චයිනීස් බඩු (18+ නෙමෙයි)

චයිනීස් බඩු (18+ නෙමෙයි)

chinese+mobile.jpg

Chinese Phones චයිනීස් ෆෝන් එකක් ගන්න කලින් මේ ගැනත් හිතන්න...
ඔන්න කස්ටියට අදත් හොට් පෝස්ට් එකක් අරන් ආවා... චයිනීස් ෆෝන් ගැන.එහෙනම් හැමෝටම කියන්නේ අලුතින් ෆෝන් එකක් ගන්න කලින් මේකත් පොඩ්ඩක් කියවල බලන්න... ප්‍රශ්න මුකුත් තියෙනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ අහන්න.

අපි දැකල තියෙනවා ගොඩක් දෙනා ෆෝන් ගන්න ගියහම තෝරලා තෝරලා අන්තිමට ගන්නේ චයිනීස් ෆෝන් එකක්.

ඇයි මේකට හේතුව?

ලාබයි.
වැඩ ගොඩයි.
ඕන තරම් පාට්ස් තියෙනවා.
පොලවේ ගැහුවත් වැඩ.
ටච් ස්ක්‍රීන් තියෙනවා.
පට්ට ගහන්න පුළුවන්.
අවුරුද්දක් පාවිච්චි කරත් මදැයි මේ ගානට අරගෙන.
TV බලන්න පුළුවන්.


ඔන්න ඔය වගේ කතා තමයි කට්ටිය කියන්නේ.මේවත් ඇත්ත තමයි.නමුත් මේවගේ ඒක ඒක ගැටලුත් තියෙනවා.

ඇයි චනීස් ෆෝන් ලාබ ?


මේවා හදන්නේ ගොඩක් වෙලාවට නිශ්චිත සමාගමකින් නෙමේ.මේවට නමකුත් නෑ.තියෙන නමත් ඔය මොකක් හරි විකාර නමක්.අනිත් ඒක කාලෙකට එන නමක් ආයේ ටික දවසක් යනකොට හොයා ගන්නත් නෑ. අනිත් ඒක මේවා ගොඩක් වෙලාවට හදන්නේ පාවිච්චි කරලා ඉවතලන ජංගම දුරකථන කොටස් වලින්.ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කරපු ෆෝන් වලින්.ඒ නිසා මේවා එච්චර කොලිටි නෑ. ගොඩක් වෙලාවට රත් වෙනවා.අනිත් ඒක තමයි මේවගේ පාවිච්චි වෙන මෘදුකාංග එතරම් ප්‍රබල ඒවා නෙමේ.බොහොම ලාබෙට හදපු ගුණාත්මක බවින් අඩු මෘදුකාංග තමයි මේවගේ තියෙන්නේ.ගොඩක් වෙලාවට වෙනස් ජාති දෙකක චනීස් ෆෝන් දෙකක් ගත්තත් අපිට දකින්න පුළුවන් ෆෝන් දෙකේම සොෆ්ට්වෙයා දෙක එකයි.අනිත් ඒක මේවගේ හාඩ්වෙයා කොටස් වලත් ගුණාත්මක බව අඩුයි. ඔයාල දැකල ඇති සමහර ෆෝන් වල මෙනු බට්න් ඒක ඔබල තත්පරයක් දෙකක් විතර ගියහම තමයි මෙනු ඒක එන්නේ.

ඇයි වැඩ ගොඩ ?

මේවගේ වැඩ ගොඩක් තිබුනට අපි දන්නවා ඒවගේම වැඩ තියෙන නොකියා ෆෝන් එකක් එක්ක සංසන්දනය කරොත් චයිනීස් එකේ ගන්න දෙයක් නැහැ.ටච් ස්ක්‍රීන් තියෙන චයිනීස් ෆෝන් වල කාලයක් යනකොට ටච් ඒක සම්පුර්ණයෙන්ම හෝ තැන් තැන් වලින් වැඩ කරන්නේ නැතුව යනවා.

කැමරා තියෙන චයිනීස් ෆෝන් වලට තමයි ගොඩක් අයගේ ඉල්ලුම තියෙන්නේ.2000 3000 කට හරි කමක් නෑ කැමරාවක් තියෙනවනම් මාර ලොකුයි.ඇත්තම කිව්වොත් මේවා ෆොටෝ ගහන්න නම් අරන් වැඩක් නැහැ.ගොඩක් වෙලාවට මේවගේ ෆොටෝ පැහැදිලි නැහැ.පැහැදිලි උනත් සමහර ඒවගේ ෆොටෝ එකේ සයිස් ඒක පොඩි.ඉතින් කොම්පියුටර් එකකට දාල බැලුවම ගන්න දෙයක් නැහැ.ගොඩක් ඒවගේ තියෙන්නේ 240*320 වගේ තමයි. උපරිම 640*480 වගේ ප්‍රමාණයක් තියෙනවා.



තව එකක් තමයි මේවගේ ඒක ඒක ලස්සන ස්ටයිල් තියෙනවා.ඒ නිසාත් ගොඩක් දෙනා මේවා ගන්නවා.

මේවට හදිස්සියකට ගන්න පාර්ට්ස් තියෙනවද ?

ඇත්තම කිව්වොත් මේවට ඔරිජිනල් පාට්ස් නම් හොයාගන්න නැහැ.ගොඩක් වෙලාවට කඩවල් වලින් කරන්නේ ඔය මොකක් හරි ෆෝන් එකකින් ගලවගත්ත එකක් හරි නැත්නම් ඔය ලාබෙට තියෙන මොකක් හරි කෑල්ලක් දාන ඒක තමයි.

කවදාවත් Flap හෝ Slide කරන ආකාරයේ චයිනීස් ෆෝන් එකක්නම් ගන්න එපා කීයටවත්. ඔයාල දන්නවනේ මේවගේ තියෙන්නේ Ribbon එකක්.ඒ කිව්වේ ඔය උඩ පහල කරන කෑල්ල හෝ නවන දිග අරින කෑල්ල යට තියෙන අනිත් කොටසත් එක්ක සම්බන්ද වෙන්නේ නැමෙන දිග ඇරෙන කේබල් එකකින්.ඉතින් ගොඩක් වෙලාවට කාලයත් එක්කම මේ Ribbon ඒක කැඩෙනවා. (90% කැඩෙනවා) ඉතින් රෙපෙයාර් කරන්න කඩේකට ගිහින් දුන්නට ගොඩක් වෙලාවට හරියන්නේ නෑ.එයාල බාර ගන්නේ නෑ. මොකද මේවට ගැලපෙන Ribbon හොයන්න නැහැ.භාර ගත්තත් ෆෝන් ඒක ඔයාලට දෙනවා කියන දවසට නම් කීයටවත් ලැබෙන්නේ නැහැ.මොකද එයාල කොළඹ ගිහින් මේකට ගැලපෙන රිබන් ඒක තියෙනවද කියල බලල තමයි ගේන්නේ.ඔයාල ෆෝන් ඒක දුන්න කියල ඔයාගේ ෆෝන් එකට රිබන් ඒක ගෙන්න නම් කීයටවත් එයාල කොළඹ යන්නේ නෑනේ.තව වැඩ ටිකක් එකතු වෙනකන් ඉඳල තමයි බඩු ගෙන්න යන්නේ.

කල්පැවැත්ම.

කල පැවැත්ම අතින් නම් මේවා ගන්න දෙයක් නැහැ.ගොඩක් වෙලාවට උපරිම අවුරුද්දයි නැත්නම් එකහමාරයි.අනිවා කැඩෙනවා.නැත්නම් කලින් තිබුන Performance ඒක අඩු වෙනවා.ගොඩක් වෙලාවට වෙන්නේ සිග්නල් අඩු වෙන ඒක.කීපෑඩ් ඒක සවුත්තු වෙන ඒක වගේ තමයි. දවසක් මම කාලයක් පාවිච්චි කරපු මගේ ෆෝන් එකට වෙන ෆෝන් එකකින් කෝල් එකක් අරන් බැලුවම ප්‍රතිචාරයක්‌ නොමැත ලු.මේ මගේ අතේ ෆෝන් ඒක තියෙනවා ඔන් එකේ සිග්නලුත් තියෙනවා.ගොඩක් වෙලාවට මෙහෙම වෙනවා.මැසේජ් එන්නේ පරක්කු වෙලා.ඔය වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා.

හරි ඔයාලටත් චයිනීස් ෆෝන් එකක් ගන්න ඕනනම් ගන්න කලින් ටිකක් මේ දේවල් ගැන හොයල බලල ගන්න.

ගන්න ෆෝන් ඒක කාලයක් තිස්සේ ලංකාවේ නමක් දිනාගත්ත සමාගමක් හෝ මාදිලියක් ද කියල බලන්න. උදාහරණ -: Etel , Bird , MicroMax , Alfatel
Zego , Forme , Karbonn ඔය වගේ ඒවා නම් දැන්ම ගන්න එපා.මේ අලුත ආපු ගමන් ටිකක් පල් වෙන්න ඇරලා ගන්න.ගන්නවානම් මොකද අර වයින් ජාති උනත් පරණ වෙන්න වෙන්න නේ හොඳයි කියන්නේ.
ගන්න කලින් පුළුවන් තරම් ෆෝන් ඒක අතට අරගෙන ඔබල ඔබල බලන්න.තමන්ගේ උවමනා කම් වලට ගැලපෙනවද කියල.සමහර ඒවගේ කීපෑඩ් එහෙම පට්ට සද්දෙයි.ටකරමකට ගල් ගහනවා වගේ.ඒ නිසා තමයි ගන්න කලින් හැමදේම බලන්න කිව්වේ.
මතක තියාගන්න දැන් ෆෝන්නුත් බෝම්බ වගේ කියල පොඩ්ඩ ඇත්නම් පුපුරනවා. මේකට මුලික හේතුව වෙන්නේ බැටරි භාවිතයේ තියෙන ගැටළු.ගොඩක් දෙන කරන්නේ ඔරිජිනල් බැටරි එකෙන් පස්සේ ඔය කොහෙහරි තියෙන කුණුගොඩක් ලාබෙට අරගෙන දාගන්න ඒක.ඉතින් මොකද වෙන්නේ පුපුරනවා.
මම මුලින් කිව්වනේ මේකේ තියෙන හාඩ්වෙයා එච්චර හොඳ නෑ කියල.ඉතින් අනිත් ඒක තමයි ගොඩක් දෙනා මේ ෆෝන් චාර්ජ් කරන්නේ ඔන් කරලා. උදාහරණයක්‌ විදියට අපි මෙහෙම හිතමු.ඔන්න ඔයා ෆෝන් ඒක ඔන් එකේ චාර්ජ් කරනවා.කෝල් එකක් එනවා... දැන් මොකද වෙන්නේ...
ගොඩක් වෙලාවට ඔයාල දන්නවනේ ෆෝන් එකක් චාර්ජ් කරනකොට තරමක් රත් වෙනවා.ඉතින් කෝල් එන වෙලාවටත් එහෙමයි.අනික මේ වෙලාවට බැටරි එකට වැඩ වැඩි වෙනවා.චාර්ජ් වෙනවා.ෆෝන් ඒක ඔන් එකේ තියෙන්නේ එකට පවර් දෙන්න ඕන.කෝල් එකක් එනවා එතකොට තව බලය වැඩිපුර දෙන්න ඕන.ඔන්න ඉතින් මොකද වෙන්නේ පුපුරනවා.



තව ඒවා ටිකක් තියෙනවා කියන්න.ඔයාල ෆෝන් මේ චයිනා ෆෝන් ගන්න කොට අනිවා පුලුවන්නං මෙන්න මේ වගේ නොකිය හීනි පින් (2.5mm) සහ mini USB කියන මේ ජාතියේ චාර්ජිං පෝර්ට් දෙකම තියෙන ජාතියේ ෆෝන් එකක් ගන්න.මේවගේ ගොඩක් වෙලාවට Mini USB පෝර්ට් ඒක භාවිතා වෙන්නේ Headset ඒක ගහන්න.නමුත් එකෙනුත් ෆෝන් ඒක චාර්ජ් කරන්න පුළුවන්.කඩවල් වල මේකට කියන්නේ V3 පෝර්ට් ඒක කියල.
1486221386_73f88c6e73.jpg


අනිත් ඒක තමයි මේ චයිනීස් ෆෝන් නොකියා ඔරිජිනල් චාජර් වලින් නම් චාර්ජ් වෙන්නේ නැහැ.එකට හේතුව තමයි මේවා චාර්ජ් කරන්න ටිකක් වැඩි ධාරාවක් ඕන කරනවා.ඒ නිසා ඔය කඩවල් වල තියෙන ලෝකල් නොකිය හීනි පින් චාජර් එකකින් තමයි චාර්ජ් කරන්න වෙන්නේ.

මියුසික් වලට කැමති නම් හොඳ සවුන්ඩ් කොලිටි ෆෝන් එකක් බලල ගන්න.ඒ වගේම තමයි එහෙම ෆෝන් එකක නෝමල් 3.5MM Headset ජැක් ඒක තියෙන එකක්නම් හදිස්සියකට වෙන හොඳ කොලිටි Headphone එකක් උනත් ගහල බලන්න පුළුවන්.

පරිස්සමින් පාවිච්චි කරන්න බැරිනම් ටච් ස්ක්‍රීන් ෆෝන් ගන්න එපා.

අර නොකියා කියල ගහපු චයිනීස් ඒවා නම් ගන්න එපා.ඒවා මගින් විකිරණ පිට කරනවා වැඩි.හදිස්සියකට නඩුවක් දාන්න වත් සමාගමක් හොයාගන්න බැරි වෙනවා.


වැදගත්

තව එකක් තමයි. ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් මේ ලඟදි නීතියක් පැනවුනා ලංකාවට ගේන සෑම ජංගම දුරකතනයකම

IMEI (International Mobile Equipment Identification)

අංකය ඒ ගොල්ලෝ ගාව ලියා පදිංචි කරන්න ඕන කියල.එහෙම නැත්නම් මේ ෆෝන් කඩවල් වල විකුනන්න බෑ.

මේ ලියාපදිංචි කිරීම මගින් තහවුරු කරනවා මේ ෆෝන් ඒක පාවිච්චියට සුදුසු මට්ටමේ තියෙනවා සහ විකිරණ පිටවීම අතින් හානිදායක මට්ට්කමක නෑ කියල.

ඉතින් ඔයාල ෆෝන් ඒක ගන්න කඩේට ගියහම කඩේ ඉන්න කෙනා කියන්නේ නෑනේ මම මේක හොරාට ගෙනාපු එකක් කියල.ඉතින් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඔයාලට මෙන්න මෙහෙම ක්‍රමයක් දුන්න ඔයාලට තියෙන්නේ ඔයාල ගන්න ෆෝන් එකේ IMEI අංකය මෙන්න මේ අංකයට මේ විදියට SMS කරන ඒක.IMEI ඒක පෙට්ටියේ පිටත හරි එතන නැත්නම් ෆෝන් එකේ බැටරිය ගැලෙව්වම හරි හොයාගන්න පුළුවන් මේක අංක 15 / 17එක්ක තියෙන අංකයක් මේ පහල තියෙනෝ වගේ.

IMEI<space>XXXXXXXXXXXXXXX send to 1909

උදාහරණයක්‌ විදියට

IMEI 358727495837447

දැන් 1909 ට මැසේජ් ඒක යවන්න.එතකොට රෙජිස්ටර් කරපු එකක් නම්

Registered IMEI කියල ඔයාල යවපු අංකය ආපස්සට එයි.

නැත්නම් Unknown IMEI කියල මැසේජ් එකක් එයි.





එහෙනම් හරි නේ ඔන්න අපි ගියා... බායි අනිත් මචන්ස්ලාටත් දැනගන්නත් එක්ක කොමෙන්ට් එහෙම දාන්න.


Source:-http://miniwares.blogspot.com
 
Last edited:

Sajee85

Well-known member
  • May 3, 2012
    1,733
    187
    63
    උඩරට කඳුකර
    Thanks මචන් ගොඩක් මහන්සි වෙලා කරපු ත්‍රෙඩ් එකක්. ගොඩක් වැදගත් දේවල් තියෙනවා. ඉදිරියටත් මේ වගේ ත්‍රෙඩ් බලාපොරොත්තු වෙනවා.
    Rep Added
     
    • Like
    Reactions: jack5dm