චිචී සර් යවපු රොකට් එකට මොකද වුනේ?

BenMacTavish

Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka

    SupremeSat-1 කියන්නේ චන්ද්‍රිකාවක් මිසක් රොකට්ටුවක් නෙමෙයි.

    සුප්‍රීම්සැට් චන්ද්‍රිකාවට කුමක් සිදු වුනිද?

    ‍(මෙම ලිපිය කිසිදු අයුරකින් දේශපාලනික අරමුණු මත පදනම් නොවේ)

    2012 දී ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ලෙස
    SupremeSAT-I නමින් චන්ද්‍රිකාවක් යැව්වා ඔබට මතක ඇති. මේ චන්ද්‍රිකාවට සිදු වුනේ කුමක්ද යන්න බොහෝ දෙනෙක්ට තවමත් ගැටලුවක්. ඒ චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයේ සාර්ථකව ක්‍රියා කරනවා
    👇

    හොංකොංවල මූලස්ථානය ඇති
    APT Satellite සමාගම අසියා-පැසිෆික් කලාපයේ සන්නිවේදන චන්ද්‍රිකා මෙහෙයවන සමාගමකි. මෙම සමාගමට Apstar නමින් චන්ද්‍රකා පද්ධතියක් ඇති අතර මේ වන විට Apstar 6, Apstar 7, Apstar 9, Apstar 5C සහ Apstar 6C ලෙසින් චන්ද්‍රිකා 5 ක් භූ ස්ථාවර කක්ෂවල ක්‍රියා කරවයි.

    APT Satellite සමාගම 2009 සැප්තැම්බර් 29 වැනිදා යුරෝපයේ චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ යානා නිපදවන
    Thales Alenia Space සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කළ අතර ඒ අනුව Thales Space සමාගම විසින් Apstar 7 චන්ද්‍රිකාව APT Satellite සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කරන ලදී. ඊට අමතරව 2010 අපේ‍්‍රල් මාසයේ දී APT Satellite විසින් තවත් චන්ද්‍රිකාවක් ඉදිකිරීමට Thales Alenia සමාගමටම භාර දුන් අතර එයට හේතුව වූයේ Apstar 7 චන්ද්‍රිකාව දියත් කිරීමේදී රොකට්ටුවේ ගැටලුවකින් එය විනාශ වී ගියහොත් ඒ වෙනුවට භාවිත කිරීමටයි. ඒ නිසා මෙය Apstar 7B ලෙස හදුන්වන ලදී. එමෙන්ම Apstar 7 චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරනු ලැබුවහොත්, Apstar 7B චන්ද්‍රිකාව චීන රජයේ චන්ද්‍රිකා මෙහෙයවන ChinaSat සමාගම විසින් ChinaSat 12 (ZX 12) නමින් භාවිත කිරීමටත් ඔවුන් එකඟ වී ඇත.

    ඒ අනුව Apstar 7 චන්ද්‍රිකාව 2012 මැයි 31 වැනිදා සාර්ථකව පෘථිවි කක්ෂයට යවන අතර Apstar 7B චන්ද්‍රිකාව ChinaSat 12 ලෙසින් 2012 නොවැම්බර් 27 වැනිදා චීනයේ
    Long March 3B/E රොකට්ටුවක් මගින් කක්ෂගත කරන ලදී. මෙම චන්ද්‍රිකාව ටොන් 5 ක නවීන සන්නිවේදන චන්ද්‍රිකාවක් වූ අතර එය නැගෙනහිර දේශාංශ 87.5 භූ ස්ථාවර කක්ෂයක පිහිටයි. මෙම චන්ද්‍රිකාවේ සන්නිවේදන කටයුතු සඳහා යොදා ගන්නා Transponders 56 ක් ඇති අතර එයින් සමහරක් Apstar සමාගම විසින් කුලියට භාවිත කළ අතර තවත් සමහරක් ශ්‍රී ලංකාවේ සුප්‍රීම්සැට් සමාගම විසින් කුලියට ගෙන ඇත. එමෙන්ම මෙහිදී මෙය SupremeSat-I නමින් භාවිත කිරීමටත් (Co-branding) හැකි ඇති බව සඳහන් වේ. මෙම චන්ද්‍රිකාව වර්තමානයේ හොඳින් ක්‍රියාත්මක වන නමුත් ශ්‍රී ලංකාව කුලියට ගත් කොටසට සිදු වූයේ කුමක්ද යන්න නොදනී.

    උපුටා ගැනීම:
    https://www.facebook.com/octoberskyshow/posts/896840020837222, OctoberSky.
     
    • Haha
    Reactions: anurud

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,667
    100,952
    113
    මෙම චන්ද්‍රිකාව වර්තමානයේ හොඳින් ක්‍රියාත්මක වන නමුත් ශ්‍රී ලංකාව කුලියට ගත් කොටසට සිදු වූයේ කුමක්ද යන්න නොදනී.
    අපි තියා යවපු උන්වත් දන්නවද දන්නෙ නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    අද තමා මේක හරියට ඇහුවෙ . පොර බොරු කියල නෑ . ඇත්තනෙ කියල තියෙන්නෙ . අපේ සැට් එක අපේ සැට් එක කිව්වට තියෙන්නෙත් චීනෙ උඩින් අපිට කිසිම සම්බන්දයක් නෑ කියල ඔය විද්‍යාඥයම කියන්නෙ . හිටගෙන බොරු කියනව කිව්වට අදයි දැක්කෙ ඒක
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    SupremeSat-1 කියන්නේ චන්ද්‍රිකාවක් මිසක් රොකට්ටුවක් නෙමෙයි.

    සුප්‍රීම්සැට් චන්ද්‍රිකාවට කුමක් සිදු වුනිද?

    ‍(මෙම ලිපිය කිසිදු අයුරකින් දේශපාලනික අරමුණු මත පදනම් නොවේ)

    2012 දී ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ලෙස
    SupremeSAT-I නමින් චන්ද්‍රිකාවක් යැව්වා ඔබට මතක ඇති. මේ චන්ද්‍රිකාවට සිදු වුනේ කුමක්ද යන්න බොහෝ දෙනෙක්ට තවමත් ගැටලුවක්. ඒ චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයේ සාර්ථකව ක්‍රියා කරනවා
    👇

    හොංකොංවල මූලස්ථානය ඇති
    APT Satellite සමාගම අසියා-පැසිෆික් කලාපයේ සන්නිවේදන චන්ද්‍රිකා මෙහෙයවන සමාගමකි. මෙම සමාගමට Apstar නමින් චන්ද්‍රකා පද්ධතියක් ඇති අතර මේ වන විට Apstar 6, Apstar 7, Apstar 9, Apstar 5C සහ Apstar 6C ලෙසින් චන්ද්‍රිකා 5 ක් භූ ස්ථාවර කක්ෂවල ක්‍රියා කරවයි.

    APT Satellite සමාගම 2009 සැප්තැම්බර් 29 වැනිදා යුරෝපයේ චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ යානා නිපදවන
    Thales Alenia Space සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කළ අතර ඒ අනුව Thales Space සමාගම විසින් Apstar 7 චන්ද්‍රිකාව APT Satellite සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කරන ලදී. ඊට අමතරව 2010 අපේ‍්‍රල් මාසයේ දී APT Satellite විසින් තවත් චන්ද්‍රිකාවක් ඉදිකිරීමට Thales Alenia සමාගමටම භාර දුන් අතර එයට හේතුව වූයේ Apstar 7 චන්ද්‍රිකාව දියත් කිරීමේදී රොකට්ටුවේ ගැටලුවකින් එය විනාශ වී ගියහොත් ඒ වෙනුවට භාවිත කිරීමටයි. ඒ නිසා මෙය Apstar 7B ලෙස හදුන්වන ලදී. එමෙන්ම Apstar 7 චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරනු ලැබුවහොත්, Apstar 7B චන්ද්‍රිකාව චීන රජයේ චන්ද්‍රිකා මෙහෙයවන ChinaSat සමාගම විසින් ChinaSat 12 (ZX 12) නමින් භාවිත කිරීමටත් ඔවුන් එකඟ වී ඇත.

    ඒ අනුව Apstar 7 චන්ද්‍රිකාව 2012 මැයි 31 වැනිදා සාර්ථකව පෘථිවි කක්ෂයට යවන අතර Apstar 7B චන්ද්‍රිකාව ChinaSat 12 ලෙසින් 2012 නොවැම්බර් 27 වැනිදා චීනයේ
    Long March 3B/E රොකට්ටුවක් මගින් කක්ෂගත කරන ලදී. මෙම චන්ද්‍රිකාව ටොන් 5 ක නවීන සන්නිවේදන චන්ද්‍රිකාවක් වූ අතර එය නැගෙනහිර දේශාංශ 87.5 භූ ස්ථාවර කක්ෂයක පිහිටයි. මෙම චන්ද්‍රිකාවේ සන්නිවේදන කටයුතු සඳහා යොදා ගන්නා Transponders 56 ක් ඇති අතර එයින් සමහරක් Apstar සමාගම විසින් කුලියට භාවිත කළ අතර තවත් සමහරක් ශ්‍රී ලංකාවේ සුප්‍රීම්සැට් සමාගම විසින් කුලියට ගෙන ඇත. එමෙන්ම මෙහිදී මෙය SupremeSat-I නමින් භාවිත කිරීමටත් (Co-branding) හැකි ඇති බව සඳහන් වේ. මෙම චන්ද්‍රිකාව වර්තමානයේ හොඳින් ක්‍රියාත්මක වන නමුත් ශ්‍රී ලංකාව කුලියට ගත් කොටසට සිදු වූයේ කුමක්ද යන්න නොදනී.

    උපුටා ගැනීම:
    https://www.facebook.com/octoberskyshow/posts/896840020837222, OctoberSky.
    කොඩිය විතරයි අපේ රොකට් එක චීනෙ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    දරුවන් දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක් වෙච්ච එක තමා වුනේ