චන්ද විශ්ලේෂණය (පොහොට්ටු / අලි පැටව් ) පොඩ්ඩ&#
පොහොට්ටුකාරයොයි, ඇත්පැටියො ටිකයි එන්නකො ඡන්ද විශ්ලේෂණයක් කරන්න.
ජවිපෙට ගම දුන්නොත් ගමින් යන්න වෙයි කියලා බයේ හිටපු අය, දැන් බය නැතුව නිවී සැනසිල්ලේ පොඩ්ඩක් කියවලා බලන්නකො. කොලයක් පෑනක් අතට ගත්තත් කමක් නෑ. ගණන් හැදිල්ලකුත් තියෙනවා.
2011 පලාත් පාලන ඡන්දයෙන් පටන් ගමු.

>>>> සන්ධානය
ඡන්ද 4,821,203
ප්‍රතිශතය 56.45%
ආසන 2611
>>>> UNP
ඡන්ද 2,710,222
ප්‍රතිශතය 31.73%
ආසන 1157
>>>> ජවිපෙ
ඡන්ද 242,502
ප්‍රතිශතය 2.84%
ආසන 74
හරි ලමයි, දැන් අපි එමු 2015 ජනාධිපතිවරණයට

ආසන්නව ලක්ෂ 122ක් ඡන්දෙ දාලා තියෙනවා.
>>>> මෛත්‍රීපාල සිරිසේන ( ජවිපෙ + UNP + වෙනත් ඡන්දදායකයින්)
ඡන්ද 6,217,162
ප්‍රතිශතය 51.28%
>>>> මහින්ද රාජපක්ෂ ( මව්බිමට ආදරේ යැයි කියාගන්නා ඡන්දදායකයින්)
ඡන්ද 5,768,090
ප්‍රතිශතය 47.58%
දැන් එන්න 2015 මහ මැතිවරණයට

ඡන්දෙ දැම්මා ආසන්නව ලක්ෂ 111ක්.
>>>> එක්සත් ජාතික පෙරමුණ
ඡන්ද 5,098,916
ප්‍රතිශතය 45.66%
>>>> සන්ධානය
ඡන්ද 4,732,664
ප්‍රතිශතය 42.38%
>>>> ජවිපෙ
ඡන්ද 543,944
ප්‍රතිශතය 4.87%
දැන් එන්නකො 2018 පලාත් පාලන ඡන්දය දිහාවට.

ආසන්නව ලක්ෂ 111ක් විතර ඡන්දෙ දාලා තියෙනවා 2015 මහ මැතිවරණයට වගේම.
>>>> පොදුජන පෙරමුණ
ඡන්ද 4,941,942
ප්‍රතිශතය 44.65%
ආසන 3600
>>>> UNP
ඡන්ද 3,612,259
ප්‍රතිශතය 32.63%
ආසන 2419
>>>> ජවිපෙ
ඡන්ද 693,875
ප්‍රතිශතය 6.27%
ආසන 431
දැන් පොහොට්ටුකාරයොන්ගෙ මූලිකම තර්කය රටට ආදරේ ඒ අය විතරයි,එයාලා ඡන්දෙ දෙන්නෙ රට වෙනුවෙන් විතරයි,එයාලා තමයි pure දේශප්‍රේමී කියලනෙ. මතකද 2015දී මහින්ද මහත්තයා පැරදුනාට පස්සේ දිග msg එකක් ඒ කට්ටිය වටේ යැව්වා.
" රටට ආදරේ ලක්ෂ 58ක් ඉන්නවා ඔබතුමා වෙනුවෙන්. ලිප ගිනි මෙලවෙන්නෙ නෑ, ඉර පායන්නෙ නෑ. පැරදුනේ ඔබ නෙවෙයි අපි" කියලා.
දැන් ඒ pure දේශප්‍රේමී ජනතාවම නේද මේ පාර පොහොට්ටුවට ඡන්දෙ දෙන්න ඇත්තේ?
නෑනේ. ජනාධිපතිවරණයේ ලක්ෂ 58ක් තිබුනට මේකේ තියෙන්නෙ ලක්ෂ 50යි. ලක්ෂ 8ක් මවුබිමට එරෙහි වෙලාද.. එතකොට ප්‍රතිශතය බැලුවම 47.58% තිබුන ප්‍රතිශතයත් 44.65 දක්වා අඩුවෙලා 2.93% කින්.
සුනාමි, භූමිකම්පා, හිම කුණාටු වගේ දරුණු ඛේදවාචක ආවෙත් නැති නිසා pure දේශප්‍රේමීයො ලක්ෂ 8ක්ම මැරුණා කියන්නත් බෑනෙ. සංඛ්‍යා දත්ත එක්ක බැලුවම ඒක තේරෙනවා.
UNP එක ගැන කතා කරොත් 2015 මහ මැතිවරණයේ ඡන්ද ලක්ෂ 50ක් තිබුනට මේ පාර තියෙන්නෙ ලක්ෂ 36යි. ප්‍රතිශත අඩුවීම 13.03ක්. ඒ ගැන තවත් කතා කරන්න ඕන නෑනෙ.
JVP ගැන කතා කරමුකො. 2011 පලාත් පාලනයෙන් ඡන්ද ලක්ෂ 2 හමාරට කිට්ටුයි. මේ පාර පලාත් පාලනෙන් ලක්ෂ 7කට කිට්ටුයි. ඡන්ද ලක්ෂ 4.5ක් විතර වැඩිවෙද්දි ප්‍රතිශතයක් විදියට 2.84% ඉඳන් 6.27 වෙනකන් 3.41%ක් වැඩි වෙලා.
පලාත් පාලන ආයතනවල සමස්ත ආසන කලින් ආසන්නව 4000යි, දැන් ආසන්නව 8000යි. 4000දි ආසන ගාන 74යි. සභික ප්‍රතිශතය 1.85%. දැන් 431ක් තේරිලා ප්‍රතිශතය 5.38%. ඒ කියන්නෙ සභිකයො තුන් ගුණයකින් වැඩි වෙලා. සභිකයො පොහොට්ටුවෙවත්,අලියගෙවත් ප්‍රතිශත වැඩිවීමක් වෙලා නෑ.
2015 මහ ඡන්දෙට සාපේක්ෂව මේ ඡන්දෙදි ජවිපෙට ඡන්ද ලක්ෂ 1.5ක් වැඩි වෙලා. ප්‍රතිශතයක් විදියට 1.4%ක වැඩිවීමක්.
අනේ ඡන්ද ලක්ෂ 7 හෙන ලොකු ගානක්නෙ..! ඒකෙන් එක ආසනයක්වත් දිනාගන්න පුළුවන්ද..!
අපිට ලක්ෂ 50ක් තියෙනවා කියලා පොහොට්ටුව කියනවා.
අපිට ලක්ෂ 36ක් තියෙනවා කියලා ඇත්පැටව් කියනවා.
ඒත් විශ්ලේෂණයක් කරාම පේනවා ඡන්ද අඩුවීමක් මේ දෙකේම තියෙනවා කියලා.
ගොඩක් අය ජවිපෙ ප්‍රතික්ෂේප කරන්නෙ අතීත විප්ලව නිසානෙ. ලංකාවේ පරණම පක්ෂයක් වුන කොමියුනිස්ට් පක්ෂයටත් වඩා ඡන්ද ගානක් ජවිපෙට එනවා. විප්ලව දෙකකුත් කරලා නැත්තටම නැතිවෙලා ආයෙ බිංදුවෙ ඉඳන් පටන්ගත්ත පක්ෂයක් විදියට ඉස්සරහට යද්දි 2015 ලක්ෂ 5ක් තිබුන පක්ෂයකින් අවුරුදු 3කට පස්සෙ ඡන්ද ලක්ෂ 50ක් බලාපොරොත්තු වෙනවා නම් කවුරුහරි.....

ඉතුරු ටික ඕනෙ නෑ

ඒක හරියට ශිෂ්‍යත්වෙ කරන ලමයෙක්ට සමාගම් ගාණක් balance කරගන්න බෑ කියලා උට හිනාවෙනවට සමානයි. ප්‍රගතිය මනින්න ඕන කලින් අඩියට සාපේක්ෂව මිසක් නිරපේක්ෂව නෙවෙයි. සාපේක්ෂව ජවිපෙ ඡන්දෙන් ඡන්දයට ප්රගමනයක් තියෙනවා.
පංතියෙ ලමයෙක් ලකුණු 90 ඉඳලා 80ට බැහැලා. තව ලමයෙක් ලකුණු 10 ඉඳන් 25ට ඇවිත්. හැබැයි තවමත් පලවෙනි ලමයා ඉස්සරහින්. ලකුණු 80 දැකලා උඩ පනින අයට අමතකයි ප්රගමනයක් වෙලා නෑ කියන එක. පහල මට්ටමේ එකා ප්රගමනයක් වීගෙන එනවා කියලා දකින්නෙත් නෑ.
ඡන්ද පදනමක් හදාගන්න එක පපඩම් බදිනවා වගේ ලේසි වැඩකුත් නෙවෙයිනෙ.
ලංකාවෙ ඡන්දදායකයෙක් වෙන්න නම්
1. ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන
2. අවුරුදු 18ට වැඩි වෙන්න ඕන
3. මානසික දුබලතා නැති කෙනෙක් වෙන්න ඕන.
ඔය ටික විතරයි මට මතක. තව තියෙනවද දන්නෙ නෑ.
දැන් මේ පෝස්ට් එකට ගොන් ආතල් දෙන්න නම් එපා. එතකොට උඩ තියෙන 3වෙනි මෙව්වා එක මෙව්වා වෙනවනෙ. මේ විශ්ලේෂණය තේරුම් ගන්න පුළුවන් වෙයි හැමෝටම. බයවෙන්න දෙයක් නෑ, අවුරුද්දෙන් දෙකෙන් ජවිපෙට බලයට එන්න බෑ. ඒකට කාලයක් යනවා.දැන්ම ගමෙන් යන්න ඕන නෑ කවුරුවත්.

විශේෂයෙන් අර pure දේශප්‍රේමී කියලා තමුන්ම ලේබල් ගහගන්න අයත් මේ විශ්ලේෂණය තේරුම් ගන්න තරම් සබුද්ධික ඡන්දදායකයො වෙයි කියලා මං විශ්වාස කරනවා.

. නමුත් බහුතර කැමැත්තට හිස නවා මගේ වැඩක් කරගෙනෙ පාඩුවේ ඉමි

ඒ මොකෝ ඒ අඩුවෙන්ම චන්ද ගත්ත තැනකින් ආරම්භය ගත්තේ එතකොට නැග්ම පෙන්නන්න ලේසි හින්දද