චීනයේ රහසිගත ජීව විද්‍යාත්මක අවි වැඩසටහන

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චීනයේ රහසිගත ජීව විද්‍යාත්මක අවි වැඩසටහන

    මාරාන්තික කොරෝනා වෛරසය ගෝලීයව ව්‍යාප්ත වී ඇත්තේ චීනයේ රහසිගත ජීව විද්‍යාත්මක අවි වැඩසටහනට සම්බන්ධ වූ වුහාන්හි පිහිටි පරේෂණාගාරයකින් බව ඊශ්‍රායල ජෛව විද්‍යාත්මක යුද විශේෂඥවරයෙක් පවසන බව වොෂින්ටන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

    චීනයේ වඩාත්ම දියුණු වෛරස් පර්යේෂණාගාරය වන්නේ වුහාන් වෛරස් පර්යේෂණ ආයතනය බවත්, මාරාන්තික වෛරස් සමඟ වැඩ කිරීමේ හැකියාව ඇති චීනයේ ඇති එකම ස්ථානය මෙය බවත් ඔහු සඳහන් කරයි.

    මේ පිළිබඳ අධ්‍යයනය කළ හිටපු ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන ඩැනී ෂොහාම් පවසා ඇත්තේ මෙම ආයතනය චීනයේ රහසිගත ජීව විද්‍යාත්මක අවි වැඩසටහනට පැහැදිලිවම සම්බන්ධ බවයි

    ෂෝහාම් මහතා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. 1970 සිට 1991 දක්වා ඔහු මැද පෙරදිග හා ලොව පුරා ජීව විද්‍යාත්මක හා රසායනික යුද්ධ පිළිබඳ ඊශ්‍රායල හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයෙකු වූ අතර ලුතිනන් කර්නල් තනතුර දරා ඇත.

    මේ අතර ඩේලි මේල් වෙබ් අඩිවිය වාර්තා කරන්නේ , SARS සහ Ebola වැනි භයානක රෝගකාරකයන් අධ්‍යයනය කිරීම සඳහා නම් කරන ලද චීනයේ ඇති එකම පර්යේෂණාගාරය වුහාන්හි පිහිටි වෛරස් පර්යේෂණාගාරය බවයි.

    2018 එය ආරම්භ කිරීමට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥවරුන් කණසල්ල පළ කර ඇත්තේ වෛරසයන් මෙම පර්යේෂණාගාරයෙන් පිටවිය හැකි බව කියමිනි..2004 වසරේ සාර්ස් වෛරසයද චීනයේ බිංජිහි පර්යේෂණාගාරයකින් පිටව ඇත්තේ මේ අයුරින් බව ඩේලි මේල් වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

    එමෙන්ම වුහාන් ජාතික ජෛව සුරක්‍ෂිතතා විද්‍යාගාරය (පර්යේෂණාගාරය) , හුවානාන් මුහුදු ආහාර වෙළඳපොළට සැතපුම් 20 ක් පමණ දුරින් පිහිටා ඇති බවත්, විද්‍යාත්මක ප්‍රජාව දැනට විශ්වාස කරන පරිදි වෙළඳපොලේ ඇති සත්ව-මානව සම්බන්ධතා හරහා වෛරසය විකෘති වී මිනිසුන් වෙතට පැමින ඇතැයි වැඩිදුරටයත් සඳහන් වෙයි.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ado ehema unoth USA chinnunwa nuke karai

    ඉරානේ නුක් කරපු විදිය දැක්කා මුන් පාර්ට් දාන්නේ පොඩි රටවල් වලට rus chi ind එක්ක ෆෙස්ටු ෆේස් යන්නේ නැහැ