A+RA-
සන්ඩේලීඩර් මාධ්‍යවේදිනියට මැර ප්‍රහාරයක්
Saturday, 24 August 2013 10:01 0 Comments ප්‍රධාන පුවත
සන්ඩේලීඩර් පුවත්පතේ මාධ්‍යවේදිනී මන්දනා අබේවික්‍රම මහත්මියගේ නිවසට අද අලුයම 2.30ට පමණ මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.
හැව්ලොක් ටවුන්හි පිහිටි නිවසට පැමිණි මැර පිරිසක් ඇයට පහර දී මරණ තර්ජන එල්ල කර ඇගේ දියණියට සහ දෙමාපියන්ටද තර්ජනය කර තිබේ. පස් දෙනකුගෙන් පමණ යුතු මැර පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් ඇයගේ සියලුම ලිපි ගොනු පරීක්ෂා කර ඇත.
මේ අතර නිවසට පැමිණි ඇගේ සැමියා විසින් දරන ලද දැනුම්දීමකට අනුව පොලිස් නිලදාධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබේ. මැරයින් අත්අඩංගුවට ගැනීමට යද්දී මැර පිරිස පොලිස් නිලධාරියකුට පිහියෙන් ඇන ඇත. ඒ අවස්ථාවේදී පොලිසිය වෙඩි තබා ඇති බවත් එක් අයකුට වෙඩි වැදී ඇති බවත් වාර්තා වේ. තවත් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.