චීන ජාතිකයින් හැත්තෑවක් ලංකාවෙදි පැවිදි

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    චීන ජාතිකයින් හැත්තෑවක් ලංකාවෙදි පැවිදි

    972148_4710294115339_322498293_n.jpg


    මැ‍ලේසියාවේ වෙසෙන චීන ජාතිකයන් 70ක් ඊයේ (28) මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසදී සිය ආධ්‍යාත්මික සුවය පතා පැවිදි බිමට එක් විය. මෙසේ පැවිදි බිමට ඇතුළුවූවන් අතර චීන ජාතික භික්ෂූන් වහන්සේලා 30ක් හා චීන ජාතික දස සිල් මාතාවන් 40ක් වෙයි. මැ‍ලේසියාවේ පිනෑන් ශ්‍රී මහින්දාරාමාධිපති ඇල්ගිරියේ ඉන්ද්‍රරතන නාහිමිගේ අනුශාසනා පරිදි සසුන් ගත වූ පිරිස ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් රට ජාතියටත් සෙත් පතා දළදා මාලිගාව ඉදිරියේදී ජය පිරිත දේශනා කළහ.

    මොවුන් අතර ගිහි කලදී වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ඉන්ජිනේරුවරුන් ලෙස වෘත්තියේ යෙදුණු පිරිස් ද සිටී. එසේම එකම පවු‍ලේ මව, පියා ඇතුළු පුතුන් දෙදෙනා ද සසුන් ගත වී ඇත.

    මල්වතු නායක පාර්ශ්වයේ අනුනායක දිබුල්කුඹුරේ විමලධම්ම නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ කාරක සභික සොළොස්මස්ථානාධිපති වේනරුවේ ශ්‍රී උපාලි නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ‍ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමි ඇතුළු මල්වතු අස්ගිරි නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේ දී මෙම මහණ පින්කම පැවැත්වුණි.

    මෙම මහණ පින්කමේදී අදහස් දැක්වූ ඇල්ගිරියේ ඉන්ද්‍රරතන නාහිමි පැවැසුවේ අධික ලෙස වැඩ කිරීම නිසා වෙහෙසට පත්ව සිටින මෙම චීන ජාතිකයන් ආධ්‍යාත්මික සුවය පතා සසුන් ගත වීමට තීරණය කර ඇති බවයි.

    ආධ්‍යාත්මික සුවය ලබා ගැනීමට හැකි මාර්ගය වශයෙන් බුද්ධ දර්ශනය කෙරෙහි වඩාත් පැහැදීමකින් සිටින බවද උන් වහන්සේ එහිදී පැවැසූහ.


    http://www.facebook.com/photo.php?f...553824245565.2070695.1233945143&type=1&ref=nf
     
    • Like
    Reactions: Iron Monger

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ජීවිතයේ අනිත්‍යභාවය මෙනෙහි කර විදර්ශනා වඩා මේ සසරින් එතෙර වීමට ශක්තිය ලැබේවා! ෴සාදු! සාදු!! සාදු!෴

    දැන්ම rep දෙන්න බැරිලු.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සාධු සාධු සාධු!!!!
    මේ පිරිසට වත් නිර්මල බුදු දහම විනාශ කරන්නෙ නැතුව රැකගන්න ලැබේවා!
    මේ පිරිසට තමංගෙ අරමුණ වෙච්ච නිර්වාණය අවබෝධ කර ගැනීම හා බෞද්ධයන්ට පරමාදර්ශී චරිත වෙමින් ඔවුන්වද නිවන කරා යොමුකරන්න හැකියාව ලැබේවා!!!