මචං එරමිනිය ගොතාගෙන ඉන්නවා කියන්නේ ශරීරය පිරමිඩයක ආකාරයෙන් සකස් වෙනවා කියන එක. මම අහල තියෙන විදියට පිරමීඩ කියන හැඩය විශේෂයි. පිරමීඩ හැඩයෙන් විෂ්ව ශක්තිය වැඩි පුර උරා ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. පුටුවක වාඩි උනාම ඔය හැඩය ගන්න බැහැ.
මටත් මුලින් පටන් ගන්න කොට එරමිනිය ගොතා ගෙන ඉන්න බැරි උනා. බිත්තියකට හේත්තු වෙන්න ඕන උනා. යෝගී ව්‍යයාම වල තියෙන සූර්ය නමස්කාරයවත් අඩුම තරමේ කරලා පටන් ගන්න. ටික දවසක් වේදනාවෙන් එරමිනියා ගොතාගෙන භාවනා කරන්න ට්‍රයි කරන්න. ටික දවසක් යන කොට වේදනාව අමතක වෙලා ඉබේටම හරි යනවා. ඊට පස්සේ බිත්ති ඕනත් නැහැ.
ඒ මොනවා උනත් ගුරුවරයෙක් නැතුව භාවනා කරන්න යන්න එපා. එහෙම කරලා මීටර් අවුට් ගිය පොරක් මම දන්නවා. එහෙම කියන්නේ උඹ භාවනා කරගෙන යනකොට විවිධ අද්භූත දේ හම්බ වෙනවා. මෙහෙම විස්ථර කරන්න බැහැ බං . සිල්මාතා කායිම් කියලා පොතක් තියෙනවා සිල්මාතවකට මාර්ගඵලයක් ගන්න තැනට එනකම් මුහුන දීපු අද්දැකීම් විස්ථර කරලා. ඒකත් කියවලා ඉදපන්.