම
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    දළදා සමිදු සරණයි.....!!!!

    ඔබටත් එසෙම වේවා
    11.gif
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඝෝර විසැති නයි පොළොගුන් වන්....
    මිනිසුන් මිතුරු වෙසින් ඒනම්....
    එමවිට පවසනු මුවින් ඔබේ.....
    බුද්ධO සරණO ගඡ්ඡාමී...............................
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    ඝෝර විසැති නයි පොළොගුන් වන්....
    මිනිසුන් මිතුරු වෙසින් ඒනම්....
    එමවිට පවසනු මුවින් ඔබේ.....
    බුද්ධO සරණO ගඡ්ඡාමී...............................

    :yes::yes::yes::yes:
    11.gif
    11.gif