ජනාදිපතිවරන කාලෙදි ගෝටා වැඩි කතාවක් බහක් නෑ, වාද විවාද වලට යන්නෑ, අවශ්‍යම දේකට හැර කට අරින්නෑ, කොලේ බලන් මිසක් කතා කරන්නෑ, ප්‍රශ්නයක් ඇහුවොත් අයියගෙන් අහන්න කියලා පොර එක්තරා ආකාරයක සංවරයක් පවත්වගෙන ගියා. ඒ මොකද පොරට කවුරු හරි කියලා තියෙනවා කට ඇරියොත් විනාසයි කියලා. ඉතින් ඒවා පිලිපැදලා පොර දින්නා. ඒ එක්කම මහමැතිවරනෙ තිබ්බ නම් 2/3 ගේමක් නැතුව ගන්නවා. ඒත් දින්නට පස්සෙ පොරට එහෙම පරිස්සම් වෙන්න ඕන කමක් නෑනෙ. පොර යන්න ඕන තැනට ගියා. කතා නොකර ඉඳලත් බෑ. අයියගෙන් අහන්න කියන්නත් බෑ. දැන් ඉතින් මයික් කැමරා තියෙනවද කියලා බලන්නෑ සුපුරුදු ගොන් කතා කියන්න අරන්. කොරෝනා 28ක් හම්බ උනාම රට වහලා බෑ. අරකයි මේකයි කියලා පොර ගොන්කම මුළු රටටම ප්‍රදර්ශනය කරා. ඡන්දෙ දවසකින් කල් යනවා කියන්නෙ ගෝටගෙ ගොන් කතාවක් එලියට පනින්න තියෙන චාන්ස් වැඩි වෙනවා. දැන් ඉන්නෙ 113 හදන් ආණ්ඩුවක් කරන්න ඕන කියන සීන් එකේ. අදත් සුව විරුවො මහපාරේ. තව කල් ගියොත් මොනවැයින් මොනවා වෙයිද කියලා අපි දන්නෙ නැති උනාට ඒක ගැන හොඳටම දන්නෙ මහින්ද තමයි.