චීන මහා ප්‍රාකාරය සහ රාවණ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    චීන මහා ප්‍රාකාරය සහ රාවණ

    චීන මහා ප්‍රාකාරය හැදුවේ මොකටද කියල දන්නවද ?

    අප මහා හෙළ රජ රාවණ එකල චීනය ආසන්න මුහුදේ යුධ අභ්‍ය්යාසයක් සිදුකර ඇත.

    මෙයින් බියට පත් වූ චීනය වහා චීන මහා ප්‍රකාරය ගොඩ නැගිඉමට පටන් ගත්තේ හදිසියෙවත් රාවණගෙන්
    ප්‍රහාරයක් එල්ල වේ දෝ තිබු සැකය නිසාය.

    මෙය වත්මන් චීනයේ නිර්මාර්තු මාවෝ සේතුං ද දැන සිට ඇත.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පලයන් බොරු නොදැ චීනය රාවන රජතුමාගේ යටත් විජිතයක් වෙලා තිබුනේ
    මහා පරකාරේ හැදුවේ හෙළ බාස්ල
    චිනේ හිටපු කළු කොට කැත චීන්නු
    කොහොමද අච්චර විසාල
    පරකාරයක් හදන්නේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ ආකාරයෙන් චක්‍රවර්තී දසිස් රාවණා රජතුමා විසින් පාලනය කළ අතීත සිංහලන්ත (අද එංගලන්ත) දිවයිනේ හැම නගරයක් නගරයක් පාසාම තාමත් ශ්‍රී රාවණ නරේන්ද්‍රයාගේ කිතු ගොස ‍රැව්-පිළි‍-රැව්දේ. වර්තමානයේදී එංගලන්තයේ ඇති නගර වල නම් පවා බිහි වීමට රාවණ රජතුමා මූලික වූ බව අද සනාථ වී අවසානයි. ඒවා එකින් එක බලමු.

    රාවණ රජතුමාගේ අනුදැනුම අනුව ලංකාපුර රාජධානියේ සිට එංගලන්තය ලෙස අද හැඳින්වෙන බිම ශිෂ්ටාචාර කිරීමට ගොඩබිමින්, ගුවනින්-දඬුමොණර යාත්‍රා වලින්, මුහුදෙන් මෙන්ම මූද යටින් ග්‍රීසිය හරහා බටහිරට සංක්‍රමණය වූ හෙළ අසුර සේනාව, සිංහලන්තයේදී කමියුනිටියක් ලෙස "හැමිල්ටන්" හීදී මූලිකවම එක් වුණි.
    හෙළයන් හැමෝම එක් වූ තැන => හැම+හෙළ+ස්ථානය => Hamilton

    ඊට අමතරව කවදත් යුද්ධයේ දක්ෂ රකුසන් (රක්+උස්=රකුස්) අවකාශකාළ පණු සිදුරක් හරහා (අපගේ ඉපැරණි පුස්කොළපොත් කියවූ බටහිරයින් එය Wormhole ලෙස හඳුන්වතත් තාමත් උන්ට එය අවබෝධ කරගැනීමට නොහැකි වී ඇත) පැමිණි තැනට ඇක්ස් බ්‍රිජ් ලෙස හැඳින්වුණි. ඇක්ස් යනු "යක්ෂ" යන්නෙහි යුරෝපීය රාවණ යටත් වැසියා භාවිතා කළ "යක්ස්" යන්නට පසුව යෙදුණු ව්‍යවහාර නාමයකි.
    යක්ස්+රකුස්=ඇක්ස්. යකුන් සහ රකුසන් පැමිණි අවකාශකාළ පණු සිදුර "ඇක්ස්-බ්‍රිජ්" නම් විය.
    ඇක්ස්+බ්‍රිජ් = Axbridge

    යක්ෂ ගෝත්‍රයේ අග රජු වූ රාවණයන්ට බිහිසුණු භූත සේනාවක්ද සිට ඇත. අද එංගලන්තය ලෙස හැඳින්වෙන භූමිය ආක්‍රමණයට රාවණ අනින් පැමිණි ඔවුහු මුලින්ම ප්‍රාදුර්භූත වූයේ මේ "භූතල්" නම් ස්ථානයෙන්ය.
    භූතයින් සපැමිණි තලය => භූතලය => භූතල් => Bootle

    අදද බුද්ධි අංශය යනු හමුදාවක ඇස් කන් වාගේය. රාවණ සමයේත් එසේමැයි. ඉතින් එම ආක්‍රමණයට ගිය රවණ රජුගේ සේනාවේ බුද්ධි අංශය රඳවා තැබූ තැන, රාවණ රජතුමාගේ අස් සහ කන් ලෙස ප්‍රකට විය. පසුව එය ඇස්කර්න් විය.
    ඇස් සහ කන් => ඇස්කර්න් => Askern


    චතුරාංගනී සේනාව සැපැමිණි පසුව ආක්‍රමණය පුද්ගලිකවම මෙහෙයවීමට යුද්ධයේ හසළ දක්ෂයෙක් වූ රාවණ රජතුමා පැමිණියේය. එතුමා පැමිණියේ රසදිය+න්‍යෂ්ඨික තාක්ෂණය භාවිතාවෙන් ඉගිලෙන පුෂ්පකය නැමති යෝධ කුරුල්ලෙකුගේ හැඩය ඇති දඬුමොණරයෙනි. රාවණයන්ගේ යෝධ දඬු මොණර යන්ත්‍රය මහා පක්ෂි ස්වරූපය දැකීමෙන් එදා එහි සිටි සෙල්ටික් වැසියෝ ඇත්කඳලිහිණි සංකල්පයක් හදාගත්තේය. ඒ අනුව ක්‍රේවන් යනු ඇත් කඳ ලිහිණියා නම් යෝධ පක්ෂියාට කියන නාමයකි. දඬුමොණරයේ පාද තබා ගොඩ බෑ තැන ක්‍රේවන් ආම්ස් නම් විය.

    ඇත් කඳ ලිහිණියාගේ පාද => ක්‍රේවන් ආම්ස් => Craven Arms

    උගේ පා තැබූ ස්ථානය ලෙස ක්‍රේවන් ආම්ස් නැමැති ස්ථානය ප්‍රකටව තිබුණත්, මෙහි සැබෑව දන්නේ හෙලුවන් කීප දෙනෙකුම පමණි. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසෙන් මෙම පක්ෂි ස්වරූපය මෙපරිද්දෙන් විග්‍රහ කෙරේ

    "රාවා ශස්ථ පාද ආකාශ සල සුමට්ට - ප්‍රාක ගිරු රූප - අප්‍රාක නර සීහ"

    මින් අදහස් කෙරෙන්නේ රාවණා ආකාශයේ ගෙන ගිය යන්ත්‍රයේ ඉහළ කොටස ගිරවෙකුගේ හැඩයෙන් යුතු අතර, පහත කොටස නර සීහ නම් සත්වයාගේ හැඩයෙන් යුතු වන්නේය යන්නය. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසට එවැනි හෙළු නොවන නමක් වැටී ඇත්තේ එය වසර සිය ගණනක් "නොබ්බේ" නැමැති මැලේ ජාතිකයන් විසින් සුරැකිව තබා ගත් නිසාය.


    http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_29.html
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    දසිස් රාවණා අධිරාජ්‍යයාට හිස් ගෙඩි දහයක් තිබුණු බව ඔබ සැවොම දනී. දසිස් රාවණා අධිරාජ්‍යයා අතීත එංගලන්තය ආක්‍රමණය කිරීමට ගිය මොහොතේදී මුල් වරට සෙල්ටික් පුරවැසියන් අබිමුවෙහි තම චන්ද්‍රහාස් අසිපත සුරතට ගෙන, තවත් අවි ආයුධ මායාවෙන් මවා ගත් අත් වලට ගෙන, කාලවර්ණ බියකරු දේහයක් පෙන්වමින් අහසට නැගී මේඝනාදය කරමින් සිය තේජෝ බල පරාක්‍රමයෙන් පෙනී සිටි දිනයේ, සිංහයෙකු දුටු මුව පොව්වන් මුළක් සේ භීෂණයට පත් සෙල්ටික් වැසියෝ "රාවණා නම් හිස් ගෙඩි දහයක්(ටෙන්) සහිත උස පුරුෂයෙක්(ටෝල්) පැමිණ ඇත" යනුවෙන් විළාප කීහ. එම මුල් දර්ශණය වූ ස්ථානය "රෝව්+ටෙන්(හෙඩ්ස්)+ටෝල්" හෙවත් රෝව්ටෙන්ස්ටෝල් විය.
    "රෝව්+ටෙන්(හෙඩ්ස්)+ටෝල්" => රෝව්ටෙන්ස්ටෝල් = Rawtenstall

    කුළු හෙවත් කුලා ලෙස හඳුන්වනුයේ එංගලන්තයේ බහුලව දක්නට ලැබෙන කඳුකර ගවයන්ය. ශීත කඳු ශිඛර මත වාඩි ලා ගෙන සිටි පෙරදිගින් ගිය රාවණ හමුදාවන්ට ශීතලෙන් ආරක්ෂා වීම සඳහා මේ කුළු ගවයන්ගේ ලොම් අවශ්‍ය විය. ඉතින් ගවයින්ගේ ලොම් ගෙන ගබඩා කළ තැන්, කුළු ලෝම තැන් නම් විය. පසුව එය කුල්ලෝම්ප්ටන් නම් විය.
    "කුළු + ලෝම + තැන්" => කුල්ලෝම්ප්ටන් = Cullompton

    අතිශයින් විෂ රසායනිකයන් පොවණ ලද වැලක් බඳුවූ "නැබ්බ තිති" ආයුධය රාවණාගේ පෙරමුණේ සෙනෙවියන් භාවිතා කළ සුපිරි අවියකි. මේ අවිය "ගැම්මා අහයි එට් බැක්ස්" නම් බටහිරින්ම සොයා ගත් දුර්ලභ රතු පැහැ විෂෙහි ඔබා සකස් කරන ලද අවියකි. එහෙයින් හෙලුවෝ මෙයට "රත් වැල්" ලෙස හඳුන්වනු ලැබීය. ඒ අවි ගබඩා කළ තැන "රත්වැල්" හෙවත් "රොත් වෙල්" නම් විය.
    රත්වැල් => රොත් වෙල් = Rothwell

    එංගලන්තය යටත් කිරීමට දැන් සියල්ලම සූදානම්ය, යුද පෙරමුණ ඇරඹුනි. රාවණ රජතුමාගේ අණ ලැබෙන තුරු සන්නාහ සන්නද්ධව කොඩිතුවක්කු ඇතුළු නවීනතම අවි අතට ගත් හෙළ සේනාවෝ එක් පසෙක සීරුවෙන් බලා සිටී. අනෙක් පස අඩ නිරුවතින් සිටින අමුම අමු ගෝත්‍රිකයින් වූ සෙල්ටික් වරුන් දුනු ඊතල වලින් සන්නද්ධව මාන ලා සිටී. අවශ්‍ය ඕනෑම මොහොතක ඉදිරියට ගොස් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට දෙදහසක් පමණ වූ දඬුමොණර සේනාංකය මදක් පොළොවෙන් ඉහළට එසේවිණි. ඊට ප්‍රතිචාර වස් සෙල්ටික් ගෝත්‍රිකයින් කළේ හූ නාදයක් පැවැත්වීම පමණි. මේ අතර රා-ක‍ටුවකින් අහසට පැන නැංග රාවණ පුත් ඉන්ද්‍රජිත් ස‍ඳෙහි සවි කර තිබූ තම ලේසර් තුවක්කුව කෙළින්ම එංගලන්තය තිබූ භූමිය දෙසට මාන ලෑවේය.
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    Thopi thanakola kana harakda lajjai apitath ekkama.mona gon kathda ban oya welawata oya gobba 4th class blog sinhalen thinne owa english walin dala thibuna nam loke un hithanawa sinhalayo kiyanne harak kiyala ubala wage upan geyi modayo nisa .tho podi kale pol kirida biwwe
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    boru kiaynna epa yako.. potha patah kiyavala balapan. ubala ravanava vikunanne ai. histry eka vikurthi kaanna epa. ubala hadanne lankawe histry eka joke 1k karannada?????????????????????
     

    zylone

    Member
    Jan 31, 2012
    73
    4
    0
    adoo patta athal :D thawa ravana gana danooo, pattama patamma athal thread eka :D :D hina welama pana yanawa :D :D elama ela kiri!!!1
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ubalata pissu hadilada ban

    හුදෙක් රසාස්වාදය සඳහා පමණි. කියවල බඩ අල්ලාගෙන හිනා වෙන්න තියෙන්නේ. හැබැයි වැරදිලාවත් කාටවත් කියන්න එපා එහෙම උනොත් උන් හිතයි උඹේ මොලේ ගෙඩියක් කියල :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය රාවනාට බැරිද මහින්දව උස්සන්න ??
    including the first family ?? එතකොට රාවනාට පුලුවං මේක takeover කරලා රට සිංගප්පූරුව වගේ කරන්න