චීන ජාතිකයින් හැත්තෑවක් ලංකාවෙදි පැවිදි
මැලේසියාවේ වෙසෙන චීන ජාතිකයන් 70ක් ඊයේ (28) මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසදී සිය ආධ්‍යාත්මික සුවය පතා පැවිදි බිමට එක් විය. මෙසේ පැවිදි බිමට ඇතුළුවූවන් අතර චීන ජාතික භික්ෂූන් වහන්සේලා 30ක් හා චීන ජාතික දස සිල් මාතාවන් 40ක් වෙයි. මැලේසියාවේ පිනෑන් ශ්‍රී මහින්දාරාමාධිපති ඇල්ගිරියේ ඉන්ද්‍රරතන නාහිමිගේ අනුශාසනා පරිදි සසුන් ගත වූ පිරිස ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් රට ජාතියටත් සෙත් පතා දළදා මාලිගාව ඉදිරියේදී ජය පිරිත දේශනා කළහ.
මොවුන් අතර ගිහි කලදී වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ඉන්ජිනේරුවරුන් ලෙස වෘත්තියේ යෙදුණු පිරිස් ද සිටී. එසේම එකම පවුලේ මව, පියා ඇතුළු පුතුන් දෙදෙනා ද සසුන් ගත වී ඇත.
මල්වතු නායක පාර්ශ්වයේ අනුනායක දිබුල්කුඹුරේ විමලධම්ම නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ කාරක සභික සොළොස්මස්ථානාධිපති වේනරුවේ ශ්‍රී උපාලි නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමි ඇතුළු මල්වතු අස්ගිරි නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේ දී මෙම මහණ පින්කම පැවැත්වුණි.
මෙම මහණ පින්කමේදී අදහස් දැක්වූ ඇල්ගිරියේ ඉන්ද්‍රරතන නාහිමි පැවැසුවේ අධික ලෙස වැඩ කිරීම නිසා වෙහෙසට පත්ව සිටින මෙම චීන ජාතිකයන් ආධ්‍යාත්මික සුවය පතා සසුන් ගත වීමට තීරණය කර ඇති බවයි.
ආධ්‍යාත්මික සුවය ලබා ගැනීමට හැකි මාර්ගය වශයෙන් බුද්ධ දර්ශනය කෙරෙහි වඩාත් පැහැදීමකින් සිටින බවද උන් වහන්සේ එහිදී පැවැසූහ.
http://www.facebook.com/photo.php?f...553824245565.2070695.1233945143&type=1&ref=nf