චක්‍ර 7 කුණ්ඩලනී ශක්තිය help

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    පිස්සුද බන්.:baffled:. එරමිණිය ගොතාගෙන ඉන්නවත් බැරුව මොන යෝග භාවනාද. ඔය චක්‍ර අවදි කරගන්නව කියන එක ලේසි වැඩක් නෙමෙයි. චක්‍ර අවදි කරගන්න ශරීරය සකසන්න තමයි, යෝය ව්‍යායාම තියෙන්නෙ. ඒ වගේම ප්‍රාණයාම / වස්ති ක්‍රම වලින් ශරීරය ශුද්ද කර ගන්නෙ.

    ඒ මූලික වැඩ ටික සෑහෙන කාලයක් කරල ඉදපන් චක්‍ර අවදි කරගන්න හිතන්න යන්න කලින්. දැනුම ඕන තරන් හොයා ගන්න පුලුවන් ඉන්ටර්නෙට් එකෙක්. බට් ප්‍රක්ටිස් කරන්න පටන් ගත්තට පස්සෙ ඉන්ටර්නෙට් පැත්ත පලාතෙ එන්න එපා.
    බ්‍රහ්මචාරී වෙන්න ඕනෙ.

    හොද පදනමක් දාගන්න පුලුවන් කායානුපස්සනාව සහ මයිත්‍රී භාවනව පුරුදු කලාම. එතකොට හිතටත් ටිකක් බය නෑ.

    මාසෙන් දෙකෙන් එක චක්‍රයක් වත් අවදි කරගන්න බෑ මේ ගෙවල් අස්සෙ ඉදල, ඉන්ටර්නෙට් බල බල. වනගත වෙලා ඉන්න යෝගීන්ටත් ඕක අමාරු වැඩක්.

    ඔය චක්‍ර 7ම අවදි කරපු කවුරුත්ම දැනට මේ ලෝකෙ නැතුව ඇති.

    ආ මතක ඇතුව බඩ විරේකයක් එහෙම කරගන්න. ෆ්ලෝරයිඩ් යූස් කරන්න එපා. ඉදල හිටල සියඹල ජූස් එකක් බොන්න ( ඇයි කියල තේරෙයි තව ටිකක් ඉගෙන ගන්න කොට ) අමු එලවලු පලතුරු වඩිපුර කන්න.

    මූලාදාර චක්‍රය ඇක්ටිව් වෙනකොට (අවදි වීමම නෙම්යි ක්‍රියාකාරී වෙනව වෙන්න ඇති ) යට ඉදල ශුශුම්නාව දිගේ පීනල් ග්ලෑන්ඩ් එකට යනකන් කරන්ට් එකක් වගේ යනව. ඒත් එක්කම මොලේට එන වයිබ්‍රේශන් එකට පට්ට විදීහට බය හිතෙනව. සමහර විට පිස්සු හැදෙන්නත් පුලුවන්.

    භ්‍රාමරී අබ්‍යාස ප්‍රගුණ කරනකොටත් ඒ වගේ. ත්‍රෝට් චක්‍ර එකේ වයිබ්‍රේශන් එක ඇහෙනව, දැනෙනව. ඒක ඔලුවට යනව. සමහර වෙලාවට දරා ගන්න අමාරුයි.

    ආවට ගියාට කරන්න එපා. හදිසි වෙන්න එපා. මුලින් දැනුම හොයාගෙන ඉන්න. ඊට පස්සෙ ෆෝන් එකයි, ලැප් එකයි අල්මාරියට දාල වහල හුදෙකලාවෙ වැඩේ පටන් ගන්න.

    නැත්තන් අනිවා උබ මානසික ලෙඩෙක් වෙනව.

    එහෙම නැත්නම් බෞද්ද භාවනාවක් පුරුදු වෙන්න. කිසිම බයක් නෑ. මෙලොවටත් හොදයි. පරලොවටත් හොදයි.

    :love::love::love:
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මෙම භාවනාව දිනකට කොපමණ වෙලා කරන්න ඕනිද​?
    පැයක් හො eta wadiyan karanna oniida?

    එරමිණියගොතාගෙන​ inna baha. putuwaka wadi wala inna vidiyata bawanawa karata kamak nadda??
    මෙම භාවනාව ප්‍රයෝගික​ කරන අයගෙන් උපදෙස් අවශ‍ය
    මුලාධාර චක්‍රය අවදි වීමට කොපමණ කලක් යයිද​?

    maa bawanawa karana aya innwanam mata p.m ekak hari danna.

    bump ekak daa gana yanna.

    මචං එරමිනිය ගොතාගෙන ඉන්නවා කියන්නේ ශරීරය පිරමිඩයක ආකාරයෙන් සකස් වෙනවා කියන එක. මම අහල තියෙන විදියට පිරමීඩ කියන හැඩය විශේෂයි. පිරමීඩ හැඩයෙන් විෂ්ව ශක්තිය වැඩි පුර උරා ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. පුටුවක වාඩි උනාම ඔය හැඩය ගන්න බැහැ.

    මටත් මුලින් පටන් ගන්න කොට එරමිනිය ගොතා ගෙන ඉන්න බැරි උනා. බිත්තියකට හේත්තු වෙන්න ඕන උනා. යෝගී ව්‍යයාම වල තියෙන සූර්ය නමස්කාරයවත් අඩුම තරමේ කරලා පටන් ගන්න. ටික දවසක් වේදනාවෙන් එරමිනියා ගොතාගෙන භාවනා කරන්න ට්‍රයි කරන්න. ටික දවසක් යන කොට වේදනාව අමතක වෙලා ඉබේටම හරි යනවා. ඊට පස්සේ බිත්ති ඕනත් නැහැ.

    ඒ මොනවා උනත් ගුරුවරයෙක් නැතුව භාවනා කරන්න යන්න එපා. එහෙම කරලා මීටර් අවුට් ගිය පොරක් මම දන්නවා. එහෙම කියන්නේ උඹ භාවනා කරගෙන යනකොට විවිධ අද්භූත දේ හම්බ වෙනවා. මෙහෙම විස්ථර කරන්න බැහැ බං . සිල්මාතා කායිම් කියලා පොතක් තියෙනවා සිල්මාතවකට මාර්ගඵලයක් ගන්න තැනට එනකම් මුහුන දීපු අද්දැකීම් විස්ථර කරලා. ඒකත් කියවලා ඉදපන්.
     
    oya koccara walawak bawana karanawada?? dawasakata
     
    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    bawanawak karanna ona hoda puhunu kenek yatathe idan.nath nam ubata hoya ganna bari leda hadei kundalikaranaya kese wethath.
     
    • Like
    Reactions: comx