චීනයෙන් ජාන වෙනස් කර එන සුපිරි සුනඛ සුරතල&#353

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    චීනයෙන් ජාන වෙනස් කර එන සුපිරි සුනඛ සුරතල&#353

    චීනයෙන් ජාන වෙනස් කර එන සුපිරි සුනඛ සුරතල්ලූ!





    චීන ජාතික විද්‍යාඥයන් පිරිසක් ක්ලෝනකරණය අතින් නව මඟකට පිවිසිලා තියෙනවා. චීනයේ බෙයිජිං නුවර සීනෝ ජීන් සමාගමෙහි සේවය කරන මේ විද්‍යාඥ මණ්ඩලය සුනඛයකුගේ ජාන වෙනස් කර සුපිරි සුනඛයකු බිහි කර ක්ලෝනකරණය මගින් ඒ සුනඛයාට සමාන තවත් සුනඛයකු බිහි කිරීමට සමත් වෙලා තියෙනවා. ඔවුන් කියන විදියට අනාගතයේ දී තමන් පි‍්‍රය කරන ගති ගුණ ඇති තමන්ගේ ජීවිතයට උදවුවක් විය හැකි තමන්ට කැමති සුනඛ සුරතලකු දිගට ම තමන් ළඟ තියා ගන්න ඔබට පුළුවන්.

    නිදසුනක් වශයෙන් ඔබට ඕනෑ වේගයෙන් දුවන්න පුළුවන් මස් පිඬු ශක්තිමත් සුනඛයකු නම් එය ජාන වෙනස් කිරීම මගින් අවශ්‍ය ආකාරයට සකසා පසු ව ක්ලෝනකරණය මගින් සමාන ‘සුනඛ පිටපත්’ ලබා දෙන්න ඔවුනට පුළුවන්.

    ඒ විද්‍යාඥ මණ්ඩලයේ ප‍්‍රධානියා වූ ලායි ලියැංසූ (Lai Liangxue) කියන විදියට සුරතලයට මෙන් ම එදිනෙදා කටයුතුවලට සහය වන ආකාරයේ සුනඛයකු බිහිකර දෙන්න ඔවුනට දැන් හැකියාව තියෙනවා.

    2015 දී ලායි මුලින් ම බීගල් සුනඛයන් දෙදෙනකු නිර්මාණය කළා. හර්කියුලීස් හා ටියැංගෝ නම් වූ ඔවුන් සාමාන්‍ය බීගල් සුනඛයන්ට වඩා දෙගුණයක් ශක්තිමත් පේශීන් ඇති අයයි.
    0.jpg
    මේ තමා ලොං ලොං. බීගල් වර්ගයේ පුංචි සුනඛ සුරතලෙක්. ජානමය වශයෙන් වෙනස් කළ මාපියන්ගෙන් ලොවට බිහි කළ ප‍්‍රථම සුනඛ සුරතලා මෙයයි.

    1.PNG
    මේ තමා තාත්තයි පුතයි දෙන්නා. ලොං ලොං කියන පුංචා බිහි කරනු ලැබුවේ ක්ලෝනකරණ ක‍්‍රමයට ඇපල් සුනඛයාගෙන්. ඔවුන්ගේ වයස දින නවයේ දී ගත් ඉහළ පින්තූර දෙකෙන් ලොංලොං (වමේ) හා ඇපල් (දකුණේ) ඔබට ම සසඳා ගන්න පුළුවන්.

    2016 දී සීනෝ ජීනෝ ආයතනයේ රසායනාගාරයක් තුළ තමයි මේ දෙන්නා උපන්නෙ. ලොං ලොං තාත්තා උපන්නේ මැයි 28 වැනිදායි. ඇපල් පුතා උපන්නේ ඒ රසායනාගාරයෙදි දෙසැම්බර් 29 වැනිදායි. ඒ සමාගම කියන විදියට සාමාන්‍ය සුනඛයන්ගෙන් තැනූ ක්ලෝනයක් 2015 දී දකුණු කොරියානු විද්‍යාඥයන් පිරිසක් කර තිබුණුත් රසායනාගාරයක් තුළ ජාන වෙනස් කර තැනූ සුපිරි සුනඛයකුගෙන් ක්ලෝනයක් තැනූ මුල් වතාව මෙයයි.

    මේ අධ්‍යයනය නිසා ජාන සංස්කරණයේ නව මාවතක් හෙළි වුණා. අනාගතයේ දී ජාන සංස්කරණය කර අපට අවශ්‍ය සුනඛයන් නිර්මාණය කරන්නත් ක්ලෝණකරණය මගින් ඒ සුනඛයන්ගේ ‘පිටපත්’ලබා ගන්නත් අපට අවස්ථාව උදා වේවි.

    2.PNG
    සීනෝ ජීන් සමාගම කියන්නේ මේ නව තාක්ෂණයෙන් ඔවුන්ගේ පර්යේෂකයන් සමත් වී ඇති බව නව ආරක ‘සූපිරි සුනඛයන්’ බිහි කිරීමට. මේ පියවර තවදුරටත් ජාන තාක්ෂණ පිළිබඳ අධ්‍යයනයට මඟ පාදනවා. ඉහළ පින්තූරවලින් දැක්වෙන්නේ ඔවුන් දින 28ක් වයසේ දී ලොං ලොං (වමේ) හා ඇපල් (දකුණේ) දෙදෙනා සිටි ආකාරයයි.

    3.PNG
    මේ තමා ව්‍යාපෘතියට සම්බන්ධ කට්ටිය. ප‍්‍රධාන පර්යේෂක ලායි ලියාංසූ (දකුණේ සිට තුන්වැනියා) ඔවුන් එකතු වී සුනඛයාගේ ජාන වෙනස් කර අවශ්‍යතාවට ගැළපෙන පරිදි සුනඛයා වෙනස් කර ගත්තා. ඊට පසුවයි ක්ලෝනකරණය මගින් පිටපත් ගැනීම කළේ.

    4.PNG
    2015 දී ලායි මුලින් ම නිර්මාණය කළේ බීගල් සුනඛයන් දෙදෙනෙක්. හර්කියුලීස් හා ටියැංගෝ (වමේ) ඒ අයට දුන් නම්. ඔවුන් සාමාන්‍ය බීගල් සුනඛයන් මෙන් නොව ශක්තිමත් පේශීන් ඇති අයයි. මේ වර්ගයට ම අයත් ස්වාභාවික ශක්තිමත් ම සුනඛයා වූ කැනඩාවේ වෙන්ඩි මිය ගියේ අවුරුදු 14 පිරෙන්න ඔන්න මෙන්න තිබිය දීයි. ඌ රේස් වලට යොදා ගත් සුනඛයෙක්.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙව්වා නම් ටිකක් බයානක වැඩ. ඔවා සත්තුන්ට හරි ගියා කියන්නේ වැඩේ හොදටම බයානකයි.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    avatar130929_33.gif
    මෙන්න මූව ජාන වෙනස් කරල ක්ලෝනීකරනය කරල වෙනස් කරන්ඩ බැරි වෙයිද? :confused:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    den mamath lawa hadanna yanawa

    oya gen wedsatahank giya travel chanel eke

    den otana ballanawa clone karl wikunanawalu

    kalin hitiya ballawagem ekek ayem hadanawa
     

    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    avatar130929_33.gif
    මෙන්න මූව ජාන වෙනස් කරල ක්ලෝනීකරනය කරල වෙනස් කරන්ඩ බැරි වෙයිද? :confused:


    Muge wenas karanna be bn.... oka avillla mal ponnayek.....