චන්දෙ දුන්නට උන්ට හොර කරන්නම බැරිද ?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,120
    2,657
    113
    මේක මට හිතෙන දෙයක්. අපි චන්දෙ දුන්නට ගණන් කරන්නේ කවුද? මන් දන්නා විදියට ගුරුවරු නේද? දැන් මේවා ගණන් කරද්දී ගණන් කරන එවුන් පක්ෂක්ග්රාහි නැද්ද ? සල්ලි වලින් වත් ගණන් කරන උන්ව නමන්න බැරිද ?

    උන් සල්ලි විසි කරලා ගණන් කරන එවුන් අල්ලාගෙන උදහාරණයක් විදියට X කියන අපේක්ෂකයා දිනන ගණන් කිරීමේ මද්යස්තනේ උන් 100ක් ඉන්නවා නම් එකෙක්ට 10000 වගේ වෙන්න ඔක්කටම දෙනවා කියල ඩිල් එක දානවා. දින්නම දෙනවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉස්සර නං කරනවා. දැන් නං එහෙම කරන්න අමාරුයි.

    මොකද හැම පක්ෂෙම නියෝජිතයෝ වටේට බලාගෙන ඉන්නේ.

    එක්කෙනෙක් විරුද්ද උනත් ආයේ ගණන් කරන්න වෙනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මට නං අන්තිම වෙනකං හොර හැත්ත ශුවර් නෑ බං :lol:
    බලපං ඊයෙ දවසෙම මයින පැටව් මේකෙ කොච්චර බොරු නිව්ස් ස්පෑම් කරල කලබල කරන්න ට්‍රයි කරාද 🤌 දැන් මිනිස්සු දැකල දැකල සතා අඳුරගෙන තියෙන හින්දම හොඳයි
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,120
    2,657
    113
    ඉස්සර නං කරනවා. දැන් නං එහෙම කරන්න අමාරුයි.

    මොකද හැම පක්ෂෙම නියෝජිතයෝ වටේට බලාගෙන ඉන්නේ.

    එක්කෙනෙක් විරුද්ද උනත් ආයේ ගණන් කරන්න වෙනවා.
    දහපාරක් ගණන් කලත් එකම එකානේ බන් ගණන් කරන්නේ.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,120
    2,657
    113
    මට නං අන්තිම වෙනකං හොර හැත්ත ශුවර් නෑ බං :lol:
    බලපං ඊයෙ දවසෙම මයින පැටව් මේකෙ කොච්චර බොරු නිව්ස් ස්පෑම් කරල කලබල කරන්න ට්‍රයි කරාද 🤌 දැන් මිනිස්සු දැකල දැකල සතා අඳුරගෙන තියෙන හින්දම හොඳයි
    එක ඇත්ත.

    එක එක පක්ෂ වලින් නියෝජිතයො බලන් ඉන්නව නේද?
    ගණන් කරනකොට කොලෙන් කොලේ බලන්න පුලුවන්ද හැමෝටම ?
    ------ Post added on Sep 21, 2024 at 9:06 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දහපාරක් ගණන් කලත් එකම එකානේ බන් ගණන් කරන්නේ.
    එකම කෙනා නෙමෙයි. පැනල් එකක් ඉන්නේ. ඉස්සර නං සමහරු ජන්ද කොලේ අවලංගු වෙන්න තවත් කතිරයක් ගහනවා වගේ වැඩ කරනවා හිමිට පෑනක් තියාගෙන. ඒක හෙන රිස්ක් වැඩක්.

    වටේම බලාගෙන ඉන්නේ හැම පක්ෂෙම අය ගණන් කරන අය දන්නේ නැහැනේ මොන පක්ෂේ අයද තමුන් ලග බලාගෙන ඉන්නේ කියල.

    මම ඕවයේ ඉදලා තියෙනවා. අදත් ඩියුටි යනවා රෑට. ඒකයි මම කිව්වේ එහෙම හොර කරන්න බැහැ කියලා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103

    රජයේ ජෝනෙක් ඩිටෙක්ටඩ්. ඔහොම නම් බෑ සහෝදරයා පස්සෙට වැඩ කරන්න.
     
    • Haha
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රජයේ ජෝනෙක් ඩිටෙක්ටඩ්. ඔහොම නම් බෑ සහෝදරයා පස්සෙට වැඩ කරන්න.
    එක්සත් ජාතික පක්සය දිනවමු.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,530
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හොර කරනව සැලකියයුතු මට්ටමකින් කරන්න බෑ. ඒකට චන්ද පෙට්ටි මාරු කරන්න ඕන. ඔය හොර වැඩේ බදියුදීන් කරනව. මේ පාරත් කරයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක එක පක්ෂ වලින් නියෝජිතයො බලන් ඉන්නව නේද?

    උන් හැම වෙලෙම බලන් ඉන්නෙ නෑ බන්. 2010 ජනාධිපතිවරනෙ සරත් ෆොන්සෙකාගෙ චන්ද ලකුනු කරපුව බොක්කු අස්සෙත් එක්ක තිබිලා හම්බුනේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උන් හැම වෙලෙම බලන් ඉන්නෙ නෑ බන්. 2010 ජනාධිපතිවරනෙ සරත් ෆොන්සෙකාගෙ චන්ද ලකුනු කරපුව බොක්කු අස්සෙත් එක්ක තිබිලා හම්බුනේ.
    ඒ ගණන් කරපුවා බං. ඒවා විසි කරන්න තිබුන ඒවා කොහොමත්.
     
    Sen-lu

    Well-known member
  • හොර කරනව සැලකියයුතු මට්ටමකින් කරන්න බෑ. ඒකට චන්ද පෙට්ටි මාරු කරන්න ඕන. ඔය හොර වැඩේ බදියුදීන් කරනව. මේ පාරත් කරයි.
    පෙට්ටි මාරු කිරිල්ල කරන්න අමාරුම වැඩක්. ඡන්ද දාපු ගණන් බැලන්ස් කරන්න වෙනව. අලුතෙන් සීල් තියන්න වෙනව. පෙට්ටිය මාරු කරන්න වෙනව. ඒක නිසා කටකතා තිබ්බට ඕක කරන්න බෑ.
     
    • Like
    Reactions: DJLEOx78

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එහෙම විසි කරන්න බැ බන් බොක්කු කානු අස්සෙ
    ඔතන වෙලා තිබ්බේ ගණන් කරලා ඉවර වෙලා විනාශ කරන්න තිබුන පත්‍රිකා කොළඹ අරං එද්දී ඒවා දාගෙන ආපු ලොරියේ උන් දොර හරියට වහගෙන ඇවිත් නැහැ. ඒවා මගදී බිම වැටිලා.

    ඕක ගැන මුල ඉදලම ඊට පස්සේ හෙව්වා. එතකොට තමයි ඇත්තටම උන දේ පැහැදිලි උනේ. ප්‍රවාහනය කරපු උන්ගේ නොසැලකිල්ල නිසා ඕක උනේ. ජන්දේ ගණන් කරලා ඉවර කරලා ගිනි තියන්න අරගෙන යන පත්‍රිකා ගැන එච්චර අවධානයක් නැහැනේ.

    දැන් නං කොළඹට ගේන්නේ නැහැ ඒ නිසා.

    ඕවා අරං ටික දවසක් තියාගන්නේ ජන්ද පෙත්සම් අවොත් කියලා.

    ඇත්තටම උන දේ ඕක නිසා තමයි ජන්ද පෙත්සමක් වත් ෆොන්සේකා මහත්තයා දැම්මේ නැත්තේ. ඒවා ගණන් කරපුවා නිසා.
     
    එහෙම විනාස කරන්නෙ නෑ බන් මාස 6ක් යනකම්. කවුරු හරි උසාවී ගිහින් නඩු දෑම්මොත් කියලා මාස 6ක් යනකම් ඔව්වා තියා ගන්නවා ආයෙ ගනන් කරන්න ඔන උනොත් කියලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එහෙම විනාස කරන්නෙ නෑ බන් මාස 6ක් යනකම්. කවුරු හරි උසාවී ගිහින් නඩු දෑම්මොත් කියලා මාස 6ක් යනකම් ඔව්වා තියා ගන්නවා ආයෙ ගනන් කරන්න ඔන උනොත් කියලා.
    ඔව් ඒක තමයි මාත් කියලා තියෙන්නේ.