දෙසපාලුවන් වැරදි කරන්නෙ දැනදැනමයි.
උන් ඒ ගැන පසුතැවෙන්නෙත් නැ. මොකද උන් දන්නවා ඔයා වගෙ අය නැවතත් උන්ට කතිරෙ ගහනවා කියල.
වරදක් කරපු මිනිහෙක් දඩුවමක් ලැබුනෙ නැත්තම් අයෙ වැරැද්ද කරනවා. එහෙම තමා මිනිස්සු.
දෙසපාලුවන් කියන්නේ ලැජ්ජා නහරෙ කපපු උන්. උන් ඊට වඩා අන්තයි.
හොදයි.. ඔයා "වරද" කියන වචනය වැරදියට අල්ලා ගෙන.. මම වරදක් කියන එකෙන් අදහස් කළේ අපරාධ නෙවෙයි..
යමෙක්, ස්වකීය පටු පරමාර්ථ වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන කරනවා නම් ඔහු දේශපාලකයෙකු ලෙස නොව, මිනී මරුවෙකු ලෙස හැදින් විය යුතුයි. යමෙක්, ස්ත්‍රී දූෂණ කරනවා නම්, ඔහු දේශපාලකයෙකු ලෙස නොව, ස්ත්‍රී දූෂකයෙකු ලෙස හැදින් විය යුතුයි. එවැනි අපරාධකාරයෝ ඡන්දය ඉල්ලු පමණින් උන් දේශපාලකයෝ වෙන්නේ නෑ..
මම වැරදි යන්නේන් අදහස් කලේ අපරාධ නෙවෙයි.
නෑයන්ට, හිතවතුන්ට සංග්‍රහ කිරීම..
කොමිස් ගැහිල්ල..
බලය අයුතු ලෙස භාවිතා කිරීම..
යම් දවසක ඔබ මන්ත්‍ර්‍රී කෙනෙකු හෝ ඇමෙති කෙනෙක් වූවොත්,
ඔබේ අසල් වැසියන්, නෑසිය මිතුරන් ඔබගෙන් උපකාර බලාපොරොත්තු වෙන්නේ නැද්ද?
ඔබේ යාලුවෝ මීට වඩා හොද ජොබ් එකක් සෙට් කරලා දීපන් කියලා කියන එකක් නැද්ද? අත මරුවට සල්ලි ඉල්ලන එකක් නද්ද? නෑදෑයන් පිළිබද නොසලකා හරින්න පුළුවන් වෙයිද? වාහන පර්මිට් එක විකුණන්න හිතෙන එකක් නැද්ද? ඔබට නිවසක් තිබ්බත්, නිල නිවස එපා කියයිද? මන්ත්‍රී වැටුපෙන් ඊලග වතාවේ ඡන්ද කැම්පේන් එක කරන්න සල්ලි ඉතුරු කරගන්න පුළුවන් වෙයිද? නැත්තම්... සුදුසුකම් නැති එවුන් රක්ෂා ඉල්ලන් එද්දී.. නැති රක්ෂා මවලා දෙනවද.. මොනවා හරි කියලා ශේප් වෙනවද? කම්කරු හෝ සිකුරිටි දෙනවද?
අපරාධකාරයෝ නැවත නැවත බලයට පත් වෙන්නේ අපි වගේ එවුන්ගේ මනාපෙන් නෙවෙයි, මොකද අපි අපරාධකාරයන්ට කතිර ගහන්න යන්නේ නෑ.. එතකොට කොහොමද උන් නැවත බලයට පත් වෙන්නේ.. උන්ගේ පොර කතා, රස කතා අහලා බ්‍රෙන් වොෂ් කරගත්තු උන්ගේ ඡන්ද, ටකරමට, මැශිමට ඡන්දේ දෙන උන්ගේ ඡන්ද.. අරයා මෙහෙම කිව නිසා මෙයා මෙහෙම කිව්ව නිසා ඡන්දේ දෙන උන්ගේ ඡන්ද.. ඒ විතරක් නෙවෙයි දෙන්න කෙනෙක් නෑ කියලා ඡන්දේ නොදී ඉන්න උන් නිසා අපරාධකාරයන්ට නැවත බලයට පත් වෙන්න ලැබෙන අවස්ථාව..