චම්පිකගේ බිරිදගෙන් හඩපටයක්.......
මම අසිනි රණවක. පාඨලී චම්පික රණවකගේත්, රේණුකා ප්‍රනාන්දුගේත් බාල දියණිය.
අපේ අම්මා කියන මේ කතාවට කරුණාකර සවන් දෙන්නැයි කාරුණික, වැදගත් මිනිසුන්ගෙන් ඉල්ලමි.
මේ රටේ ක්‍රියාත්මක වන පහත් දේශපාලනයෙන් සහ අශිෂ්ට දේශපාලකයන්ගෙන් අපේ අම්මා තරම් අපහාස විඳින ලද වෙනත් ගැහැනියක් ඇතැයි මම නොසිතමි. එසේම මේ දේශපාලනයෙන් අප දෙදෙනා තරම් පීඩාවට පත් වූ දරුවන්ද සිටිය නොහැකිය. තාත්තාගේ දේශපාලන බලයෙන් කිසිදු වාසියක් නොගනිමින් සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන්නට කොතෙක් උත්සාහ කළත්, පහත් මිනිසුන් කිහිප දෙනෙකු විසින් අපව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් හිත් වේදනාවකට සහ පීඩාවකට පත් කර ඇත. අපට පාසලට, විශ්වවිද්‍යාලයට, පුද්ගලික පන්තියකට තබා කඩයකටවත් යාමට බැරි තත්වයක් ඇති කර තිබේ. ඒ නොමිනිසුන්ගෙන් අහන්නට ඇත්තේ ඔබලාට දරුවන් නැත්ද කියා පමණකි.
ඇත්ත ලොවට කියන්න යැයි අම්මාට කිවූ හැමවිටම ඇය කීවේ, ඔවුන් ඔය කියන කතා කවුද විශ්වාස කරන්නේ කියාය. තාත්තා කීවේ මඩවලට උත්තර දෙන්න ගියහොත් ඉවරයක් නැති බවත් හොඳම දේ අපේ දේවල් අපේ පාඩුවේ කරගෙන යාම බවත්ය.
නමුත්, ඒ මඩ වැඩිදෙනෙකු පිළිගන්නා ඇත්ත බවට දැන් පත් වී ඇත. එපමණක් නොව ඒවා මත අධිකරණය කටයුතු පවා ආරම්භවන තැනටම තත්ත්වය දුරදිග ගොස් තිබේ. ඇත්ත කතාව ලොවට කිව යුතු යැයි අම්මාත් අපත් තීරණය කළේ ඒ අනුවය.
කරුණාකර අපේ අම්මාගේ කතාව අසන්න.
(මෙහිදී අපේ අම්මා වීඩියෝ පටය යැයි වැරදි ලෙස හඳුන්වන්නේ එක්නැලිගොඩ මහතා විසින් ලියුවා යැයි කියනු ලබන වෙබ් ලිපියයි. එය නිවැරදි කරමින් අලුතින්ම ප්‍රකාශයක් කිරීම අනවශ්‍ය යැයි අපි සිතුවෙමු)
ස්තූතියි.
අසිනි රණවක