චීන_සවාරිය

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නුල ඉදිරියට ගෙනයමින් පවතී. රැඳී සිටින්න

    chine kama kohomada, rathu hale bathui malu ambul thiyalui thibbada (mokada lankawe wadi hariyak chineese ne) :)

    athal eke rata thota balala parissamen waren.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචං තව දාපන්. නියමයි මචං... ඉතිරි පොටොස් සේරැම දාපන් විස්තරත් එක්ක. තෑන්ක්ස් උඹට..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    චීන දියුණු වෙලා තියෙන්නේ ලංකාවේ ප්‍රොජෙට් ටිකම කොරලද මන්ද
    එළකිරි රට බලහන්කො පිරිසිදු කම කොලබ එක්ක බලද්දී
    හැබැයි ඉතින් ලංකාව වගේ නෑ නේද කොහෙත්
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    චීන සවාරියේ තෙවන කොටස.

    චීන සවාරියේ තුන්වන කොටස . මේ වෙනකොට විශාල + REP ලැබෙමින් පවතිනවා. බෙහෙවින්ම ඔබ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා මාව දිරිමත් කිරීම සම්බන්දයෙක්. අපේ මීලග සවාරිය වන්නේ රුසියාවේ උතුරු සයිබිරියව . මෙහිදී අනිවාර්යෙන්ම අපි Video Documentary එකක් සිංහලෙන් කරන්න බලාපොරොත්තුවෙනවා . මොකද ලෝකේ ගොඩක් වීඩියෝ වැඩසටහන් තියන්න ඉංග්‍රීසියෙන්. ඉතින් අපේ සිංහල වැඩසටහන සාර්ථක වේ යයි උපකල්පනය කරමු.


    තව ගොඩක් අය අහල තිබ්බ චීනයට යාමට VISA ලබා ගන්නේ කොහොමද කියල. ඇත්තටම ඒක ටිකක් අමාරු වැඩක් . නමුත් උත්සහ කලාම අනිවා ගන්න පුළුවන් . අපිට නම් එචර ප්‍රශ්නයක් උනේ නැහැ වාසනාවට හෝ අවාසනාවට අපි විදේශීය ගමන් බලපත්‍ර හිමියන් නිසා ( Passports ). විසා පිලිබඳ වැඩිපුර තොරතුරු ඕනනම් මට PM එකක් දන්නා. හැකි පමණින් උදවු කරන්නම්.


    ඉතින් දැන් අපි චීනයට අවා කිවනේ , අපි රාත්‍රියට හොදට කාල බිල ඇවිත් නිදාගත්ත. ඕන දැන් දෙවන දවසේ එළිවෙලා උදේ 9 ට විතර ඇති. ඒ කියන්න 01 / 10 /2013. ඇහැරෙනකොට අහස උසට Buildings . චීනයේ ඇති buildings ගැන සහ සංවර්ධනය ගැන මම පසුවට කියන්නම්. දැන් අපේ හිපි bags ටිකත් උස්සගන නැවතත් බායුන් ගුවන් තොට වෙත පැමිණිය. මොකද airport එකෙන් තමයි ශේන්සෙන් වලට යන bus එක දෙන්න. එක ටිකක් දුර ගමනක්. මම හිතන්න කිලෝමීටර 150 කට වැඩියි වගේ. හරියටම පැය 2.30 ගමනක්.
    නවතන වන
    ඉතින් අපි යුවාන් 200 දීල ගත්ත ටිකත් දෙකක්.china යුවාන් එකක් ලංකාවේ මුදලින් රුපියල් 22 පමණ වෙනවා.

    ඔය ඉන්න අපි දෙන්න තමයි bus එක එනකම්.

    byct.jpg


    මේ තමයි අපි යන බස්රථය . මෙහෙ ලේලන්ඩ් එහෙම නැ හොදේ. :lol::lol: මේ බස්රථ ඉතාමත් සුව පහසු වාහන. මේවයේ යනවා ඇඟට දැනෙන්නේ නැහැ. මෙහෙ පොදු ප්‍රවාහන සේවා ඔක්කොම වායුසමනය කල වාහන. ඉතින් කිසිම වෙහෙසක් නැතුව තමන්ගේ කාර්යට යන්න පුළුවන්.

    r1jwbn.jpg



    මේ අපි බස් එකේ Baiyun International airport සිට shenzhen දක්වා යන අතරතුරේදී ගත්ත වීඩියෝවක්. හැබයි මේකනම් පැහැදිලි මදි . මොකද අපි ගිය බස් එකේ විදුරු ඔක්කොම ටින්ට් කරලා.



    මේ තවත් ගන්න ලද පින්තුර කිහිපයක්. මේවත් ටිකක් අපැහැදිලි පින්තුර. අහෝ ටින්ටඩ් වීදුරුවක් දුන් වද.

    ct8z.jpg


    මේවා ඔක්කොම Highways

    62gt.jpg


    624u.jpg


    sstl.jpg



    දැන් අපි ශේන්සෙන් වලට ආව. බස්රථය නැවැත්තුවේ හරිම අපූරු තැනක. කොන්ක්‍රීට් වනාන්තරයක් උවත් ගහකොළවලින් පිරුණු ප්‍රදේශයක්. මම මේ ස්ථානයට අතිශයින් ප්‍රිය කලෙමි.

    05vj.jpg


    dcw.gif



    දැන් අපේ නවාතැන වන ශේන්සේන්හි ඇති Shanglin Yuan හෝටලය වෙත පැමිණියෙමු. ඉතාමත් පිරිසිඳු සහ මිත්‍රශීලි කර්ය මණ්ඩලයක් සිටින සියලු පහසුකම්වලින් සමන්විත තරුපන්තියේ අංගසම්පුර්ණ හෝටලයකි. මේ හෝටලය සඳහා අප Agoda හරහා ගෙවුවේ ඩොලර් 40 ක් පමණ මුදලකි. ( එක් රාත්‍රියක් සඳහා )

    caption.jpg


    මේ හෝටලය පිහිට තියෙන්න බාගුවා පාරේ . අපි මේක තෝරගත්තේ එලෙක්ට්‍රොනික මාර්කට් එකට ගොඩක් ළඟ නිසා. Electronic City එකට ටැක්සියේ යනවනම් යුවාන් 18 ක දුර.

    කවදාහරි දවසක ඔබ මෙහි යනවනම් මේ තොරතුරු ඔබට ගොඩක් වැදගත් වේවි. ගිහින් මුණ ගැහෙන්න "හු සේෂා ව ". ඇය ඉතාමත් මිත්‍රශීලි ඉංග්‍රීසි කතාකරන ප්‍රියමනාප තරුණියකි. ඇය පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස එම හෝටලයේ සේවය කරන්නීය. අනිවාර්යයෙන්ම ඇයට මෙහිදී විශේෂ ස්තුතියක් හිමිවන්න ඕන. ඇය අපට ගොඩක් දේවල් වලට උදවු උපකාර කලා . ඇය ගැනත් මම පසුවට සදහන් කරන්නම්.

    මෙන්න හෝටලේ ලිපිනය
    Shanglinyuan Hotel
    106 Bagua 2nd Road, Futian District, Shenzhen, China

    මේ අපි ඉන්න බාගුවා පාරේ.

    3jys.jpg


    agp5.jpg


    රැඳී සිටින්න ඊළගට අපි යන්න අහස සිබින ගොඩනැගිලි අතර ඇති ඉලෙක්ට්‍රොනික වනාන්තරයකට. මතුසම්බන්දයි
     
    Last edited: