චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය

pereraharshan

Active member
  • Nov 6, 2012
    47
    120
    33
    චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය

    චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය (1 කොටස )

    මේ චාරිකාව පිටත් වුනේ 2019/6/20 ඉදලා 2019/ 6/27 වෙනිදා වෙනකන්. මේ මම චීනය බලා පිටත් වුන දෙවනි අවස්ථාව. මේ පාර ගියේ ශැංග්හයි සහ නැංජින් වලට. කොරෝනා වලට මාස 06 කට විතර කලින් ගිහින් ආපු මේ චාරිකාව අමතක නොවෙන එකක්.
    මේපෝස්ට් එක මම එළකිරියට දාන මුල්මපෝස්ට් එක. මීට කලින් දාන්න උත්සහ කලාට වැඩේ හරි ගියේ නැහැ.හේතුව හරියට පොටෝ එකක් වත් අප්ලෝඩ් කරගන්නවත් බැරිවුන එක.
    ගොඩක් අය සිංගප්පුරුව , මැලේසියාව, තායිලන්තය, වියට්නාමය වගේ රටවල් වලට ගියාට චීනෙට යැවෙන්නෙ අඩු පිරිසක් . ප්රධානම හේතුව වීසා හුටපටේ.

    වීසා

    හොදම දේ වීසා නියෝජිතයෙක් හරහා වීසා අයදුම් කරන එක. මුලින්ම යන කෙනෙක්ට 20 000 අඩුවෙන් සහ වරක් ගිහින් තියන අයට 15 000 වගේ අඩුවෙන් වීසා අරගන්න පුළුවන්. පුලුවන්තරම් ගෘප් වීසා ගන්නැතුව පාස්පෝට් එකටම වීසා ගහගන්න බලන්න. මොකද ගෘප් වීසා වල හම්බවෙන්නෙ කොළයක්.

    ගමනට තෝරගත්තේ Sri Lankan ගුවන් සේවය. ගුවන් යානය තිබුනේ හවස 1.20 වගේ. පැය හතක් විතර යනවා ශැංහයි වලට යන්න. මේ තියෙන්නේ ලංකාව පහු කරද්දිම ගුවන් යානයේ ඉදලා ගත්තු පොටෝ ටිකක් .

    M2eBM3Z.jpg

    6ldoPQh.jpg

    මේ අපේ ගුවන් යානය ඇතුලත

    P6o4jCe.jpg

    කොහොම හරි ශැංහයි වලට යනකොට රෑ 12 පහුවෙලා එහෙ වෙලාවෙන්. ශැංහයි වල නැවතුනේ The Indigo කියන හොටෙල් එකේ . උදේ කෑමත් එක්ක තමා කාමරය වෙන්කරගත්තේ. මේ හොටෙල් එකේ දවස් තුනක් හිටියා. එක දවසකට ලංකාවේ සල්ලි වලින් 35 000 විතර වෙනවා. පට්ට හොටෙල් එක. ඉන්ෆිනිටි පූල් එකක් තියනවා. උදේ කෑමත් පට්ට ඉතින්. සාගරය වගේ බුෆේ එකක් ඉතින්. මේ තියෙන්නෙ හොටෙල් එක බුක් කරන ලින්ක් එක.

    මේ තියෙන්නෙ මම හිටපු කාමරයේ පොටෝ

    Bls3NMZ.jpg

    2NFJGIf.jpg

    මේ තියෙන්නෙ මම කලින් කියුව ඉන්ෆිනිටි පූල් එක.

    NcWw4OU.jpg

    මෙයා තමා පූල් එක බලාගන්නෙ

    csvkiSJ.jpg

    ඔන්න ඔහොම තමා චීනයට ගොඩ බැස්සේ. පහුවෙනිද ඉදන් ඇවිදින්න ගියේ. කට්ටිය කියවන්න කැමතී වගේ තේරුනොත් හෙටම ගමනේ විස්තර කොටන වැඩේ පටන් ගන්නවා.

    දෙවෙනි කොටස 2 වෙනි පිටුවේ

    තුන් වෙනි කොටස 5 වෙනි පිටුවෙ
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    කෝ බන් ඉතුරු ටික..:oo: ඔක්කොම ලියලා දාපන්කෝ:sorry:
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    එලකිරියේ ඉස්සර මේ වගේ පට්ට ත්‍රෙඩ් හරියට ගියා..පස්සේ එහෙම ට්‍රැවල් කරපු එවුන් මේකේ ඒ ගමන් වල විස්තර දාන එක නැවැත්තුවා..ඒකට හේතු වුනේ මේකේ පස්සෙ පස්සෙ ආව එවුන් දේශපාලනය..කුනුහරප..වගේ දේවල් ප්‍රදාන මාතෘකා කරගත්ත එක..

    එහෙම තියෙද්දී උබ වගේ එකෙක් මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එක හරිම වටිනවා..මමත් චීනෙට ගිහින් තියනවා..ආයෙත් යනවා කොරෝනා වලින් පස්සේ..උබ මේ trend එක ආයේ පටන් ගත්ත එක හොදයි බ්‍රෝ...දිගටම විස්තර දාපන්..

    තව මේ වගේ ගමන් ගියපු අය විස්තර දාන්න..අපි ආසයි බලන්න..ගොඩක් අය ඉන්නවා පිටරට යන්න ආසාවෙන්..මේවා බලලා කවදහරි යනවා කියලා හිතන අය..මේකේ මෙහෙම වටින ත්‍රෙඩ් දාපු පරන මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නවා..එයාලත් මේකට එකතු වෙන්න..මමත් ඩුබායි ගියා කොරෝනා වලට මාස දෙකකට කලින්..මම මේ ඒක photo thred එකක් දානවද නැද්ද කියලා කල්පනා කර කර ඉද්දී උබ මේක දැම්මේ..ජයවේවා මචන්..තව photo විස්තර දාපන්...
     
    :yes::yes::yes::yes::yes:
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    මචන් උබ shanghai වල ඇවිද්දේ කොහොමද මැප් වැඩද එහේ..google map වැඩ නෑ කියලා අහලා තියනවා shanghai වල..
     
    pereraharshan

    Active member
  • Nov 6, 2012
    47
    120
    33
    2වෙනි කොටස

    මගේ ගමන ගැන විස්තර දාන්න කලින් aligamaya සහෝදරයා අහලා තියන ප්‍රශ්නයට උත්තර දීලා ඉන්න හිතුනා.

    ප්‍රශ්නය මචන් උබ shanghai වල ඇවිද්දේ කොහොමද මැප් වැඩද එහේ..google map වැඩ නෑ කියලා අහලා තියනවා shanghai වල..

    දෙයියන්ගෙ පිහිටෙන් Google Maps 谷歌地图 චීනේ හොඳට වැඩ අවුලක් නෑ.
    ඊට අමතරව
    1. Autonavi Navigation 高德导航
    2. Baidu Maps 百度地图
    3. Apple Maps 苹果地图

    Map විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

    අනිත් එක තමා සමාජ මාධ්‍ය චීනයේ අවහිර කරලා තියෙන්නෙ. ඒ වෙනුවට අනිවාර්යෙන්ම Wechat (微信) කියන ඇප් එක දාගන්න. ඒක චීනෙ යනවනම් අනිවාර්‍යයයි.
    ඊට අමතරව
    1.Weibo 微博
    2.QQ

    කියන ඇප් දෙකත් වරදක් නෑ.

    Taxi පාවිච්චි කරනවනම්
    1. Didi Chuxing 滴滴出行
    2. Shenzhou Car (UCar) 神州专车

    වගේ ඇප් පාවිච්චි කරන්න පුළුවන්

    හැබැයි ඉතින් පාරවල් එහෙම හොයාගන්නවනම් හොදම ක්‍රමේ ඔය එකක්වත් නෙවේ. තමන්ගේ දක්ෂතාවය අනුව මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න බලන්නකො
    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.

    8IPoZy5.jpg

    TntpIb6.jpg

    අනිත් එක චීනේ යනවනම් හොඳට කන්න බලාගෙන යන්න ඕනේ. හරිම රසවත් කෑම තියෙන්නෙ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට කෑම වල රසය හා පෙනුමත් වෙනස් වෙනවා. චීනයට ආවෙනික ආහාර රටාවක්නෙ තියෙන්නෙ. අනික බයවෙන්න එපා. චීනෙ එකෙක්වත් උඹලට බලෙන් නයි.ගොලුබෙල්ලො,ගෙම්බො එහෙම කවන්න එන්නෙ නැ. ඒ නිසා චීනෙ යනවනම් හොදට කන්න බලාගෙන යන්න ඕනෙ.

    pGNkekO.jpg

    ipmrtM5.jpg

    cdVoWJm.jpg

    LVVc2S8.jpg

    ytdM8D5.jpg

    IdYiKsT.jpg

    මචන්ලා Traveling කියන්නෙ Art එකක්. ඇබ්බැහි වෙන සීන් එකක් තියෙන්නෙ. මම Tips ටික වෙනම දාන්න හිටියෙ. නමුත් සහෝගෙ ප්‍රශ්නෙට උත්තර විදියට මේ ටික දැම්මෙ. ඊලග කොටසෙ ඉදන් ගමනෙ විස්තර ටික දාන්නම්. මොනාහරි කොටාගෙන යමන්ලා කම්මැලිකම යන්නත් එක්ක. :angry:

    ඊළග කොටසට මෙතනින් යන්න
     
    Last edited:

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,988
    1
    12,324
    113
    Nuwara eliya
    එලකිරියේ ඉස්සර මේ වගේ පට්ට ත්‍රෙඩ් හරියට ගියා..පස්සේ එහෙම ට්‍රැවල් කරපු එවුන් මේකේ ඒ ගමන් වල විස්තර දාන එක නැවැත්තුවා..ඒකට හේතු වුනේ මේකේ පස්සෙ පස්සෙ ආව එවුන් දේශපාලනය..කුනුහරප..වගේ දේවල් ප්‍රදාන මාතෘකා කරගත්ත එක..

    එහෙම තියෙද්දී උබ වගේ එකෙක් මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එක හරිම වටිනවා..මමත් චීනෙට ගිහින්
    තියනවා..ආයෙත් යනවා කොරෝනා වලින් පස්සේ..උබ මේ trend එක ආයේ පටන් ගත්ත එක හොදයි බ්‍රෝ...දිගටම විස්තර දාපන්..

    තව මේ වගේ ගමන් ගියපු අය විස්තර දාන්න..අපි ආසයි බලන්න..ගොඩක් අය ඉන්නවා පිටරට යන්න ආසාවෙන්..මේවා බලලා කවදහරි යනවා කියලා හිතන අය..මේකේ මෙහෙම වටින ත්‍රෙඩ් දාපු පරන මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නවා..එයාලත් මේකට එකතු වෙන්න..මමත් ඩුබායි ගියා කොරෝනා වලට මාස දෙකකට කලින්..මම මේ ඒක photo thred එකක් දානවද නැද්ද කියලා කල්පනා කර කර ඉද්දී උබ මේක දැම්මේ..ජයවේවා මචන්..තව photo විස්තර දාපන්...
    [/QUOTE

    Mcn sira kathawa 👍👍👍👍👍👍👍👍
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    2වෙනි කොටස

    මගේ ගමන ගැන විස්තර දාන්න කලින් aligamaya සහෝදරයා අහලා තියන ප්‍රශ්නයට උත්තර දීලා ඉන්න හිතුනා.

    ප්‍රශ්නය මචන් උබ shanghai වල ඇවිද්දේ කොහොමද මැප් වැඩද එහේ..google map වැඩ නෑ කියලා අහලා තියනවා shanghai වල..

    දෙයියන්ගෙ පිහිටෙන් Google Maps 谷歌地图 චීනේ හොඳට වැඩ අවුලක් නෑ.
    ඊට අමතරව
    1. Autonavi Navigation 高德导航
    2. Baidu Maps 百度地图
    3. Apple Maps 苹果地图

    Map විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

    අනිත් එක තමා සමාජ මාධ්‍ය චීනයේ අවහිර කරලා තියෙන්නෙ. ඒ වෙනුවට අනිවාර්යෙන්ම Wechat (微信) කියන ඇප් එක දාගන්න. ඒක චීනෙ යනවනම් අනිවාර්‍යයයි.
    ඊට අමතරව
    1.Weibo 微博
    2.QQ

    කියන ඇප් දෙකත් වරදක් නෑ.

    Taxi පාවිච්චි කරනවනම්
    1. Didi Chuxing 滴滴出行
    2. Shenzhou Car (UCar) 神州专车

    වගේ ඇප් පාවිච්චි කරන්න පුළුවන්

    හැබැයි ඉතින් පාරවල් එහෙම හොයාගන්නවනම් හොදම ක්‍රමේ ඔය එකක්වත් නෙවේ. තමන්ගේ දක්ෂතාවය අනුව මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න බලන්නකො
    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.

    8IPoZy5.jpg

    TntpIb6.jpg

    අනිත් එක චීනේ යනවනම් හොඳට කන්න බලාගෙන යන්න ඕනේ. හරිම රසවත් කෑම තියෙන්නෙ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට කෑම වල රසය හා පෙනුමත් වෙනස් වෙනවා. චීනයට ආවෙනික ආහාර රටාවක්නෙ තියෙන්නෙ. අනික බයවෙන්න එපා. චීනෙ එකෙක්වත් උඹලට බලෙන් නයි.ගොලුබෙල්ලො,ගෙම්බො එහෙම කවන්න එන්නෙ නැ. ඒ නිසා චීනෙ යනවනම් හොදට කන්න බලාගෙන යන්න ඕනෙ.

    pGNkekO.jpg

    ipmrtM5.jpg

    cdVoWJm.jpg

    LVVc2S8.jpg

    ytdM8D5.jpg

    IdYiKsT.jpg

    මචන්ලා Traveling කියන්නෙ Art එකක්. ඇබ්බැහි වෙන සීන් එකක් තියෙන්නෙ. මම Tips ටික වෙනම දාන්න හිටියෙ. නමුත් සහෝගෙ ප්‍රශ්නෙට උත්තර විදියට මේ ටික දැම්මෙ. ඊලග කොටසෙ ඉදන් ගමනෙ විස්තර ටික දාන්නම්. මොනාහරි කොටාගෙන යමන්ලා කම්මැලිකම යන්නත් එක්ක. :angry:

    එල එල මචන්..ඔය උබ කියන අන්තිම ක්‍රමේ මමත් පාවිච්චි කරලා තියනවා:rofl:..එහේ කෙල්ලෝ මාර ෆ්‍රෙන්ඩ්ලි නේහ් මචන්..මම බෙයිජිං විතරයි ගිහින් තියෙන්නේ..එහෙනම් එහෙමයි..shanghai වලත් එහෙමද...?

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,260
    2,662
    113
    London
    අනිවාර්යෙන්ම China වල තිබෙන එක එක ජාතියේ කෑම try කරලා බලන්න ඕන. යාළුවා කියලා තියෙනව වගේ එක එක පැතිවල වෙනස් කාම තිබෙන්නේ . South China spicy කෑමවලට ප්‍රසිද්දයි. North china පිටි බාවිතා කරලා උයන කෑමවලට ප්‍රසිද්දයි.
    මම නම් ගොඩක් වෙනස් කාම කාලා තියෙනව. ගොඩක් කෑම කන්න පුළුවන් ලංකාවේ කට්ටියට.

    ගොඩක් මිනිස්සු friendly . අතරින් පතර ඉන්නවා පොඩ්ඩක් වෙනස් මිනිස්සු. Racist නෙමේ. Brown skin කට්ටිය එච්චර දකින්න නැති නිසා වෙන්න ඇති. Younger generation එක english පුළුවන්. මම යන හැම වෙලවකම අහනව කොහෙන්ද කියල. අපිත් indian කියල හිතන්නේ. එත් ශ්‍රි ලන්කන් කිවුවම දන්නවා ලංකාව ගැන.(සිරි ලංකා කියලා pronounce කරන්නේ )

    ගොඩක් theme parks තියෙනව . මම ගොඩක් ඒවාට ගිහින් තියෙනව. හොදට enjoy කරන්න පුළුවන්. මගේ කැමතිම water theme parks .
    Wife එක්ක යන නිසා language එක ගැන ප්‍රශ්නයක් එන්නේ නැහැ .
     
    • Like
    Reactions: msan