චිරං ජයතු

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
chiran-jayathu-tag.jpg

වසර 30 ක් පුරා පැවැති යුද්ධය අවසාන කර රටට නිදහස උදා කර රට සංවර්ධනයට උර දෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජන්ම දිනය හා ජනාධිපති දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් windows8 ඇතුළු සියලුම දේශප්‍රේමී එළකිරි.කොම් සාමාජික සාමාජිකාවන්ගේ කෘතවේදීත්වය හද පිරි සතුටින් මෙසේ පුද කරමු.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨ නායකයෙක් වන්නේ ඇ

මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨ නායකයෙක් වන්නේ ඇයි
මහාචාර්ය කාලෝ ෆොන්සේකා

මාර්ටින් වික්‍රමසිංහ යනු කවරෙක් ද, ඔහු කළේ කුමක් ද?’ ඒ ප්‍රශ්නයට දිය හැකි එක් අර්ථවත් පිළිතුරක් වන්නේ, ‘ඔහු අපේ මහා ගත්කරු ය. ඔහු ගම්පෙරළිය රචනා කළේ ය.’ යන්නයි. එසේ ම ‘මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කළේ කුමක්ද’ යන ප්‍රශ්නයට ‘ඔහු මනමේ නාට්‍යය සම්පාදනය කළේ ය’ යන්න ප්‍රමාණවත් පිළිතුරකි.

‘පණ්ඩිත් අමරදේව කළේ කුමක් ද’, යන ප්‍රශ්නයට ‘ඔහු ඩෝල්ටන් අල්විස් විසින් ලියන ලද සසර වසන තුරු නමැති ගී පද මාලාව ගීතවත් කර එය අමරණීය විලාසයකින් ගායනා කළේ ය.’ යන්න එක් සවිස්තර පිළිතුරකි. ‘ජනාධිපති මහින්ද රාජපක්ෂ කළේ කුමක්ද?’ ‘ඔහු අපේ මවුබිම මෙලොව අපායක් කළ රුදුරු ත්‍රස්තවාදී යුද්ධය තීරණාත්මක ලෙස විජයග්‍රහණය කළේ ය.’

යථෝක්ත පිළිතුරු සියල්ල ඇසූ යමකු ඒ සූරයන් හතරදෙනා ම කළේ එපමණක් ද, කියා ඇසුවහොත් අවිවාදයෙන් ම ඔහු මෝඝ පුරුෂයකු ම විය යුතු ය. වසර 40කට අධික කාලයක් තිස්සේ ස්වකීය ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වූ යථෝක්ත ජ්‍යෙෂ්ඨයන් කළ එක ම කාර්යය අදාළ පූර්වෝක්ත ක්‍රියාවන් පමණක් ම වූයේ වී නමුත් ඔවුහු අනිවාර්යයෙන් ම නර ශ්‍රේෂ්ඨයන් වන්නෝ ය.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවැනි ජනාධිපති අභිෂේක මංගල්‍යය නිමිති කොටගෙන ලියන මේ ලිපියේ අරමුණ වන්නේ එතුමාගේ විජයග්‍රහණය, ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත්කරනුයේ කුමන හේතු සාධක නිසා දැයි කියා විමසා බැලීම යි. අවුරුදු 30ක් තිස්සේ සිංහලුන්, දෙමළුන්, මුස්ලිමුන් සහ ඉන්දියානුවන් දහස් ගණනක් ඝාතනය කළ ඒ සාපරාධී ත්‍රස්තවාදී යුද්ධය තීරණාත්මක අයුරින් අහෝසි කර දැමීම ඇදහිය නොහැකි තරම් විජයග්‍රහණයක් වන්නේ ‘එල්.ටී.ටී.ඊ.ය’ ලොව තිබූ ප්‍රබල ම ත්‍රස්තවාදී සංවිධානය වූ බැවිනි. එය එසේ වූයේ සාධක කීපයක් හේතු කොටගෙන ය.

පළමුවැන්න වන්නේ ඒ සංවිධානය සතු ව තිබූ ඉන්ද්‍රකීලයක් බඳු අධිෂ්ඨානශීලී නොසැලෙන නායකත්වය යි. ‘එක්කෝ ඊළම නැතිනම් මරණය’ යන සටන් පාඨය එහි නායකයා අවංක ව සහ දැඩි ව විශ්වාස කළ බව ක්‍රියාවෙන් ම ඔප්පු කළේ ය.

දෙවැන්න වන්නේ ඒ සංවිධානය සතු ව තිබූ සන්නාහ සන්නද්ධ බලකාය යි. නිශ්චිත භූමි ප්‍රදේශයක සංකේන්ද්‍රණය ව සිටි ප්‍රබල පාබල හමුදාවක්, සැලකිය යුතු නාවික බල ඇණියක්, ගුවන් යානා කිහිපයක් සතු වූ එක ම ත්‍රස්තවාදී සංවිධානය මේ ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානය යි.

තෙවැන්න ඔවුන් පුරුදු පුහුණු කර සිටි මරාගෙන මැරෙන මිනිස් බෝම්බ සමූහයයි. ඔවුන්ගේ කැපවීම පුදුම එලවනසුලු බව ඔවුන් කළ විනාශකාරී ක්‍රියාවලින් ම තහවුරු වී ඇත.

සිව්වැන්න වන්නේ ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානයට සිටි ගරිල්ලා භට හමුදාව යි. ජනතාව අතර ගැවසෙමින් සිටින අතර ම සතුරාට පහර දී පලා යෑම ගරිල්ලා භටයාගේ උපක්‍රමය යි. එක ගරිල්ලා භටයකු මර්දනය කිරීම සඳහා සාමාන්‍ය සෙබළුන් 12 දෙනකු සිටිය යුතු බව සම්මතයකි.

පස්වැන්න වන්නේ ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානයට තිබූ අතිවිශාල ප්‍රතිපාදන සහ මුදල් සම්භාරය යි. හිතවතුන් කැමැත්තෙන් ප්‍රදානය කළ මිල මුදල්වලට අමතර ව බලහත්කාරයෙන් ලබාගත් මිල මුදල් ද විවිධ නීත්‍යානුකූල හා නීති විරෝධී ව්‍යාපාරවලින් ගරාගත් ධනය ද යනාදී වශයෙන් ඒ ප්‍රතිපාදන, යුද්ධය සඳහා රජය වැය කළ මුදලට නොඅඩු වූ බව ප්‍රකට කරුණකි.

සයවැන්න වන්නේ ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානය සතු වූ කාර්යක්ෂම අන්තර්ජාතික සන්නිවේදන ජාලය යි. ශ්‍රී ලංකා රජයට එරෙහි ව ඔවුන් පළ කළ අර්ධ සත්‍ය සහ අසත්‍ය කරුණු කාරණාවලින් ගහණ වූ ප්‍රචාරයන් හා නිවේදනවලට බටහිර ලෝකයේ ලැබුණේ අතිවිශාල ප්‍රචාරයකි.

ඒ නිසා ම බටහිර ලෝකය, ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානය නියෝජනය කළ ජනවාර්ගික කොටස ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් විසින් ම්ලේච්ඡ ලෙස තාඩන පීඩනවලට ලක් කරනු ලබන, පණපිටින් පුලු0ස්සා දමනු ලබන, හිත් පිත් නැති ව ඝාතනය කරනු ලබන ජනවාර්ගික කොටසක් වන බව විශ්වාස කළේ ය.

ඒ නිසා ම ඔවුන්ගේ අනුකම්පාව සහ අනුග්‍රහය මෙරට දෙමළ ජනතාවට හිමි විය. මේ සියලු සාධකවල ඒකාබද්ධ සම්ප්‍රයුක්තය අතිශයින් ප්‍රබල වූ නිසා ඒ ත්‍රස්තවාදී යුද්ධය ජයගත නොහැකි එකක් බව බොහෝ දෙනෙක් විශ්වාස කළහ. එහෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ මාරාන්තික තීරණාත්මක අවස්ථාවේ ලබා දුන් දේශපාලන නායකත්වය නිසා ම යුද්ධය ජයගැනීමට හැකි විය.

ඒ විශ්වකර්ම ප්‍රාතිහාර්යය හේතු කොටගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අනභියෝගයෙන් ම අසමසම නායකයකු වන්නේ ය. ඒ විජයග්‍රහණයේ ආනිසංසයෙන් ම එතුමා අප දේශයේ යාවජීව ජන නායකයා වීම යුක්ති යුක්ත ය, සාධාරණ ය, කියා මම දැඩි ව විශ්වාස කරමි. එය එසේ ම වේවා, කියා හද පත්ලෙන් ම ප්‍රාර්ථනා කරමි.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
තවත් කල්ප කාලයකට ජනාධිපතිතුමා වැනි නායකය

තවත් කල්ප කාලයකට ජනාධිපතිතුමා වැනි නායකයෙක් බිහිවෙන්නේ නෑ

අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න

dm.jpg


read full story
http://www.dinamina.lk/2010/11/15/_art.asp?fn=f1011151
 
Last edited:

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    මිනී මැරීමේ චෝදනාවක් සම්බන්ධව මරණීය දණ්ඩනය නියමව සිටි රත්නපුර සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ වන ඇන්ටන් තෙන්නකෝන් මහතාට ජනාධිපතිවරයාගේ සමාව හිමිවී ඇති බව ඔහුගේ නීතිඥවරයා අද(16) කොළඹ මහාධිකරණයට දැනුම් දී ඇත.

    රත්නපුර ප්‍රදේශයේදී තරංගා ගන්කන්ද නැමති කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව මත කොළඹ මහාධිකරණය මගින් එම විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කර තිබිණි.

    එහෙත් පසුගිය අගෝස්තු මස 28 වන දින ජනාධිපතිවරයා විසින් ඔහුට සමාව ලබාදී ඔහු එම චෝදනා වලින් නිදහස් කර ඇති බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දැනුම් දී සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය විසින් එම විත්තිකරු මීට පෙර ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කරන බව ද දැනුම් දී තිබේ.


    ADADERANA

    මේ වගේ වැඩ කරනකොට ඉතින් අපරාධකාරයන්ට චිරං ජයතු කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. හොරු, මිනීමරුවෝ ඔක්කොම එලියේ.. ආශ්චර්යයම තමයි.....
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    අපගේ මහ රජතුන්ගේ "පදවි ප්‍රාප්තිය" සඳහා කොලඹ 1,2,3,4 යන ප්‍රදේශ වල සියලුම රජයේ කාර්‍යාල පාසල් සහ පෞදගලික කාර්‍යාල වසා දැමීමට තීරණය කර ඇත.

    මේ ප්‍රදේශ වලට කො‍ටුව, කොම්පඤ්ඤවීදිය, බම්බලපිටිය, කොල්ලුපිටිය යන ප්‍රදේශ අයත් වේ. ලංකාවේ ආර්ථිකට මෙහෙයවන ආයතන වලින් 90% ඇත්තේ මෙම ප්‍රදේශය තුලය. දවසක් වසා දැමීමෙන් රටට වෙන පාඩුව කොපමණද? සාමය රජකරන වාතාවරණයක් තුල මෙලෙස මාර්ග වසා දමා සමරන්නේ කුමක්ද?

    මෙලෙස මුදල්, කාලය නාස්ති කර සිදු කරන දෙයින් මහජනතාවට සිදුවන සෙත කුමක්ද?

    ඇයි මේ මිනිස්සුන්ට මෙලෙස නාස්ති කරන මුදල පසුගිය දින කොලඹ සිදුවූ ගංවතුරින් අවතැන් වූ ජනතාවගේ සුඛ විහරණය සඳහා යොදවන්න බැරි. එය නේද සැබෑ ජනතා හිතයිෂී චින්තනය විය යුත්තේ?
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..


    මේ වගේ වැඩ කරනකොට ඉතින් අපරාධකාරයන්ට චිරං ජයතු කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. හොරු, මිනීමරුවෝ ඔක්කොම එලියේ.. ආශ්චර්යයම තමයි.....



    ඇයි මේ මිනිස්සුන්ට මෙලෙස නාස්ති කරන මුදල පසුගිය දින කොලඹ සිදුවූ ගංවතුරින් අවතැන් වූ ජනතාවගේ සුඛ විහරණය සඳහා යොදවන්න බැරි. එය නේද සැබෑ ජනතා හිතයිෂී චින්තනය විය යුත්තේ?
    අනිවා මචං

    මේවා තාම මිනිස්සුන්ට තේරිලා නෑ

    හෙට අනිද්දට අපිට හිඟා කන්නත් වෙයි

    මිනිස්සුන්ට යන එනමක් නැතුව ඉන්න වෙලාවෙ මේ වගේ ආතල් ගන්නවද සැබෑ නයකයෙක්
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    මිනී මැරීමේ චෝදනාවක් සම්බන්ධව මරණීය දණ්ඩනය නියමව සිටි රත්නපුර සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ වන ඇන්ටන් තෙන්නකෝන් මහතාට ජනාධිපතිවරයාගේ සමාව හිමිවී ඇති බව ඔහුගේ නීතිඥවරයා අද(16) කොළඹ මහාධිකරණයට දැනුම් දී ඇත.

    රත්නපුර ප්‍රදේශයේදී තරංගා ගන්කන්ද නැමති කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව මත කොළඹ මහාධිකරණය මගින් එම විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කර තිබිණි.

    එහෙත් පසුගිය අගෝස්තු මස 28 වන දින ජනාධිපතිවරයා විසින් ඔහුට සමාව ලබාදී ඔහු එම චෝදනා වලින් නිදහස් කර ඇති බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දැනුම් දී සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය විසින් එම විත්තිකරු මීට පෙර ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කරන බව ද දැනුම් දී තිබේ.


    ADADERANA

    මේ වගේ වැඩ කරනකොට ඉතින් අපරාධකාරයන්ට චිරං ජයතු කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. හොරු, මිනීමරුවෝ ඔක්කොම එලියේ.. ආශ්චර්යයම තමයි.....

    pudgalaya wadagath kenek nisa eliyata ganna awasara labune
    ekata pradesaye hamuduruwo anith nayakayonge illim salakala thiyenawa
    mewage minimarumak hadisi kopaya wage ewa nisa wenne. loku dadrunu minimaruwek newei

    okkama eliye kiyanne ube thaththada anith unwa eliyata damme

    thread ekata adala post dapan harakek wage hasirenne nathuwa
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ගැටලු විසඳීමේ අපූර්ව හැකියාවක් ඇති ජනහිත

    ගැටලු විසඳීමේ අපූර්ව හැකියාවක් ඇති ජනහිතකාමී නායකයා

    ‘ලෝක මතයක් වෙනස් කළ නම් දෙකක් ඉතිහාසගතවීම මෙම සියවසේ සිදුවූ විශේෂිතම සිදුවීමක්. මේ නම් දෙකෙන් එකක් රටක නමක්. අනෙක් නම රාජ්‍ය නායකයෙකුගේ. රට ශ්‍රී ලංකාව. රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ.” මෙම ප්‍රකාශය වර්ල්ඩ් සී ජර්නල් පුවත්පත ඇතුළු ජාත්‍යන්තර පුවත්පත් හා සඟරා රැසක ප්‍රධාන පුවත බවට පත්වුණේ 2009 මැයි 18 වෙනි දින කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියයාමත් සමඟමයි.

    ලෝක මතයක් වෙනස් කළ ජන නායකයෙකු ලෙස ඉතිහාසයට මේ වන විටත් එක්ව සිටින මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තිය සිදුවන මේ මස 19 වෙනිදාට මහින්ද රාජපක්‍ෂ මහතා මේ රටේ විධායක ජනාධිපතිධූරයට පත්වී හරියටම වසර 5ක්වීම තවත් විශේෂත්වයකි. වසර 5ක් තරම් කෙටි කාලයක් තුළ ලෝක මතයක් වෙනස් කිරීමට තිබෙන හැකියාව පෙන්වීම ඉතා සුවිශේෂී තත්ත්වයකි.

    යුද්ධයෙන් කවදාවත් විසඳීමට නොහැකි බවට ලෝක මතයක් ගොඩනැගී තිබුණු ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ගැටලුව යුද්ධයෙන්ම විසඳීමට අවශ්‍ය කරන නායකත්වය ලබාදුන් නිසා ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පැවති ලෝක මතය වෙනස් කිරීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට හැකිවිය.

    එම නිසා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ තිබෙන සුවිශේෂීම ගුණාංගය වන්නේ ගැටලු හඳුනාගැනීමට තිබෙන හැකියාව සහ එම ගැටලුවලට අවශ්‍ය නිසි විසඳුම් ලබාදීම සඳහා ප්‍රවේශවන ආකාරයයි. මෙම ප්‍රවේශයන් ඉතා සැලසුම් සහගතව සිදුකරනු ලබන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාටම ආවේණික වූ ක්‍රමයකට වීම තවත් විශේෂත්වකි.

    කොටි ත්‍රස්තවාදය සාකච්ඡාමය මාර්ගයෙන් මිස යුද්ධයකින් කවදාවත් පරාජය කළ නොහැකි බව ඉතා ප්‍රකටව තිබූ ලෝක මතයකි. මීට පෙර රට පාලනය කළ රාජ්‍ය නායක නායිකාවන් බොහෝ දෙනෙකුගේ මතය වූයේද කොටි ත්‍රස්තවාදය සාකච්ඡා මාර්ගයෙන්ම විසඳිය යුතු ගැටලුවක් බවයි. සමහර දේශපාලන නායකයන් සිතුවේ අත පුච්චාගන්නේ නොමැතිව කොටි ත්‍රස්තවාදීන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි කියාය.

    2002 වර්ෂයේදී ඊනියා සටන් විරාම ගිවිසුමක් නිර්මාණය වන්නේද මෙම සිතිවිල්ල නිසාය. ඒ තුළින් කොටි ත්‍රස්තවාදීන්ට උතුරු, නැඟෙනහිර පාලනය කරගැනීමට නිත්‍යාණුකූලව අවශ්‍ය පරිසරයද සකස් කර දුන්නේය. නමුත් සටන්විරාම ගිවිසුම ඉතා උපක්‍රමශීලී ආකාරයෙන් ශ්‍රී ලංකාවේ කොළය ඉරා ගන්නේ නැතිව සටන් විරාම ලියවිල්ල පමණක් ඉරා දැමීමට ක්‍රියා කළේද රාජපක්ෂ ජනාධිපතිවරයාය.

    එපමණක් නොව, කොටි ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා කිරීමට ගිය රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ආමර් වීදියේදී 1993 මැයි 01 වෙනිදා ජීවිතක්ෂයට පත්වන්නේ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට ගොදුරු වෙමිණි. කොටි ත්‍රස්තවාදීන් කොළඹ හිල්ටන් හෝටලයට ගෙනවිත් සාකච්ඡා පැවැත්වූයේද රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා විසිනි.

    කොටි ත්‍රස්වාදීන් සමඟ සාම සාකච්ඡා පවත්වමින් සුදු නෙළුමක් රැගෙන තවලමේ ගිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියට සිදුවූයේ කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයකින් එක් ඇසක් අහිමි කරගැනීමටය. 1987 දී ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කර මෙම ගැටලුවට පළාත් සභා ක්‍රමය මගින් දේශපාලන විසදුමක් ලබාදීමට දැඩි වෙහෙසක් ගත් ගාමිණී දිසානායක හා ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි යන මහත්වරුන්ට ද සිදුවන්නේ තම ජීවිතයෙන් වන්දි ගෙවීමටය. ලලිත් ඇතුලත්මුදලි, රංජන් විජේරත්න යන දේශපාලඥයන්ද අකාලයේ මියයන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර නිසයි.
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    සාම සාකච්ඡා

    සාම සාකච්ඡා
    මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බලයට පත්වී සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳීමට උත්සාහ ගත්තද ජිනීවා සාම සාකච්ඡා මේසයෙන් කොටි ත්‍රස්තවාදී සාමාජිකයන් ඉවත් වන්නේ කිසිඳු දයානුකම්පාවකින් තොරවය. ඉන්පසුව කොටි ත්‍රස්තවාදීන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ එවකට යුද හමුදාපති වශයෙන් කටයුතු කළ සරත් ෆොන්සේකා මහතාගේත් ලේ සොලවන්නේය.

    එතකින් නොනැවතුණු කොටි ත්‍රස්තවාදීන් කැබිතිගොල්ලෑව බස් බෝම්බය පුපුරවා සාමාන්‍ය ජනතාවත් දිගම්පතෙහිදී බෝම්බයක් පුපුරුවා නාවික සෙබළුන් රැසක් ඝාතනය කිරීමටද ක්‍රියාකරනු ලබන්නේ කිසිඳු දයා අනුකම්පාවකින් තොරවය. මේ අවස්ථාවේදී කොටි ත්‍රස්තවාදී සංවිධානය සමඟ ක්‍රියාකළ යුත්තේ කෙසේද? කියා ඉතා හොඳින් අවබෝධ කරගත් ජනාධිපතිතුමා කොටි ත්‍රස්තවාදීන්ට තේරෙන භාෂාවෙන් කතාකරන්නට පටන් ගත්තේ මුළු ලෝකයම මවිත කරමිණි.

    කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට එරෙහිව දේශීය විදේශීය බලවේග කෙතරම් කකුලෙන් අදිමින් බාධා සිදුකළ ද එකකින්වත් සැළුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නොවේ. කෙතරම් බාධක පැමිණියත් කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර 30 වසරක ත්‍රස්තවාදී ශාපයෙන් මේ රට ගලවාගැනීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ක්‍රියාකරනු ලබන්නේ නියම පොදුජන නායකයෙකු හැටියටයි. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග වර්තමානයේදී මුළු ලෝකයේම කතාබහට ලක්වී තිබේ.

    මෙම ගන්නා වූ ප්‍රවේශය ඉතා වැදගත් වන අතර, කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග මේ වන විට ඉතිහාසගත වී තිබෙන්නේද එම ක්‍රියාවන්ගේ තිබෙන වැදගත්කම නිසාය. ශ්‍රී ලංකාව පාලනය කළ මීට පෙර සිටි කිසිඳු රාජ්‍ය නායකයකුට මෙම ප්‍රවේශයන් පහළ වූයේ නැත.

    මේ ආකාරයෙන් මෙම ගැටලුව විසඳිය යුතුයි යනුවෙන් කල්පනා කළේ නැත. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරයා සුදු නෙළුම රැගෙන තවලමේ යද්දී එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි රනිල් වික්‍රමසිංහ මහතා සටන් විරාම ගිවිසුමක් රැගෙන ලෝකය වටේ රට සවාරිවලට සහභාගි විය. එම නිසා රාජ්‍ය නායකයෙකු ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට ගත් ප්‍රවේශය හා ක්‍රියාමාර්ග ත්‍රස්තවාදය පරාජය කිරීමේ ලෝක මතයේ අත්පොත වනවා නිසැකය.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වන විට ශක්තිමත්ම දේශපාලන බලවේගය බවට පත්වුවද 2004 අපේ‍්‍රල් මාසයේදී පැවැති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බලය හිමිවුවද කථානායකවරයා තෝරාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොහැකි වන්නේය. දවසක් පුරා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් 3ක් පවත්වා අවසානයේදී ඩිව්. ගුණසේකර මහතාට වඩා එක් වැඩි ඡන්දයක් ලබාගෙන කථානායක ධූරයට පත්වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතායි.

    නමුත් කථානායකවරයා පත්කරගැනීමට නොහැකිවූ එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වන විට පාර්ලිමේන්තුවේ 2/3 ක අති බහුතර බලයක් ලබාගෙන තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය නිසාය. 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ජයගත් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයට පත්වන්නේද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ය. එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් පවතී.

    සුනාමි සහන මණ්ඩලයට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වී විරුද්ධ පක්ෂයේ අසුන් ගන්නේ යම් දේශපාලන අස්ථාවර භාවයක් ඇතිකිරීම සඳහායි. ඉන්පසුව 2007 වර්ෂයේ අය – වැය අවස්ථාවේදී එය පරාජය කිරීම සඳහා කොටි ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර අංශයේ බලපෑම් සමඟ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ.

    නමුත් මෙම සියලු අවස්ථාවන්ට මුහුණදෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවත්, රටත්, මහජනතාවගේ බලාපොරොත්තු රැකගනිමින් උපායශීලීව හා ඉවසිලිමත්ව කටයුතු කරන්නේ ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාය. මේ සඳහා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට තිබෙන හැකියාව ඉතා සුවිශේෂී එකකි. ඔහු වැනි නායකයෙකු නොවන්නට මෙම අභියෝගවලට මුහුණදී ජයගැනීම ඉතා අසීරු කටයුත්තක් වනවා නොඅනුමානයි. මෙම කරුණුවලින් මනාව පෙන්නුම් කරනුයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයේ ගුණාංගයි.
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    දේශපාලන බලපෑම්

    දේශපාලන බලපෑම්

    යුද ජයග්‍රහණයේ ගෞරවය හිටපු එක් හමුදා ප්‍රධානියෙකු පමණක් අත්පත් කර ගැනීම සඳහා අසාර්ථක උත්සාහයක පසුගිය කාලය තුළ යෙදුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ සඳහා විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවලද උල්පන්දම් ලැබුණේ එම දේශපාලන පක්ෂවලට ද යන එනමං නොමැතිව තිබුණු නිසාය. නමුත් ඉතා අසාධාරණ ආකාරයෙන් ලබාගැනීමට ගිය යුද ජයග්‍රහණයේ ගෞරවය සඳහා මහජනතාවම හොඳ පාඩමක් ලබාදුන් බව පසුගිය මැතිවරණවලින් කදිමට පෙන්නුම් කෙරේ.

    එම නිසා යුද ජයග්‍රහණය සාර්ථක කිරීම සඳහා බලපෑ දේශපාලන නායකත්වය ඉතා හොඳින් දනී.

    පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි ඡන්ද දහඅට ලක්ෂයකින් ජයග්‍රහණය කරන්නේ ඒ නිසාය. 1987 වර්ෂයේදී ක්‍රියාත්මක කෙරුණු වඩමාරච්චි මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන් එක් වර්ගකිලෝමීටරයකටත් අඩු ප්‍රදේශයකට කොටු වූ අවස්ථාවේදී ඔහු අල්ලාගැනීමට නොහැකි වූයේ ඒ අවස්ථාවේදී පැමිණි දේශපාලන බලපෑම් නිසාය. එම නිසා 1987 දී නිවැරදි දේශපාලන නායකත්වයක් තිබුණේ නම් මේ යුද්ධය එදා අවසන් කිරීමට ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි රණවිරුවන්ට එතරම් අපහසු නොවනු ඇති.

    එම නිසා යුද ජයග්‍රහණයේ ගෞරවය එක් හමුදා ප්‍රධානියෙකුට පමණක් නොව එයට දේශපාලන නායකත්වය ලබාදුන් නායකයාගේ සිට මුළු රටේ සියලු මහජනතාවට හිමිවිය යුතුයි. ඒ වගේම ත්‍රිවිධ හමුදාවට, පොලිසියට හා සිවිල් ආරක්ෂක බළකාය වෙතද එම ගෞරවය ඒ ආකාරයෙන්ම හිමිවිය යුතුයි.

    “මෙම යුද ජයග්‍රහණයේ ගෞරවය මේ රටේ සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතුයි” යනුවෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පැවසුවේ ඒ නිසාය. ලෝකයේ ජාත්‍යන්තර පුවත්පත් සඟරා ඇතුළු මාධ්‍ය ආයතන රැසක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නිවැරදි දේශපාලන නායකත්වය නොවන්නට කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බව ප්‍රකාශ කරන්නේ එම මාධ්‍ය ආයතන යථාර්ථය ඉතා හොඳින් දන්නා නිසාය.

    මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ප්‍රශ්න හඳුනාගෙන ඒවාට නිවැරදි විසදුම් ලබාදුන්නේ අද ඊයේ නොවේ. 70 දශකයේ දේශපාලනයට පිවිසි අවස්ථාවේ සිටම සෑම අභියෝගයකටම ඔහු සාර්ථකව මුහුණ දුන්නේ පරිනත දේශපාලඥයෙකු ආකාරයකටය. විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකුව සිටින කාලයේදී විරුද්ධ පක්ෂයේ අයිතිවාසිකම් වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රියාකළේ සැමට ආදර්ශයක් වන පරිදිය. 1988 – 89 භීෂණ සමයේදී තරුණ තරුණියන් මර්දනය කිරීමට එරෙහිව ඔහු ප්‍රබල හඬක් නැඟුවේය. මේ නිසා මරණ තර්ජන එල්ලවූ අවස්ථා අනන්ත අප්‍රමානයි.

    මැර තර්ජනවලට, මැර ප්‍රහාරයන්ට ද මහින්ද රාජපක්‍ෂ මහතා ලක්වූ අවස්ථා බොහෝය. මේ එකකින්වත් සැලුණේ මහින්ද රාජපක්‍ෂ මහතා නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්‍ෂා කර ගනිමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් හැමවිටම පෙනී සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතාය. නිදාගෙන සිටි විරුද්ධ පක්ෂය නැගී සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතාට පිං සිදුවන්නටය. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා දැඩි මර්දනකාරී පිළිවෙතකට එක් අවස්ථාවකදී ගියවිට ඊට එරෙහිව විරුද්ධ පක්ෂය වෙනුවෙන් හඬ නැගුවේ මහින්ද රාජපක්‍ෂ මහතා පමණි.

    කොළඹ සිට කතරගම ගිය පාද යාත්‍රාව ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන කතාකරනවිට කවදාවත් අමතක නොවන්නේ ඒ නිසාය. පාද යාත්‍රා පමණක් නොව ජන ඝෝෂා නංවමින් නිදාගෙන සිටි විපක්ෂය අවදිකර 1993 දකුණු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට එරෙහිව මුල්ම වෙඩිමුරය පත්තුකිරීමට කටයුතු කරන්නේද මහින්ද රාජපක්‍ෂ මහතාය. මහින්ද රාජපක්‍ෂ මහතා නොවන්නට දකුණු පළාත් සභා මැතිවරණය ජයගැනීම අසීරුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨතමයෙක් වන අමරසිරි දොඩංගොඩ මහතා වරක් ප්‍රකාශ කළේය.

    17 වසරක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික බලවේග සමඟ පොදුජන එක්සත් පෙරමුණ නමින් සංවිධානයක් ගොඩනැඟෙන්නේද 1993 වර්ෂයේදීය.

    පොදුජන එක්සත් පෙරමුණ ගොඩ නගා දකුණු පළාත් සභා මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය නොකරන්නට 1994 මහ මැතිවරණයේදී එක් වැඩි ආසනයකින් පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් බිහිවන්නේ නැත. එම නිසා 17 වසරක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාලනය පෙරළා දමන තීරණයක් මත මැතිවරණවලදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්යයභාරය ඉතා සුවිශේෂී එකක් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

    එම නිසා මහින්ද රාජපක්‍ෂ මහතා ජාතික නායකයකු වශයෙන් ඉස්මතුවීමට පටන් ගන්නේද මීට වසර ගණනාවකට ඉහතදීය. ඔහු විරුද්ධ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිටියද කිසිම අවස්ථාවකදී රටට විරුද්ධව කටයුතු කළේ නැත. මහින්ද රාජපක්‍ෂ මහතා විරුද්ධ වූයේ පැවැති ආණ්ඩුවල වැරදි ප්‍රතිපත්තිවලට පමණි. එම නිසා අද වැලේ වැල් නැතිව සිටින විරුද්ධ පක්ෂය යළි ගොඩනැගීමට නම් ආදර්ශයට ගතයුතු එකම දේශපාලඥයා වන්නේ ද මහින්ද රාජපක්‍ෂ මහතා පමණි.
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    දෙස් - විදෙස් බලපෑම්

    දෙස් - විදෙස් බලපෑම්

    රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු ඇතැම් ව්‍යාපෘති පසුගිය රජයන්ට ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේද නිවැරදි දේශපාලන නායකත්වයක් නොතිබුණු නිසාය. යුද්ධය පමණක් නොව රටේ සංවර්ධනයද ඇණහිට තිබුණේ ඒ නිසාය. ඉහළ කොත්මලේ ජල විදුලිබලාගාරය, නොරොච්චෝලේ තාප බලාගාරය, හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය, වීරවිල මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්ම ක්‍රියාත්මක කිරීමට නොහැකිවූයේ විවිධ අවස්ථාවලදී ඒ සඳහා එල්ලවුණු දේශිය හා විදේශීය බලපෑම් නිසාය. ඒවාට නොබියව මුහුණදී එම සංවර්ධන කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නිවැරදි දේශපාලන නායකත්වයක් එදා තිබුණේ නැත.

    දැන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ නිවැරදි නායකත්වය නිසාය. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමේ තීරණාත්මක දිනයක් වශයෙන් ජනපති දෙවන පදවි ප්‍රාප්තිය හඳුන්වන්නේ ඒ නිසාය.
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අනිවා මචං

    මේවා තාම මිනිස්සුන්ට තේරිලා නෑ

    හෙට අනිද්දට අපිට හිඟා කන්නත් වෙයි

    මිනිස්සුන්ට යන එනමක් නැතුව ඉන්න වෙලාවෙ මේ වගේ ආතල් ගන්නවද සැබෑ නයකයෙක්

    ganwathurata ahu wechcha ayata ona tharam dewal karala thiyenawa

    unp kaleth owa una amuthu dewal kare naha

    me anduwa dan gan wathuratath wisadum denawa

    loke onama rataka mewage samarum uthsawa thiyenawa

    lankawe minissu dan issarata wada hodata kala adala pare bahala yanawa

    nikan pacha kiyanne nathuwa inna