වචන කිහිපයක් අහපු බාහිය දාරුචීය අරහත් වුනා කෙටි වෙලාවකින්.
ඇතා පිටේ යන ගමන් සන්තති ඇමති අරහත් වුනා. කලින් බණ භාවනා කරලා හිටියෙත් නැහැ.
මිලින්ද රජුට බණ කියන ගමන් කුමාර කාශ්‍යප හිමි අරහත් වුනා.
මම නැවතිලා, ඔබත් නවතින්න කියපු එකේ තේරුම වටහගත්ත අංගුලිමාල මාර්ගඵල ලැබුවා...
ඉතින් එහෙවු එකේ හරියට බණ ඇහුව නම් දින දෙක තුනෙන් ආර්ය ප්‍රථම දැහැනට යන්න බැහැ කියලා හිතනවද...
එහෙනම් ධ්‍යාන අත්දැකීම් ලබපු අයගේ තව විඩියෝ ටිකක් දාන්නම්... පඤ්චඞ්ගිකසමාධි සූත්‍රයත් ( https://www.thripitakaya.org/tipitakaya/Index/483?s=11122 ) එක්ක සංසන්ධනය කරලා ඔබම විමසලා බලන්න.
Buduhamduruwange kale ipaduna wachanayak ahapu gaman rahat wenna pin tiyena aya dan kale ne,oya boru videos danna epa bn,
3. මහාපරිනිර්වාණ සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » මහා වර්ගය » 3. මහාපරිනිර්වාණ සූත්‍රය
105. “සුභද්‍රයෙනි, යම් ධර්ම විනයයෙක (යම් සස්නෙක) අරී අටැඟි මඟ නො ලැබෙයි ද, එහි (පළමු වන) සෝවාන් මහණ ද නො ලැබේ (නො මැත), දෙවෙනි සෙදැගැමි මහණ ද එහි නැත, තෙවෙනි අනැගැමි මහණ ද එහි නැත, සතර වන රහත් මහණ ද එහි නැත. වැලි දු සුභද්‍රයෙනි, යම් සස්නෙක අරී අටැඟි මඟ ඇද්ද, එහි (පළමු) සෝවාන් මහණ ද ඇත, දෙවෙනි සෙදැගැමි මහණ ද ඇත, තෙවැනි අනගැමි මහණ ද ඇත, සතරවන රහත් මහණ ද ඇත. සුභද්‍රයෙනි, මෙ (දහම් විනය ඇති) සස්නෙහි අරී අටැඟි මඟ ඇත. සුභදුයෙනි, මෙහි ම (පළමු) සෝවාන් මහණ ද ඇත, මෙහි ම දෙවෙනි සෙදැගැමි මහණ ද ඇත, මෙහි ම තෙවෙනි අනැගැමි මහණ ද ඇත, මෙහි ම සිවු වැනි රහත් මහණ ද ඇත. මේ සතර මහණුන්ගෙන් අන්‍ය වූ පරප්‍රවාදයෝ (පර තන්ත්රයෝ) සත්‍යයෙන් ශුන්‍ය හ. සුභද්‍රයෙනි, මේ මහණහු ද නිසි පරිදි වසන්නාහු නම් ලොව රහතුන් ගෙන් හිස් නො වන්නේ ය.”
Rahat wenna be kiyala newe kivve.oya video wala tiyenawa wage dawas 3n rahat wenna puluwan pin tiyena aya dan kale ne,
ඒකෙ රහත් වෙච්ච කතාවක් කවුරුවත් කියන්නෙ නැහැ මචෝ.. එයාලා කියන්නෙ ආර්ය් ධ්‍යාන අත්දැකීමක් ලැබුවා කියන එක විතරයි..
4 weni dhyanatayata ehema dawas 3n enna be bn.eka wena ona hamduru namak gen ahapan,kohomawath karanna beri deyak.
මචෝ බැහැ කියන්නේ මොන පදනමෙන්ද..
සරලව ගත්තොත්:
කාමයෙන් මිදුනම පළමු දැහැන.
විතක්ක විචාර වලින් මිදුනම දෙවනි දැහැන.
ප්‍රීතිය මිදුනම තෙවනි දැහැන.
සුඛයෙන් මිදුනම හතරවෙනි දැහැන..
හැබැයි ආර්යද අනාර්යද කියලා හොයන්නේ ලෝකෙ ඕනම දෙයකට හුස්ම රැල්ලකට හෝ වෙනත් ලෝකෙට අදාල සිතුවිල්ලකට සිත තිබ්බම ධ්‍යානයෙන් මිදෙන එකෙන්.. ලොකෙන් එතෙර වෙන්න තමයි ලෝකෝත්තර ධ්‍යාන වඩන්නේ..
හැබැයි ඔයා කියනවා වගේම ධ්‍යාන කියන්නේ නිවන් මග වුනාට මාර්ග ඵලයක් නෙවෙයි...

Oya okoma palaweni dhayane.adu gane 1 weni dhayaneta wath ewilla ne,okoma patipaga nimitta.aloke ewilla witarai.aloketa focus eka dunnama aloke yanawa.eka dhanaya newe.
ආලෝකය කියන්නෙ ලෝකෙට අයිති දෙයක්.. ඒක අරමුණු කරාම දැහැන බිදෙන එක හරි. මොකද ආර්ය ධ්‍යාන වලදි නිවිමේ ශාන්තියටයි සිත මෙහෙයවන්නෙ.. පංචාංගික සමාධි සුත්‍රය බලන්න.
Oya boruwata ahuwenna epa.oya balana video weradiy
තමන්ගෙ කලින් ආත්ම බලනව වගේ ධ්‍යාන ගන්නෙ කොහොමද?
හතරවන ධ්‍යානයට යන්න.
http://www.thripitakaya.org/tipitakaya/Index/483?s=11122
හෙ ඉදින් “අනෙකවිධ පූර්වෙනිවාසය සිහි කෙරෙම්ව යි - එනම්: එක් දැයකුදු දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දෙස සහිත අනෙකවිධ පූර්වෙනිවාසය සිහි කෙරෙම්ව”යි කැමැති වේ නම්, පූර්වෙනිවාසඥානය ඇතිවත් ම ඒ ඒ නිවාසයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
මෙන්න මේ වගේ
පලවෙනිම උපදෙස මේ හාමුදුරුවන්ගේ බණ මැදක් ඉදන් අහන්න නම් එපා.. මුල් පැය දෙක අහන්නම ඕන.
https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw
http://www.nirapekshathwayemaga.com/
karunakarala palamuwa ahanna oni bana eke link eka denna
ඔයා හරි. ආර්ය දැහැන් වැඩෙන්නෙ ආර්යයෙක්ට.. එයා අනිවාර්යෙන් අට්ඨපුරිස පුද්ගලයින්ට අයිති කෙනෙක් වියයුතුයි. සෝවාන් වෙන්න සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාශ කියන සංයෝජන බිදවැටෙන්න ඕන.. ඒකට පාරමිතා පිරිලා නම්, නිවැරදි බණ ඇහුවා නම්, එය අවබෝධ වුනා නම් ඔහු සෝවාන් වෙනවා. නැතිනම් මාර්ග අනුගාමි වෙනවා. පිටකයේ කොතනකවත් නැහැ භාවනා කර සෝවාන් විය කියලා. උදා- විශාකා, විත්ත ගෘහපති.....
ow bhawana karala witharak sowan wenna baa. Dan me video wala inna aya sowan wela iwaraunata passe da dhayana wadanna patan aragena tiyenne?
පිටකයේ සදහන් "දර්ශනයෙන් සක්කායදිට්ඨි යැ විචිකිච්ඡා යැ සීලබ්බතපපරාමාස යැ යන තුන්සංයොජනයෝ ප්‍රහීණ වෙති" යනුවෙන් (3.1.2.විචයහාරවිභඞ්ගය-ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග)
පිටකයේ සදහන් "භාවනායෙන් කාමච්ඡන්ද යැ ව්‍යාපද යැ රූපරාග යැ අරූපරාග යැ මාන යැ උද්ධච්ච යැ නිරවශේෂ අවිජ්ජා යැ යන සත්සංයොජනයෝ ප්‍රහීණ වෙත්" https://www.thripitakaya.org/tipitakaya/Index/1098?s=24035
-------------------------------------------
නමුත් පලවෙනි දැහැනෙදි කාමය මුලුමනින්ම ප්‍රහානය වෙලා කියන්න බැහැ. එය ධ්‍යාන ලාභින් දන්නවා. ගෑනි දරුවො ගෙවල් දොරවල් ගැනත් ඉදහිට සිතුවිලි එනවා. නමුත් සිතේ වැඩි ප්‍රතිශතයක් නෙක්ඛම්මයට හෙවත් කාමයෙන් නික්මීමට යොමු වෙලා.
Panchangika sutrayata anuwa palaweni arya dhyanayaya yanakota kama-raga sampurnayenma nathi wenna oni (anagami wage). Eee kiyanne gihi jeevithayak gewanna baa tawa duratat. Kohomada ethakoya mee video wala inna aya ehema karanne?
ANarya dhyanayak nam awulak naa. kama-raga prahena wunama athi..
So, me video wala inna aya labanna mokakda kiyala hariyatama mata pahadili naa (arya/anarya or something else). poddak pahadili karala denna
9.1.4.3. නිබ්බානසුඛ සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්ගුත්තර නිකාය » නවක නිපාතය » 4. මහා වර්ගය
1. ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව ම ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහරණයෙන් වාස කරන ඒ මහණහට ඉදින් කාම සහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, සුව ඇත්තහුට හුදෙක් ආබාධ පිණිස ම යම් බඳු දුකෙක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ කාමසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ පර්යායෙනුදු නිර්වානය යම් බඳු සුඛයෙක් වේ නම් තෙල දතයුතු යි.
පංචාංගික සමාධි සුත්‍රයේ සදහන් සියළුම ධ්‍යාන ලක්ෂණ.. ඒ දැහැන් ලක්ෂණ මේ අයගේ අත්දැකීම් එක්ක මනාව ගැලපෙනවා. (අත්දැකීම් වීඩියෝ බලන්න) වගේම තමයි මම ඇස්දෙකන්ම දැක්ක දෙයක් ලංකාවෙ නිලියකගේ අයියා මැරි කරලා ෆ්රාන්ස් ලේඩි කෙනෙක් ලංකාවට ඇවිත් භාවනා වැඩසටහනට සහභාගි වෙලා 4 දැහැන් පුර්ණය කරලා තම සැමියගේ පෙර භවය ගැන කියනවා. අර නිළියත් එය සනාථ කරනවා. එයාලා ගුගල් වලිනුත් ඒක කන්ෆර්ම් කරගෙන.
comments tika check karala podi pahadili karimak denna. Thank you for your time.