චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලන්නකො ඉතින් ඒකෙත් හැටි ලොල් 🤭 🤭 🤭 ඒ උනාට උන්ද බුරාපනින්නෙ ලoකාවෙ ඉන්න රාජපක්ශලට
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ කතාව පොඩ්ඩක් කියාන්කෝ :confused:

    https://www.divaina.com/2013/07/21/feature06.html

    සින්දු කියලා බැනුම් අහලා අන්තිමේදී
    කොන්ඩේ කපලා අවමන් විඳි ගායක යුවළ
    රූකාන්ත චන්ද්‍රලේඛා


    ruka.jpg
    ආයෙත් මිනිස්‌සු චන්ද්‍රලේඛා ගැනත් කතා කරන්නේය. රූකාන්ත ගැනත් කතා කරන්නේය. ඒ කතාව ඇති වී තිබෙන්නේ මේ දෙපළ විසින් කළ අලුත් සිංදුවක්‌ හෝ කැසට්‌ පටයක්‌ හෝ වෙනත් සංගීත වික්‍රමයක්‌ නිසා නොවේ. ඔවුන්ව මීට අවුරුදු 13 කට කලින් නින්දාසහගත පීඩාවකට ලක්‌ කළ අයි. ආර්. සී කාරයින් පිරිසක්‌, ලබන 27 වැනිදා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කරන්නට පසුගිය 17 වැනිදා පානදුර මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන විසින් නියෝග කිරීමත් සමගය. රක්‌ෂිත බන්ධනාගාරත කළ පිරිස 11 දෙනෙකි.

    මේ දහදුරා මැරයන් ගැන කතා කළහොත් ඔවුන් සම්බන්ධව ද විශේෂයක්‌ තිබේ. ඔවුන් පොලිස්‌ නිලධාරීන්ය. පාරේ තොටේදී අපට එදිනෙදා හමුවන සාමාන්‍ය රාජකාරියක්‌ කළ පොලිස්‌ නිලධාරීන් නොවේ. කලෙක මේ රටේ විධායක ජනාධිපතිවරියගේ ආරක්‌ෂක අංශයේ සේවයේ නියුතුව සිටි පොලිස්‌ නිලධාරීන්ය. එවකට ජනාධිපති ආරක්‌ෂක අංශයේ ප්‍රධානියා වුයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී නිහාල් කරුණාරත්නය. වාර්තා වූ ආකාරයට ඒ කාලයේ රටේ විධායක ජනාධිපතිනියගේ ආරක්‌ෂක අංශයේ බැද්දගානේ සංජීවත් සිටියේය. අමු පාතාල මැරයෙක්‌ වූ සංජීව, චින්තක අමරසිංහ නමැති පාතාල මැරයා විසින් මරා දමනතුරු රටේ විධායක ජනාධිපතිනියගේ ආරක්‌ෂක අංශය අසුරු කළේය.

    රූකාන්තලා අනාථ කළ ඒ අතීත සිද්ධිය මෙසේය. මේ වනවිට මේ ආණ්‌ඩුවේ හිතෛෂි වන්තයින් වී සිටින රූකාන්ත චන්ද්‍රලේඛා දෙපළ මේ සිද්ධිය වන මීට අවුරුදු 13 කට පෙර අමු යු. එන්. පී කාරයින්ය. ඒ කාලයේ මේ දෙදෙනාම එක්‌සත් ජාතික පක්‌ෂ ප්‍රචාරක වේදිකාවල මනරම් ලෙස සිංදු කීහ. ඒ කාලය චන්ද්‍රකාගේ ආණ්‌ඩුව මිනිස්‌සු අතරින් ප්‍රතික්‌ෂේප වෙමින් අප්‍රසාදයට ලක්‌ වෙමින් පැවතුනේය. මේ සමග රූකාන්තලා ගේ සංගීතය යු. එන්. පී වේදිකාවලින් ඇසෙන්නට වීම එවකට සිටි ආණ්‌ඩුව කුපිත කරවන්නක්‌ විය.

    ආණ්‌ඩුවේ මෙම වෛරය පුපුරා යන්නේ 2000 ජනවාරි 26 වැනිදාය. එදින රාත්‍රී 9 ට දොලොස්‌ දෙනෙකුගෙන් සමන්විත මැර කල්ලියක්‌ රූකාන්තලාගේ නිවසට ගොඩවූහ. ඔවුන් අත ටී 56 ගිනි අවි තිබිණි. ලෑන්ඩ් කෲසර් රියකින්, ඩබල් කැබ් රියකින් හා කාර් එකකින් පැමිණි මේ පිරිස නිවස වටකොට රූකාන්තලා ඇමරිකාවේ සිට ගෙනා ගිනි අවි ඇත්දැයි පරීක්‌ෂා කළ යුතු බව කියමින් නිවසට ඇතුළු වූහ.

    අනතුරුව රූකාන්තත් චන්ද්‍රලේඛාත් නිවසේ සාලයට රැගෙන ආවේය. රැගෙන ඇවිත් සැටියේ ඉන්දවූයේය. ගිනි අවි සෙවීම පසෙකලා යූ. එන්. පී ස්‌ටේඡ්වල සිංදු කීම ගැන විමසුවේය. අනතුරුව පිරිස කෙළින්ම ගනුදෙනුවට බටහ. චන්ද්‍රලේඛාටත් රූකාන්තටත් එක්‌සත් ජාතික පක්‌ෂ ප්‍රචාරක වේදිකාවල සිංදු කීමත් මරණයත් යන දෙකෙන් එකක්‌ තෝරාගන්නට යෝජනා විය. ඒ වනවිට මැරයින් නිවසේ ලක්‌ෂ විස්‌සකට වඩා වටිනා ගෘහ භාණ්‌ඩ කුඩු කර දමා තිබිණි. මේ යුවලගේ සිරුරු පෙට්‍රල් වලින් නහවා තිබිණි. අවශ්‍ය වී තිබුණේ ගිනි කූරක්‌ පත්තු කිරීම පමණය. සිංදු කියා මැරෙනවාට වඩා කට පියාගෙන ජීවත් වීම සුදුසු බව දෙදෙනාම තීරණය කළහ. අනතුරුව චන්ද්‍රලේඛා පුටුවක වාඩි කරවා ජනාධිපති ආරක්‌ෂක අංශයේ මැරයෝ ඇගේ හිසකේ එක්‌ පැත්තක්‌ කපා දැම්මේය. කැරලි ගැසී හැඩකාර කමට තිබූ රූකාන්තගේ කොණ්‌ඩයද තැනින් තැනින් කපා දැම්මේය. අනතුරුව ඔවුන් අත තිබු ජංගම දුරකථන, ඔරලෝසු පහක්‌ ඇතුළු රුපියල් ලක්‌ෂ දෙකකට වඩා වටිනා භාණ්‌ඩ කොල්ල කෑ කොල්ලකරුවෝ රූකාන්තගේ නිසාන් පෙට්‍රල් වර්ගයේ ජීප් රියද රැගෙන පලා ගියහ. පසුදා උදෑසන වටිනා අමතර කොටස්‌ ගලවා මස්‌ කළ ජීප් රථය මරදානේ පාරක්‌ ළඟ දමා ගොස්‌ තිබියදී හමුවුණේය. සිද්ධිය ගැන චන්ද්‍රිකාගේ ආණ්‌ඩුවේ පොලිසියට කළ හැකි දෙයක්‌ තිබුණේ නැත.

    මේ අතර 2002 වර්ෂයේ චන්ද්‍රකා බණ්‌ඩාරනායක විධායක ජනාධිපතිනියව සිටියදී ආණ්‌ඩු බලය එක්‌සත් ජාතික පක්‌ෂය අතට පත් විය. ඒ ආණ්‌ඩු පෙරළියත් සමග මෙතෙක්‌ කල් මහා බලවත් චරිතයක්‌ව සිටි ජනාධිපති ආරක්‌ෂක අංශයේ ප්‍රධානී නිහාල් කරුණාරත්න විසින් මතුරට පොලිසියේ ස්‌ථානාධිපතිවරයාට ගිනි අවිය පෙන්වා මරණ තර්ජන කිරීම ගැන රහස්‌ පොලිසිය විසින් පරීක්‌ෂණයක්‌ ආරම්භ කළේය. ඒ වනවිට ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂකවරයෙක්‌ වූ එච්. සමුද්‍රජීව ප්‍රමුඛ පොලිස්‌ කණ්‌ඩායමකට නිහාල් කරුණාරත්න අත්අඩංගුවට ගැනීමේ නියෝග ලැබිණි. ඒ වන විට නිහාල් කරුණාරත්න සිටියේ නවලෝක රෝහලේ ප්‍රතිකාර ගනිමිණි. පොලිසිය නවලෝක රෝහල වැටලුවේය. ඒ අවස්‌ථාවේදී ඔහු පොලීසියට අභියෝග කිරීමත් සමග බරපතල ප්‍රශ්නයක්‌ නිර්මාණය විනි. ඊට මාධ්‍ය ඔස්‌සේ දැවැන්ත ප්‍රචාරයක්‌ ලැබිනි. ඒ සමගම ජනාධිපති ආරක්‌ෂක අංශය කළ අපරාධ ගණනාවක පරීක්‌ෂණ බලය යොදා යට ගැසූ ආකාරය මාධ්‍ය හරහා හෙළිදරව් විය. රූකාන්ත චන්ද්‍රලේඛා දෙපළට එල්ල කළ ප්‍රහාරය, රෝහණ කුමාර ඝාතනය, ක්‍රිකට්‌ නිලවරණයේදී එල්ල වූ ප්‍රහාරය, රවී කරුණානායක ගේ නිවසට මිනී හිස්‌ කබලක්‌ පාර්සල් කර එවීම, අනෝජා වීරසිංහගේ මොනරාගල පිහිටි නිවසට ගිනි තැබීම වැනි අපරාධ හා බිය වැද්දීම් වලට ජනාධිපති ආරක්‌ෂක අංශය සම්බන්ධ බව කියෑවිනි.

    මේ අතර එච්. සමුද්‍රජීව හා පොලිස්‌ පරීක්‌ෂක මුණසිංහ ඇතුළු කණ්‌ඩායමක්‌ රූකාන්ත චන්ද්‍රලේඛා දෙපළගේ සිද්ධිය ගැන පරීක්‌ෂණ ආරම්භ කළහ. මෙම කණ්‌ඩායම එවකට ජනාධිපති ආරක්‌ෂක අංශයේ සේවය කළ නිලධාරීන් 12 දෙනෙක්‌ අත්අඩංගුවට ගත්තේය. අවසානයේ මේ සිද්ධිය මෙහෙයවු ප්‍රධාන අපරාධකාරයා කවරෙක්‌ දැයි පොලිස්‌ කණ්‌ඩායම විසින් සාක්‌ෂි සහිතව සොයා ගන්නා ලදී. ඒ අපරාධකරුවා එවකට පාතාලය හොල්ලාගෙන සිටි, ඒ අතරම ජනාධිපති ආරක්‌ෂක අංශයටත් සම්බන්ධව සිටි බැද්දගානේ සංජීවය. පරීක්‌ෂණ කරගෙන යන අතරතුර බැද්දගානේ සංජීව මරා දැමිනි. ඔහුව මරන්නේ තවත් පාතාල ප්‍රබලයෙක්‌ වූ ධම්මික අමරසිංහ විසිනි.

    අත්අඩංගුවට ගත් ජනාධිපති ආරක්‌ෂක අංශ නිලධාරීහු මාස කීපයකට පසු ඇප පිට නිදහස්‌ විය. නඩුව ඉදිරියටම ගියේය. ඒ නඩුව විභාග වුණ පසුගිය 17 වෙනිදා නැවත වරක්‌ ජනාධිපති ආරක්‌ෂක අංශ නිලධාරීන් 11 දෙනා රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය. නඩුව පිළිබඳ තීන්දුව ලබන 24 වැනිදා ලබා දීමට නියමිතය.

    මේ සිද්ධිය හරහා කියෑවෙන නඩුවේ තීන්දුවට වඩා වැදගත් වන මහා සමාජ ෙ€දවාචකයක්‌ තිබේ. අප ජීවත් වන්නේ රටේ විධායක ජනාධිපතිවරුන්ව ආරක්‌ෂා කරන්නට පාතාල මැරයන්ගේ සේවය මුදල් ගෙවා ලබාගත් ජනාධිපතිවරුන් සහිත රටකය. ජනාධිපති ආරක්‌ෂක අංශයට මුවා වී ලයිසන් පිට මිනී මැරූ, කොල්ල කෑ, ම්ලේච්ඡයන් සහිත රටකය. එවැනි රටක සමාජයක්‌ එක්‌ නඩු තීන්දුවකින් හැදෙන්නේ නැත. පාඩම් ඉගෙන ගන්නේත් නැත. එහෙත් මේ සිදුවීම් අපට යළිත් වරක්‌ අප ගැන සිතන්නට බලකරයි. අප ගතකරන සමාජයේ යථා ස්‌වරූපය ගැන කල්පනා කරන්නට බල කරයි. මේ නඩු තීන්දුව සම්බන්ධ සිද්ධිය හා බැඳුණු ගෝත්‍රික ස්‌වරූප අඩු වැඩි වශයෙන් තවමත් සජීවි වනවාද නැද්ද යන්න බුද්ධියෙන් විමසා බැලීමට බල කරයි. රට නිවැරදි වනු ඇත්තේ අප පෙළනා සමාජ යථාර්ථය අප විසින් ප්‍රශ්න කිරීමට පෙළඹුන දාටය.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තව එකක් අමතක උනා අනෝජා වීරසිංහගේ නිවස ගිනි තබා විනාශ කළේ ද මේ සරල මැතිණියයි😂

    අඩෝ එහෙ දැන් මාස්ක් ඕනෙ නැද්ද.
    නැත්තන් රට කාපු මේ ගෑනිට වෛරස් එකත් බයද
    මාස්ක් ඕන බන්.මාස්ක් එක නැතිව පොටෝ එක ගත්ත නම් උබට ,මට ,මේ පෝස්ට් එක බලන උන්ට මේ ගෑනිද මිනිහා ද කියලා අදුර ගන්න පුලුවන් ද? මාස්ක් එක දාල ගත්ත නම් මිනිහෙක් වගේ නේ 😅
    ------ Post added on Jun 24, 2021 at 9:22 PM
     
    • Haha
    Reactions: kinkon